''සරම්ප යැයි සැක නම් වහාම වාර්තා කරන්න'' සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්..
Wednesday, 29 April 2026 - 11:46 | Views - 79
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන් වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවයිනේ සියලුම වෛද්‍යවරුන්වෙත විශේෂ නියෝගයක් නිකුත්කරලා තිබෙනවා.

ඒ අනුව, සරම්ප රෝගය යැයි සැකකළ හැකි ඕනෑම රෝගියෙකු පිළිබඳව ජාතික නිරීක්ෂණ පද්ධතිය හරහා වහාම වාර්තාකරන ලෙස දැනුම්දී තිබෙනවා.

රෝගී තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා මේ පියවරගත් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ සඳහන්කළා.

උණ සමඟ සමේ පලු දැමීම හෝ රතු පැහැති ලප (Rashes) සහිත රෝගීන් පැමිණියහොත් ඔවුන්ව වැඩිදුර අධීක්ෂණය සඳහා රජයේ රෝහල්වෙත යොමුකරන ලෙස පෞද්ගලික අංශයේ වෛද්‍යවරුන් වෙත උපදෙස් ලබාදෙමින් ඔහු පවසා තිබෙනවා.

සරම්ප පැතිරීම පාලනය කිරීමට ඇති එකම විසඳුම එන්නත්කරණය බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙන අතර දරුවන්ගේ එන්නත් මාත්‍රාවන් නිසි පරිදි ලබාදී ඇත්දැයි පරීක්ෂාකරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මාස 9 සිට අවුරුදු 3 දක්වා: අවම වශයෙන් එක් මාත්‍රාවක් ලබාගත යුතුය.

අවුරුදු 3 සිට 15 දක්වා: එන්නත් මාත්‍රාවන් දෙකම සම්පූර්ණකර තිබිය යුතුය.

පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසුව මෙරටින් සරම්ප රෝගීන් වාර්තාවී නොතිබුණත්, පසුගිය මාසයේදී රෝගීන් දෙදෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

මේ රෝගීන් දෙදෙනාම විදේශගතව සිට මෙරටට පැමිණි අය බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කළා.

තමන්ට හෝ තම දරුවන්ට උණ සමඟ සමේ පලු දැමීමක් වැනි රෝග ලක්ෂණ පවතී නම්, ප්‍රමාද නොවී වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top