නින්දේදී මොළය අපට එවන්නේ අනාගත අනාවැකිද? විද්‍යාඥයින් හෙළිකළ සිහින ලෝකයේ අබිරහස මෙන්න.
Tuesday, 28 April 2026 - 9:50 | Views - 79
සිහිනයක් නිසා ජීවිතය බේරාගන්න ලැබුණා යැයි කීවොත් ඔබ එය විශ්වාස කරනවාද? නමුත් හොංකොං රාජ්‍යයේ පදිංචි ඇඩ්ලීන්හට එවැනි අත්දැකීමකට මුහුණදෙන්න සිදුවෙලා තිබෙනවා.

වසර 3කට පෙර මියගිය ඇගේ මව සිහිනයෙන් පැමිණ "පුළුවන් තරම් ඉක්මනට ගිහින් පරීක්ෂණයක් කරගන්න" යැයි පවසා තිබෙනවා.

ඒ අනුව වෛද්‍යවරයකු හමුවූ ඇයට, මාරාන්තික පිළිකාවක් මුල් අවධියේදීම හඳුනා ගැනීමට හැකිවෙලා තිබෙනවා.

නමුත් විද්‍යාත්මකව බලනකල අපේ මොළය මෙවැනි පණිවිඩ එවන්නේ කෙසේද? ඒ පිළිබඳව විද්‍යාඥයින් විවිධ මත පළකර තිබෙනවා.

අප නින්දේදී 'REM' (වේගවත් අක්ෂි චලන) අවස්ථාවට පිවිසෙන සෑමවිටම පාහේ සිහින දකිනබව ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ ආචාර්ය අබිදෙමි ඔටයිකු පෙන්වාදී තිබෙනවා. අපගේ මුළු නින්දෙන් තුනෙන් එකක්ම ගෙවීයන්නේ සිහින ලෝකයේ බව හෙළිවෙලා තිබෙනවා.

සිහින දකිනවිට මොළයේ තර්කනය පාලනය කරන 'ලලාට ඛණ්ඩිකාව' අක්‍රියවන අතර, හැඟීම් පාලනය කරන 'ලිම්බික් පද්ධතිය' අධික්‍රියාකාරීවෙලා තිබෙනවා.

සිහින එතරම් පුදුම සහගත ලෙස පෙනෙන්නේ ඒ නිසයි.

ප්‍රශ්න විසඳන්නත් සිහින උදව් වෙනවාද? ඔව්, විද්‍යාත්මක පර්යේෂණ මගින් ඒ බව සනාථවෙලා තිබෙනවා.

දුම්පානය නතර කිරීමට උත්සාහ කරන පිරිස් ඒ පිළිබඳව සිහින දකිනවිට, ඔවුන් සාර්ථකවීමේ සම්භාවිතාව වැඩිබව හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකින් හෙළිවෙලා තිබෙනවා.

ගැටලුවක් දෙස වඩාත් නිර්මාණාත්මක ලෙස බැලීමට මොළයට සිහින මගින් ඉඩකඩ ලැබිලා තිබෙනවා.

මෙය බොහෝවිට මොළයේ "අන්තර් සංජානන" (Interoception) හැකියාව සමඟ සම්බන්ධවී ඇතිබව විද්‍යාඥයින් පවසනවා.

එනම් ශරීරය ඇතුළත සිදුවන ඉතා කුඩා වෙනස්කම් වටහා ගැනීමට මොළයට හැකියාව තිබෙනවා.

ඇඩ්ලීන්ගේ සිහිනයට හේතුවද, ඇගේ සිරුරේ හටගනිමින් තිබූ පිළිකා සෛල ගැන මොළය වටහාගෙන එය සිහිනයක් හරහා පණිවිඩයක් ලෙස එවීම වියහැකි බවට මත පළවෙලා තිබෙනවා.

බොහෝවිට බියකරු සිහින පෙනීම, අනාගතයේදී ඇතිවිය හැකි ඩිමෙන්ශියාව හෝ පාකින්සන් වැනි රෝගවල මුල් ලකුණක් වියහැකි බව ස්නායු විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා.

එබැවින් නිතරම නපුරු සිහින පෙනෙන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත්බව ඔවුන් පවසා තිබෙනවා.

අවසාන වශයෙන්, සිහිනයනු හුදු මනඃකල්පිතයක් පමණක් නොව, අපේ මොළය අපට ලබාදෙන ඉතා වැදගත් සංඥා පද්ධතියක් බව විද්‍යාව විසින් තහවුරු කරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top