සීනි පාලනය කරගෙන අවුරුදු කෑම රස බලන්නේ කොහොමද? මෙන්න වෛද්‍ය උපදෙස්.
Saturday, 18 April 2026 - 14:18 | Views - 66
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට තියෙන ලොකුම උත්සවයනේ. ඉතින් මේ කාලේදී නෑගම් යනවා, සාද පවත්වනවා වගේම රසම රස කැවිලි පෙතිවලිනුත් අඩුවක් නැහැ.

හැබැයි මේ හැමදේම අතරේ අපේ සෞඛ්‍යය ගැන පොඩ්ඩක් අමතක වෙනවා වැඩියි. විශේෂයෙන්ම දියවැඩියාව වගේ රෝගී තත්ත්වයන් තියෙන අය මේ අවුරුදු කාලේදී කෑමබීම ගැන දෙපාරක් හිතන්නම ඕනේ.

පසුගිය දිනක සෞඛ්‍ය අංශ නිකුත්කළ වාර්තා අනුව ලංකාවේ වාර්ෂික මරණවලින් 83%ක්ම සිදුවන්නේ බෝ නොවන රෝග නිසා. ඒ අතරිනුත් හෘදයාබාධ හා දියවැඩියාව ප්‍රධාන තැනක් ගන්නවා.

අපි කන බොන දේවල කැලරි ප්‍රමාණය ගැන අවබෝධයක් තිබීම හරිම වැදගත්. වෛද්‍යවරුන් පෙන්වා දෙන විදිහට කොණ්ඩ කැවුමක කැලරි 156ක් පමණ, අලුවා කෑල්ලක කැලරි 88ක් පමණ, සාමාන්‍ය ප්‍රමාණයේ කිරිබත් කෑල්ලක කැලරි 320ක් පමණ අඩංගු වෙනවා.

හිතන්න, ඔබ මේවා කිහිපයක් එකවර ආහාරයට ගත්තොත් ඔබේ සිරුරේ සීනි මට්ටම කොයි තරම් ඉහළ යාවිද කියලා?

ඔබට දියවැඩියාව තිබුණත්, සම්ප්‍රදායික අවුරුදු කෑම මේ විදිහට පාලනය කරලා රස බලන්න පුළුවන්.

එක වේලකට එක වර්ගයකින් එක කෑල්ලක් පමණක් තෝරාගන්න.

අවුරුදු කෑම කන අතරතුර බොන තේ එකට හෝ කිරි තේ එකට සීනි එකතු කරගන්න එපා. ඒකෙන් සීනි වැඩිවීම යම් ප්‍රමාණයකට පාලනය වෙනවා.

දහවල් කාලයේදී රසකැවිලි හා බර ආහාර ගත්තා නම්, රාත්‍රී ආහාරයට බත් හෝ පිෂ්ඨය අධික දේවල් නොගෙන, එළවළු සුප් එකක් හෝ මාළු කෑල්ලක් වැනි ප්‍රෝටීන් සහිත සැහැල්ලු කෑමක් ගන්න.

කැවිලි හදනකොට වගේම කිරිබත් කපන කොටත් වෙනදාට වඩා කුඩා කැබලිවලට සකස්කරන්න. එතකොට අපිට ලැබෙන කැලරි ප්‍රමාණයත් ඉබේම අඩුවෙනවා.

ඔබ දියවැඩියාවට බෙහෙත් ගන්නා කෙනෙක් නම්, උත්සව වැඩ නිසා බෙහෙත් බොන්න අමතක කරන්න එපා.

කැවිලි බදිනකොට එකම තෙල් එක නැවත නැවත රත්කරලා පාවිච්චි කරන්න එපා. ඒකෙන් ශරීරයට අහිතකර Trans Fat හැදිලා හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩිකරනවා.

ඉතින් මේ පාර අවුරුද්දේ රසම රස කැවිලිවල රස බලන ගමන්, ඔබේත් ඔබේ පවුලේ අයගේත් සෞඛ්‍යය ගැනත් ටිකක් හිතන්න.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තාරුකා, තමන්ගේ පෞද්ගලික...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top