බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ ශීතකරණ තුළ ඇති එන්නත්වලට චීන හැකර් තර්ජනයක්?
Friday, 17 April 2026 - 8:05 | Views - 64
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙලා තිබෙනවා.

රෝහල්වල ඇති අතිනවීන ශීතකරණ පද්ධති පවා මේ වනවිට අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත්තේ කාර්ය මණ්ඩලයේ පහසුව සඳහායි.

නමුත් මෙම පහසුව පිටුපස බරපතළ ආරක්ෂක අවදානමක් සැඟවී තිබෙන බව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන පුවත් මඟින් අනාවරණය වෙලා තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ රෝහල් ශීතකරණ අන්තර්ජාලයට සම්බන්ධ කරන සෙලියුලර් ඉන්ටර්නෙට්-ඕෆ්-තින්ග්ස් මොඩියුල (CIMs) නමැති කුඩා උපාංග බොහෝ විට චීනයේ නිෂ්පාදිත ඒවා බවයි.

මෙම උපාංග හරහා චීන පාලනයට හෝ හැකර්වරුන්ට දුරස්ථව සිට ශීතකරණ පද්ධතිවලට රහසිගතව ඇතුළු වීමේ තාක්ෂණික හැකියාවක් පවතින බවට ‘සුරක්ෂිත තාක්ෂණය පිළිබඳ සන්ධානය’ (Coalition on Secure Technology) අනතුරු අඟවලා තිබෙනවා.

වෛද්‍ය ශීතකරණ තුළ ගබඩා කර තිබෙන එන්නත්, රුධිර සාම්පල සහ ඖෂධ ඉතා නිවැරදි උෂ්ණත්වයක පවත්වා ගත යුතුයි.

හැකර්වරයෙකු මෙම පද්ධතියට ඇතුළු වුවහොත් ඔවුන්ට උෂ්ණත්වය වෙනස් කිරීමට හෝ ශීතකරණ ක්‍රියාවිරහිත කිරීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම පද්ධතියේ දෝෂයක් ඇති වූ විට නිකුත්වන අනතුරු ඇඟවීමේ සංඥා (Alarms) අක්‍රියකළ හැකියි. උෂ්ණත්වය නිවැරදිව පවතින බව පෙන්වීමට දත්ත ව්‍යාජ ලෙස සැකසීමත් (Spoofing) පුළුවන්.

මෙහි භයානකම තත්ත්වය වන්නේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සියල්ල නිවැරදි යැයි සිතා සිටියදී පවා එන්නත්වල ගුණාත්මකභාවය විනාශ වී තිබීමට ඉඩ තිබීමයි.

මෙය රෝගීන්ගේ ජීවිත සෘජුවම අවදානමට ලක් කරන ක්‍රියාවක් ලෙස සැලකෙනවා.

සෞඛ්‍ය සේවය මෙවැනි තීරණාත්මක කටයුතු සඳහා චීන නිෂ්පාදිත උපාංග මත පමණට වඩා යැපීම මහජනතාවට පවතින පැහැදිලි හා ආසන්න අනතුරක් බව ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ග්‍රේම් ඩව්නි පවසනවා.

තාක්ෂණයෙන් වැඩ ලේසි වුවත්, ඒ හරහා සතුරු පාර්ශවයන්ට රටක සෞඛ්‍ය පද්ධතියකට හානි කිරීමට ඉඩ ලැබීම ඉතා බරපතළ කරුණක්.

මේ නිසා අනාගතයේදී තාක්ෂණික උපාංග මිලදී ගැනීමේදී ආරක්ෂාව පිළිබඳව මීට වඩා දැඩි වගකීමකින් කටයුතු කළයුතු බවට විශේෂඥයන් මත පළකර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අද අපි හැමෝම ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල...
Hiru Tv Blog
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තාරුකා, තමන්ගේ පෞද්ගලික...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම, දුටු පමණින් නෙත් ඇද බැඳ ගන්නා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ගැන උනන්දුවෙන ඔයාලා හැමෝම ශනුද්‍රි ප්‍රියසාද්ව හොඳටම දන්නවනේ....
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...
Hiru Tv Blog
අඩසියවසකට පසු පෘථිවිය දිස්වුණු අපූරුව! ‘Hello World’ කියමින් Artemis II සඳ ගමනෙන් ආ සුපිරි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top