Phone එක නිසා ඔයාටත් නින්ද යන්නේ නැද්ද? ඇඟටත් නොදැනී ලෙඩ කරන "ඩිජිටල් රකුසාගෙන්" බේරෙමු!
Sunday, 12 April 2026 - 11:34 | Views - 132
අද කාලේ උදේ ඇහැරිච්ච වෙලාවේ ඉඳන් රෑ නිදාගන්නකම්ම අපේ අතේ තියෙන සමීපතම මිතුරා තමයි ස්මාර්ට් ෆෝන් එක. හැබැයි මේ හොඳම යාළුවා ඔයාටත් නොදැනීම ඔයාව ලෙඩ කරනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවාද?

ඔයාත් රෑට නිදාගන්න කලින් පැය ගාණක් ෆෝන් එකේ Facebook, TikTok එහෙම නැත්නම් YouTube බලන කෙනෙක් නම්, මේ ලිපිය අනිවාර්යයෙන්ම ඔයාටයි.

අපේ ෆෝන්වලින් නිකුත් කරන Blue Light නිසා මොළයට ලැබෙන්නේ තවමත් දවල් කාලය කියන වැරදි සංඥාවයි. මේ නිසා නින්දට උදව් කරන "මෙලටොනින්" හෝමෝනය නිපදවීම අඩාල වෙනවා.

මේ නිසා ඔබට පැය ගණන් ඇඳේ එහාට මෙහාට වුණත් නින්ද නොයාම, උදේට නැගිටින විට දැනෙන තෙහෙට්ටුව, ඇස් පෙනීම දුර්වල වීම හා මානසික ආතතිය ඇතිවෙන්න පුලුවන්.

මේකෙන් මිදෙන්න නම් ඔයාගේ කායික මානසික සුවය වෙනුවෙන් අද ඉඳන්ම මේ පුංචි පුරුදු ටික ඇති කරගන්න. ඒ පුරුදු තමයි,

පැයක නීතිය - නිදාගන්න අවම වශයෙන් පැයකට කලින්වත් ෆෝන් එක ඇතුළු සියලුම විද්‍යුත් උපකරණ ක්‍රියාවිරහිත කරන්න.

පොතක් කියවන්න - ෆෝන් එක වෙනුවට පොතක් කියවන්න පුරුදු වෙන්න. ඒකෙන් මොළයට දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක්.

Night Mode පාවිච්චි කරන්න - දවල් කාලයේදී වුණත් ෆෝන් එකේ තියෙන Blue Light Filter එක පාවිච්චි කරන්න අමතක කරන්න එපා.

"අපි තාක්ෂණය පාලනය කරනවා මිසක්, තාක්ෂණයට අපිව පාලනය කරන්න ඉඩ දෙන්න එපා." ඉතින් ඔයාත් අද රෑ ඉඳන් මේ පුරුදු ඇතිකරගෙන නීරෝගීව ඉන්න අමතක කරන්න එපා.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top