තිබහට වතුර විතරක් බීලා මදිද? මේ ලක්ෂණ ඔයාගේ ඇඟෙන් පෙන්වනවා නම් වැඩේ ටිකක් බරපතලයි!
Sunday, 12 April 2026 - 10:36 | Views - 135
අපි හැමෝම දන්නවා ජීවත් වෙන්න වතුර කොච්චර වැදගත්ද කියලා. හැබැයි ගොඩක් දෙනෙක් වතුර බොන්නේ පිපාසයක් ආවොත් විතරයි. "මොනවා බිව්වත් වතුර බිව්වා වගේ නැහැ" කියලා අපි නිතරම කියන්නේ ඒකයි.

හැබැයි ඔයා දන්නවාද, අපේ ඇඟට අවශ්‍ය ප්‍රමාණයට වතුර ලැබෙන්නේ නැති වුණාම ශරීරය අපිට විවිධ සංඥා නිකුත් කරනවා කියලා?

අද කතා කරන්නේ, ඔයා වහාම වතුර බොන ප්‍රමාණය වැඩි කරන්න කියලා ඔයාගේ සිරුර පෙන්වන රතු නිවේදන කිහිපයක් ගැනයි.

1. තොල කට වියළීම හා නිතර දැනෙන පිපාසය

මේක තමයි පැහැදිලිම ලක්ෂණය. සමහරු තොල කට වියළෙනකොට පැණි බීමක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක තාවකාලික විසඳුමක් විතරයි, ඒ වගේම ඒකෙන් වෙන්නේ ප්‍රශ්නය තවත් වැඩිවෙන එක. වතුර බිව්වම විතරයි මුඛයේ හා උගුරේ තෙතමනය රැඳිලා තිබෙන්නේ. කාන්තාරයක ඉන්නවා වගේ අධික පිපාසයක් දැනෙනවා නම්, ඒ කියන්නේ ඔයාගේ සිරුර වතුර ඉල්ලනවා කියන එකයි.

2. සම හා ඇස් වියළීම

සිරුරේ විශාලතම ඉන්ද්‍රිය තමයි සම. ඇඟේ වතුර අඩු වුණාම මුලින්ම දහදිය දැමීම අඩුවෙනවා. එතකොට ශරීරයේ තියෙන කුණු හා තෙල් පිටවෙන්න විදිහක් නැතිවෙලා සම වියළෙන්න පටන්ගන්නවා. ඒ විතරක් නෙමෙයි, ඇස්වල කඳුළු නාල වියළීම නිසා ඇස් රතු වීම හා දැවිල්ලත් ඇති වෙන්න පුළුවන්.

3. සන්ධි වේදනාව හා මාංශ පේශි ගැටලු

ඔයා දන්නවාද අපේ අස්ථි පද්ධතියේ කාටිලේජවලින් 80%ක්ම තියෙන්නේ වතුර කියලා? ඇවිදිනකොට, දුවනකොට සන්ධි එකිනෙක ඇතිල්ලෙන්නේ නැතුව ආරක්ෂා කරන්නේ මේ වතුරයි. ඒ වගේම මාංශ පේශිවල බර පවත්වා ගන්නත් ජලය අත්‍යවශ්‍යයි. ව්‍යායාම කරන අයට නම් වතුර කියන්නේ අනිවාර්යම දෙයක්.

4. නිතර දැනෙන තෙහෙට්ටුව හා කම්මැලි ගතිය

වතුර අඩු වුණාම රුධිරයේ තියෙන ජල මට්ටමත් අඩු වෙනවා. එතකොට ශරීරය පුරා ඔක්සිජන් ගෙන යන වේගය අඩු වෙනවා. ප්‍රතිඵලය තමයි දවස පුරාම දැනෙන නිදිමත හා අධික තෙහෙට්ටුව. කෝපි බීලා මේක යටපත් කරන්න හැදුවට ඒක සාර්ථක වෙන්නේ නැහැ.

5. ආහාර ජීර්ණයේ ගැටලු හා අධික බඩගින්න

සමහර වෙලාවට අපිට බඩගිනි දැනෙන්නේ ඇත්තටම කෑම අවශ්‍ය නිසා නෙමෙයි, ඇඟට වතුර නැති නිසයි. විජලනය වුණාම මොළයට ලැබෙන්නේ කෑම අවශ්‍යයි කියන සංඥාවයි. ඒ වගේම වතුර අඩුවුණාම ආමාශයේ අම්ල ප්‍රමාණය වැඩිවෙලා අජීර්ණය හා අම්ලපිත්තය (Gastritis) වගේ ලෙඩ ඇති වෙන්නත් පුළුවන්.

අපේ ඇඟ කියන්නේ හරිම බුද්ධිමත් යන්ත්‍රයක්. ඒක අපිට ලෙඩක් හැදෙන්න කලින් ඉඟි ලබා දෙනවා. ඉතින් මේ ලක්ෂණ ඔයාටත් තිබෙනවා නම්, අද ඉඳන්ම දිනකට බොන වතුර ප්‍රමාණය වැඩිකරන්න.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top