පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තුවක්.. නව තාක්ෂණයක් ගැන ඇසෙන ඒ වෙනස්ම කතාව මෙන්න..
Friday, 03 April 2026 - 7:48 | Views - 67
පිළිකාව, බොහෝ දෙනා තුළ බියක් ඇති කරන තවත් එක් රෝගී තත්වයක්.

ඕනෑම අනපේක්ෂිත මොහොතක පිළිකාව නිසා ජීවිතයක් නැතිවෙන්න පුළුවන්. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක්. 

වෛද්‍ය විද්‍යාවේ මෑතකාලීන විශාලතම පෙරළියක් ලෙස සැලකෙන හිස්ටොට්‍රිප්සි (Histotripsy) තාක්ෂණය, පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තුවක් ගෙන දී තිබෙනවා.

අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ (University of Michigan) පර්යේෂකයින් විසින් වැඩිදියුණු කරන ලද මෙම ක්‍රමය හරහා සිරුර කැපීමකින් තොරව අක්මා පිළිකා විනාශ කිරීමේ හැකියාව දැන් උදාවී තිබෙනවා.

සාම්ප්‍රදායික පිළිකා ප්‍රතිකාර ක්‍රම වන ශල්‍යකර්ම, විකිරණ ප්‍රතිකාර (Radiation) හෝ රසායනික ප්‍රතිකාර (Chemotherapy) වලට වඩා මෙය සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් ගන්නවා.

මෙහිදී ඉහළ තීව්‍රතාවයකින් යුත් ධ්වනි තරංග (Sound waves) පිළිකා සෛල වෙත එල්ල කරනු ලබයි. මෙම තරංග මගින් පිළිකා සෛල තුළ ඉතා කුඩා වායු බුබුළු සමූහයක් නිර්මාණය කරනවා.

මෙම බුබුළු පිපිරී යාමෙන් ඇතිවන දැඩි පීඩනය නිසා පිළිකා සෛලීය මට්ටමින් දියවී විනාශ වී යයි.

පිළිකා සෛල මෙලෙස දියවූ පසු, අපගේ සිරුරේ ඇති ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එම අපද්‍රව්‍ය හඳුනාගෙන ශරීරයෙන් ඉවත් කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top