තාක්ෂණයට හුරු වුණ මීළඟ පරපුරට මොකක්ද මේ වෙන්න යන්නේ..? කඳුළු නැතිවී යන ඇස් ගැන මෙන්න විශේෂ අනාවරණයක්..
Tuesday, 10 February 2026 - 18:44 | Views - 30
මේ දවස්වල සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ට අක්ෂි රෝග කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.. 


ඒත් මේ ඇසෙන්නේ අන්න ඒ ගැන තවත් එක් විශේෂ අනාවරණයක්. දන්නවාද වර්තමානයේ කුඩා දරුවන් පවා බහුලවම නවීන තාක්ෂණික උපාංග භාවිත කරන බව.

වර්තමානයේ පාසල් දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා බොහෝ දෙනෙක් ජංගම දුරකථන සහ පරිගණක වැනි තාක්ෂණික මෙවලම්වලට ඇබ්බැහි වී සිටිනවා.

මේ හේතුව නිසාම වර්තමානයේ ඇස් ආශ්‍රිතව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, "වියළි ඇස්" (Dry Eye Condition) රෝගය කියන්නේ කැපී පෙනෙන්නක්.

සරලවම පැවසුවහොත්, ඇසේ පවතින ස්වභාවික තෙතමනය හෙවත් කඳුළු ප්‍රමාණය අඩු වීම මෙහිදී සිදු වෙනවා. අපගේ ඇස නිසි ලෙස ක්‍රියා කිරීමට කඳුළු අත්‍යවශ්‍ය සාධකයක්.

සරලව පැවසුවහොත් වියළි ඇසක ප්‍රධානම ලක්ෂණය වන්නේ ඇසෙහි කඳුළු නැතිවී යාමයි. නමුත් ඇස හොඳින් ක්‍රියාකාරී වීමට නම් ඇසට කඳුළු අත්‍යවශ්‍ය වෙනවා.

බැලූ බැල්මට කඳුළු වතුර හා සමාන වුවත් මෙය ස්තර තුනකින් නිර්මාණය වී ඇති අතර, එහි පිටතින් මේදමය තට්ටුවකින් වැසී පවතිනවා. මැදින් ඇති ස්තරයේ වැඩිපුරම පවතින්නේ ජලයයි. ඊට අමතරව නොයෙකුත් ලවණ වර්ග හා ප්‍රෝටීන අන්තර්ගත වෙනවා. ඇතුළතින් ඇති ස්තරයේ මියුසින් නමැති ද්‍රව්‍ය අඩංගු වෙනවා.

කඳුළුවල වැදගත්කම
ඇසේ අභ්‍යන්තර ස්ථරවලට අවශ්‍ය පෝෂණය ලබා දීම.

ඇසට ඇතුළු වන දූවිලි, දුම් වැනි බාහිර අපද්‍රව්‍ය සෝදා හැරීම.

පැහැදිලි පෙනීමක් ලබා ගැනීමට මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම.

ඇස වියළීමෙන් ආරක්ෂා කිරීම.

රෝග ලක්ෂණ හඳුනා ගන්නේ කෙසේද?
ඔබට පහත ලක්ෂණ පවතී නම් එය වියළි ඇස් තත්ත්වයේ පෙරනිමිත්තක් විය හැකිය:

ඇසට වැලි කැටයක් ගියාක් වැනි අකර්මන්‍ය ස්වභාවය.

ඇස් මඳක් රතු වීම.

ඇස තද වී ඇති බවක් දැනීම.

සූර්යාලෝකය දෙස බැලීමට අපහසු වීම.

ඇසේ මඳ ඉදිමුමක් හෝ දැවිල්ලක් දැනීම.

පෙනීම මඳක් අපැහැදිලි වීම.

වියළි ඇස් ඇති වීමට හේතු
මෙහි ප්‍රධාන හේතු තුනක් හඳුනාගත හැකිය:

1. කඳුළු නිෂ්පාදනය අඩු වීම
අධික උණ වැළඳීම.

ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට කරන ලේසර් ප්‍රතිකාර (LASER surgeries).

අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා ලබා ගන්නා ඇතැම් ඖෂධවල අතුරු ආබාධ.

කාන්තාවන්ගේ ආර්තවහරණය (Menopause) සමඟ සිදුවන හෝමෝන වෙනස්කම්.

2. කඳුළු වාෂ්ප වීම වේගවත් වීම
අධික ලෙස වායු සමීකරණ (A/C) හෝ විදුලි පංකා යට සිටීම.

පරිසරයේ පවතින සුළඟ, අඩු ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය.

පරිගණක සහ ජංගම දුරකථන භාවිතය: තිරයක් දෙස එක එල්ලේ බලා සිටින විට අප ඇසිපිය හෙළන වාර ගණන අඩු වේ. එමඟින් කඳුළු වාෂ්ප වී ඇස වියළීමට ලක් වේ.

3. වෙනත් හේතු
කඳුළුවල තෙල් ස්ථරය නිපදවන ග්‍රන්ථි අවහිර වීම.

අක්ෂි කාච (Contact lenses) දිගු වේලාවක් පැළඳ සිටීම.

ඔබත් වැඩි වේලාවක් තිර දෙස බලා සිටින අයෙක් නම්, සෑම විනාඩි 20කට වරක් තත්පර 20ක් දුර ප්‍රමාණයක් දෙස බලා සිටීමට (20-20-20 Rule) මතක තබා ගන්න.

ඔබට මෙම රෝග ලක්ෂණ දිගින් දිගටම පවතී නම්, අක්ෂි වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගැනීමට උනන්දු වන්න.

 
Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
මදුරුවන් මගින් ව්‍යාප්ත වන චිකුන්ගුන්යා...
Hiru Tv Blog
ඇයගේ දඟකාරකම් එක්ක මේ වෙද්දී ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා කිව්වොත් හරි.සමාධි...
Hiru Tv Blog
සජිත ඇන්තනී කියන්නේ හැමෝම ආදරය කරන ආදරණීය චරිතයක්.ඉතින් සජිත්ගේ දෙවෙනි පුතු,...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනය ගැන කතා කරද්දී ඇය නැතුවම බැරි, කාගේත් ආදරය දිනාගත් චරිතයක්.  තමන්ටම...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top