වයසට යාම මන්දගාමී කරන්න, කොකෝවාවලට පුළුවන්...
Monday, 29 December 2025 - 16:10 | Views - 345
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව ඔබ දැන සිටියාද..?
කොකෝවා සාරය ශරීරයේ වයසට යාම මන්දගාමී කරන බව ඔබ දැන සිටියාද..? මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්. කොකෝවා සාරය නිසා වයසට යාම මන්දගාමී කරන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. විශේෂයෙන් වැඩිහිටියන් සඳහා ඇති අවදානම අඩු කිරීමට කොකෝවා සාරය උපකාරී වන බව හෙළිව තිබෙනවා.
අමෙරිකාවේ බොස්ටන්වල මාස් ජෙනරල් බ්‍රිග්හැම් හී විද්‍යාඥයින් පිරිසක් විසින් වසර 02ක් පුරා දිනකට කොකෝවා සාරය මිලිග්‍රෑම් 500ක් පමණ ලබාගත් වයස අවුරුදු 70ක් පමණ වන වැඩිහිටියන් 600කට ආසන්න සංඛ්‍යාවක් නිරීක්ෂණය කර තිබෙනවා.
එහිදී හෙළිව තිබෙන්නේ එම වැඩිහිටියන්ගේ රුධිර සාම්පලවල වයසට යාම මන්දගාමි කරන සලකුණු දැකිය හැකි වූ බවයි.
කෙසේ වෙතත් කොකෝව සාරය යනු සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ආදේශකයක් නොවන අතර විද්‍යාඥයින් මේ පිළිබඳව තව දුරටත් පර්‍යේෂණ සිදු කෙරිමින් පවතින බව පවසා තිබෙනවා.
Share This Article