නිදිකුම්බා ගැන දැනගෙන හිටියට , මේ විස්තර අහලා තිබ්බේ නෑ නේද?
Monday, 22 December 2025 - 10:44 | Views - 510
 
නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන වැල් ශාකයකි. ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍ර ස්පර්ශ සංවේදීය. එම නිසා නිදිකුම්බා යන නම යෙදී ඇත. පත්‍ර නටුවල සහ කඳෙහි තියුණු කටු පිහිටා තිබේ. පුෂ්ප මංජරියක හට ගන්නා රෝස පැහැති මල අලංකාරවත්ය. ඵලය බූව සහිත කරලකි. එක් කරලක් තුල බීජ 3-4 සංඛාවක් පිහිටා තිබේ. නිදිකුම්බා  Fabaceae  කුලයට අයත් ශාකයකි.
 
සමේ රෝග,අතීසාරය, දියවැඩියාව, ඇදුම, ස්වාසනාලිකා ප්‍රදාහය, තුවාල ආදියෙන් සිදුවන අධික ලේ වහනය, මුත්‍රාශයේ ඇති වන ගල්, මුත්‍ර ආසාදන, ඉදිමුම්, අර්ශස්, ඔඩු සහිත වණ, ලාදුරු, සුදු කබර, ගර්භාෂයේ රෝග, හිසකෙස් ගැලවීයාම, සන්ධි ප්‍රදාහය හෙවත් ආතරයිට්ස්, ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන භගන්ධර රෝගය, පැසවන ලද තුවාල, දත් කැක්කුම ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා නිදිකුම්බා ශාකයේ කොළ, මුල්, මල් ආදිය භාවිතා කරයි. නිදිකුම්බා මානසික අවපීඩනය දුරු කරයි. පිළිකාවන්ට ප්‍රතිවිරොධීතාවයක් දක්වයි. ස්වේද කාරක, මුත්‍ර කාරක සහ වමන කාරක ආදී ගුණ සහිතයි.
 
සම්පූර්ණ නිදිකුම්බා ශාකයම ගෙන තම්බා එම ජලයෙන් සේදීම මගින් ඇතැම් චර්ම රෝගවලට සහනය ගෙනෙයි. කල් ගතවූ තුවාල හෝ අලුත කැපී රුධිරය ගලන තුවාලවල මතුපිට නිදිකුම්බා ශාකය තළා ඒ යුෂ ආලේප කළ විට රුධිරය ගැලීම නතර වී ඉක්මන් සුවයක් ලැබේ. නිදිකුම්බා මුල් කෂායෙන් කට සේදීමෙන් දත් කැක්කුම, විදුරුමස් දියවීම, දත් දිරාපත්වීම, මුඛ ආසාදන වැනි මුඛාශ්‍රිත රෝග සුව වෙයි. නිදිකුම්බා ගසේ මුල් හොඳින් පිරිසුදු කර වියළා කුඩු කර එම කුඩු තේ හැඳි භාගයක් වතුර වීදුරුවකට දමා දින කිහිපයක් පානය කිරීමෙන් රුධිරය පිටවන අතීසාරයෙන් මිදිය හැකියි. නිදිකුම්බා මුල් කෂාය සාදාගන්නේ නිදිකුම්බා මුල් ස්වල්පයකට වතුර පත 4ක් පමණ දමා සිඳවා පෙරා ගැනීමෙනි. ඒමෙන්ම නිදිකුම්බා මුල් කෂාය රුධිරය පිටවන අර්ශස් සුවයටත් මුත්‍රා ආසාදන සුවයටත් යෝග්‍යයි. නිදිකුම්බා මුල් ග්‍රෑම් 60ක් පමණ අරගෙන එය බඳුනකට දමා එයට වතුර පත අටක් මිශ්‍ර කර එය පත එකකට සිඳවා උදේ සවස පත භාගය බැගින් පානය කළොත් මුත්‍රා ගල් දියවීමට, මුත්‍රා අඩස්සිය සුවයට, මුත්‍රා දැවිල්ල සුවයට වගේම රුධිරය පිටවන අර්ශස් රෝගයටත් එය ගුණදායකය.
 
ස්ත්‍රී රෝග සඳහා භාවිත කරන ඔෟෂධ අතර ප්‍රධානතම ඔසුවකි නිදිකුම්බා. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත සෑම රෝගයකටම පාහේ නිදිකුම්බා තැම්බූ දියෙන් සේදීමෙන් සුවයක් ලැබේ. සමේ ආසාදන නිසා හොරි, දද, කුෂ්ඨ ඇතිවී ඒවා කැසීම නිසා තුවාල හටගත හැකි අතර ඒ තුවාල සුවයටත්, කැසීමේ තත්ත්ව නැති කිරීමටත් විෂබීජ නාශනය කිරීමටත්, නිදිකුම්බා කොළ, මල් තැම්බූ වතුරින් ශරීරය සේදිය හැකිය. නිදිකුම්බා කොළ වියළාගෙන හොඳින් කුඩු කර ඒ කුඩු තේ හැන්දක් හෝ භාගයක් කිරිත් සමඟ මිශ්‍ර කර කෑම ඉහත කී සෑම රෝගයකටම ගුණදායකයි. ඉක්මනින් තුවාල වියළා සුව වීමක් ද එහිදී සිදුවේ. ආතරයිටිස් රෝගය වැලඳීමෙන් මිදෙන්නත් වැලඳුණු ආතරයිටිස් රෝගය සුව වන්නත් නිදිකුම්බා කොළ මඳ පවනේ වියළා කුඩු කරගෙන දිනපතා උදේ සවස එයින් ස්වල්පය බැගින් ගොටුවට දමා උණුවතුරින් තම්බා තේ මෙන් පානය කිරීම ප්‍රතිඵලදායකය. 
 
( උපුටා ගැනීමකි..)
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top