දුර්ලභ ජානමය රෝගයකට සිදුකළ ලොව පළමු චිකිත්සාව සාර්ථකයි.. ඒ ගැන ඇසෙන කතාව මෙන්න..
Tuesday, 25 November 2025 - 16:34 | Views - 40
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණුයි කියලා විටක ඔබ විශ්වාස කරන්නේ නැතුවත් ඇති. මේ ඇසෙන කතාවත් අන්න ඒ වගේ විශ්මය උපදවන තවත් එක් සිදුවීමක්. දුර්ලබ ජානමය රෝගී තත්ත්වයක් වන හන්ටර් සින්ඩ්‍රෝම් (MPSII) සහිත තුන් හැවිරිදි පිරිමි ළමයෙකු වන ඔලිවර්-චූ, ලෝකයේ ප්‍රථම වරට සිදු කළ නව්‍ය ජාන චිකිත්සාවකින් පසු වෛද්‍යවරුන් පුදුමයට පත් කරමින් ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන පරිදි හන්ටර් සින්ඩ්‍රෝමය ශරීරයට සහ මොළයට දැඩි හානියක් සිදු කරන අතර, දරුණුම අවස්ථාවලදී රෝගීන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 20 ට පෙර මිය යනවා. මෙම තත්ත්වය ඇති වන්නේ සෛල නිරෝගීව තබා ගැනීමට අත්‍යවශ්‍ය එන්සයිමයක් නිපදවීමට නොහැකි වීම නිසා ඇතිවන දෝෂ සහිත ජානයක් හේතුවෙන් බව සඳහන්. හන්ටර් සින්ඩ්‍රෝමය ඇතිවිට මුහුණේ මාංශපේශීවල තද බව, තොල්, දිව විශාල වීම, සන්ධි ගැටලු, හෘදයේ නහරවල අවහිරතා, වර්ධනය මන්දගාමී වීම, ශ්‍රව්‍ය දුබලතා ආදී ලක්ෂණ ඇති බවයි පැවසෙන්නේ. එංගලන්තයේ මැන්චෙස්ටර්හි රාජකීය මැන්චෙස්ටර් ළමා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඔලිවර්ගේ සෛල වෙනස් කිරීම මගින් රෝගය නැවැත්වීමට උත්සාහ කර තිබුණා. මෙම ක්‍රියා පටිපාටිය සඳහා ඔහුගේ කඳ සෛල ඉවත් කර, ජානමය ද්‍රව්‍ය ඉවත් කරන ලද වෛරසයක් භාවිතයෙන් නැතිවූ IDS ජානයේ ක්‍රියාකාරී පිටපතක් සෛල තුළට ඇතුළු කර තිබෙනවා. මෙලෙස වෙනස් කරන ලද ජානය නිපදවන එන්සයිමයට රුධිර-මොළ බාධකය වඩාත් කාර්යක්ෂමව තරණය කිරීමට හැකි වන පරිදි එය වෙනස් කෙරෙන බව සඳහන්. ප්‍රතිකාරය ආරම්භ කර වසරකට පසු, ඔලිවර් සාමාන්‍ය පරිදි වර්ධනය වන බව පෙනී ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඔහුට නැතිවූ එන්සයිමය සිය ශරීරය තුළ නිපදවීමට පටන්ගෙන තිබෙනවා. එය සාමාන්‍ය ප්‍රමාණය මෙන් සිය ගුණයක් පමණ වන බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ. ඔලිවර්ගේ කථනය, සංචලනය සහ සංජානන සංවර්ධනය වැඩි දියුණු වී තිබෙන බව ද අදාළ වාර්තා පවසනවා. මෙම ප්‍රතිකාරය ලබා ගත් ලොව පුරා සිටින පිරිමි ළමුන් පස් දෙනාගෙන් ඔලිවර් පළමුවැන්නායි. ඔවුන් අවම වශයෙන් වසර දෙකක්වත් ඔලිවර් සමීප ලෙස නිරීක්ෂණය කරනවා. මෙම නව්‍ය පරීක්ෂණය අරමුදල් නොමැතිකම හේතුවෙන් අවලංගු වීමේ අවදානමට ලක්ව තිබුණත්, LifeArc නම් බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂණ පුණ්‍යායතනය විසින් පවුම් මිලියන 2.5 ක අරමුදල් ලබා දීමෙන් එය සිදුකිරීමට හැකිව තිබෙන බව සඳහන්. ඔලිවර්ගේ වැඩිමහල් සහෝදරයා වන ස්කයිලර් ද මෙම තත්ත්වයෙන් පෙළෙනවා. ඔලිවර්ට ලැබුණු නැවත ආරම්භයක් ඔහුටත් ලැබෙනු ඇතැයි පවුලේ අය බලාපොරොත්තු වෙනවා. මෙම සාර්ථකත්වය වෙනත් ජාන ආබාධ සඳහා ද එම ජාන චිකිත්සක ප්‍රවේශය යෙදීමට පදනමක් සපයනවා.
Share This Article
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණුයි කියලා...
Hiru Tv Blog
ඇත්තටම මේ මොකක්ද වෙන්නේ.? ඒ ගැන ඔබට අදහසක්...
Hiru Tv Blog
විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී...
Hiru Tv Blog
ක්ෂය රෝගය ගැන ඇසෙන මේ ආරංචිය මොකක්ද කියලා...
Hiru Tv Blog
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක්...
Hiru Tv Blog
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්. මෙවුන් දෙදෙනා...
Hiru Tv Blog
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්. ඇයට ආදරය කරාන බොහෝ...
Hiru Tv Blog
ඇයට කලා ලෝකයේ ආදරය නොකරන කෙනෙක් නැති තරම්, විනූ උදානි සිරිවර්ධන කියන්නේ ලංකාවේ...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...
Hiru Tv Blog
මානව වර්ගයාගේ පළමු අඟහරු ගමන මෙයයි..නාසා ආයතනය මාස කිහිපයකින් සඳ වටා ගමනක් සඳහා...
Hiru Tv Blog
  ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top