දුර්ලභ ජානමය රෝගයකට සිදුකළ ලොව පළමු චිකිත්සාව සාර්ථකයි.. ඒ ගැන ඇසෙන කතාව මෙන්න..
Tuesday, 25 November 2025 - 16:34 | Views - 200
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණුයි කියලා විටක ඔබ විශ්වාස කරන්නේ නැතුවත් ඇති. මේ ඇසෙන කතාවත් අන්න ඒ වගේ විශ්මය උපදවන තවත් එක් සිදුවීමක්. දුර්ලබ ජානමය රෝගී තත්ත්වයක් වන හන්ටර් සින්ඩ්‍රෝම් (MPSII) සහිත තුන් හැවිරිදි පිරිමි ළමයෙකු වන ඔලිවර්-චූ, ලෝකයේ ප්‍රථම වරට සිදු කළ නව්‍ය ජාන චිකිත්සාවකින් පසු වෛද්‍යවරුන් පුදුමයට පත් කරමින් ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන පරිදි හන්ටර් සින්ඩ්‍රෝමය ශරීරයට සහ මොළයට දැඩි හානියක් සිදු කරන අතර, දරුණුම අවස්ථාවලදී රෝගීන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 20 ට පෙර මිය යනවා. මෙම තත්ත්වය ඇති වන්නේ සෛල නිරෝගීව තබා ගැනීමට අත්‍යවශ්‍ය එන්සයිමයක් නිපදවීමට නොහැකි වීම නිසා ඇතිවන දෝෂ සහිත ජානයක් හේතුවෙන් බව සඳහන්. හන්ටර් සින්ඩ්‍රෝමය ඇතිවිට මුහුණේ මාංශපේශීවල තද බව, තොල්, දිව විශාල වීම, සන්ධි ගැටලු, හෘදයේ නහරවල අවහිරතා, වර්ධනය මන්දගාමී වීම, ශ්‍රව්‍ය දුබලතා ආදී ලක්ෂණ ඇති බවයි පැවසෙන්නේ. එංගලන්තයේ මැන්චෙස්ටර්හි රාජකීය මැන්චෙස්ටර් ළමා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඔලිවර්ගේ සෛල වෙනස් කිරීම මගින් රෝගය නැවැත්වීමට උත්සාහ කර තිබුණා. මෙම ක්‍රියා පටිපාටිය සඳහා ඔහුගේ කඳ සෛල ඉවත් කර, ජානමය ද්‍රව්‍ය ඉවත් කරන ලද වෛරසයක් භාවිතයෙන් නැතිවූ IDS ජානයේ ක්‍රියාකාරී පිටපතක් සෛල තුළට ඇතුළු කර තිබෙනවා. මෙලෙස වෙනස් කරන ලද ජානය නිපදවන එන්සයිමයට රුධිර-මොළ බාධකය වඩාත් කාර්යක්ෂමව තරණය කිරීමට හැකි වන පරිදි එය වෙනස් කෙරෙන බව සඳහන්. ප්‍රතිකාරය ආරම්භ කර වසරකට පසු, ඔලිවර් සාමාන්‍ය පරිදි වර්ධනය වන බව පෙනී ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඔහුට නැතිවූ එන්සයිමය සිය ශරීරය තුළ නිපදවීමට පටන්ගෙන තිබෙනවා. එය සාමාන්‍ය ප්‍රමාණය මෙන් සිය ගුණයක් පමණ වන බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ. ඔලිවර්ගේ කථනය, සංචලනය සහ සංජානන සංවර්ධනය වැඩි දියුණු වී තිබෙන බව ද අදාළ වාර්තා පවසනවා. මෙම ප්‍රතිකාරය ලබා ගත් ලොව පුරා සිටින පිරිමි ළමුන් පස් දෙනාගෙන් ඔලිවර් පළමුවැන්නායි. ඔවුන් අවම වශයෙන් වසර දෙකක්වත් ඔලිවර් සමීප ලෙස නිරීක්ෂණය කරනවා. මෙම නව්‍ය පරීක්ෂණය අරමුදල් නොමැතිකම හේතුවෙන් අවලංගු වීමේ අවදානමට ලක්ව තිබුණත්, LifeArc නම් බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂණ පුණ්‍යායතනය විසින් පවුම් මිලියන 2.5 ක අරමුදල් ලබා දීමෙන් එය සිදුකිරීමට හැකිව තිබෙන බව සඳහන්. ඔලිවර්ගේ වැඩිමහල් සහෝදරයා වන ස්කයිලර් ද මෙම තත්ත්වයෙන් පෙළෙනවා. ඔලිවර්ට ලැබුණු නැවත ආරම්භයක් ඔහුටත් ලැබෙනු ඇතැයි පවුලේ අය බලාපොරොත්තු වෙනවා. මෙම සාර්ථකත්වය වෙනත් ජාන ආබාධ සඳහා ද එම ජාන චිකිත්සක ප්‍රවේශය යෙදීමට පදනමක් සපයනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top