ශරීරයේ කොහේ හෝ තැල්මක් දැක්කොත්, මේ වගේ තැල්මකදී කරන්න ඕන මොනවාද?
Thursday, 20 November 2025 - 16:11 | Views - 598
ඇත්තටම මේ මොකක්ද වෙන්නේ.? ඒ ගැන ඔබට අදහසක් තියනවාද? එහෙනම් දැනගන්න ඇයි මේ විදිහට අත් පා නිල්වෙන්නේ කියන එක සහ ඊට කළ හැකි ප්‍රතිකාර පිළිබඳව. කෙනෙක්ට පාරක් වැදුනම , ගැහුවම අපේ හමේ කොහේහරි නිල් පාටට හුරු පැල්ලමක් හැදෙන එක ගැන තමයි මේ කියන්නේ.. ඕකට වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ Bruising එකක් එහෙම නැත්නම් contusion එකක් කියලා. සිංහලෙන් තැල්මක් කියන්නේත් මේකටම තමයි. ඔතනදි වෙන්නේ ඒ වගේ පාරක් වැදුනම අපේ හමට යටින් තියන චුටිම චුටි රුධිර නාලිකා කැඩිලා, පිපිරිලා ලේ එලියට එන එක. හැබැයි ඒවා වෙන තුවාලවල වගේ සම මතුපිටට එන්නේ නෑ. සමට යටින් තැන්පත් වෙනවා. අන්න ඒක තමයි අපට නිල් පාටට පේන්නේ. මෙහෙම වැදුණට පස්සේ උණුවතුරෙන් තවන්න ඕනද..? ඒක නම් කරන්නම හොද නැති වැඩක්. ඒ නිසා සමහර වෙලාවට විශාල ප්‍රදේශයක් නිල් වෙන්න වුණත් පුළුවන්. ඒ ඇයි කියලා දන්නවාද.? උණු වතුරෙන් තැව්වම වෙන්නේ අපේ රුධිර නාලිකා තව තව ලොකු වෙලා ලේ ගැලීම වැඩි කරන එක. එතකොට අර නිල් වෙන එක තව තව වැඩිවෙනවා.. ඉතින් කවදාවත් අතක් පයක් ඔලුවක් කොහේහරි වැදුනම, උලුක් වුණම, පෙරළුනාම එතන උණුවතුරෙන් තවන්න යන්න එපා. ඒ තැන්වල අයිස් තියන එක තමයි කරන්න ඕන. මොකද අයිස්වලින් ලේ ගැලීම අඩු කරනවා.. නිල් වෙන එකත් අඩුවෙනවා. කැක්කුමත් අඩු කරනවා. ඒ නිසා මතක තියාගන්න, මොනාහරි අනතුරක් වුණ ගමන්ම එතන අයිස් තියන එක තමයි වඩාම සුදුසු. ඒ වගේම තව දෙයක් මතක තියාගන්න, අසාමාන්‍ය විදියට මේ තැලුම් පැල්ලම් එන්න තව තව හේතු තියෙනවා නම් ඉතින් වෛද්‍යවරයෙක් මුණගැහෙන්න සිද්ධ වෙනවා. මුහුණුපොත ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top