ඔයාගේ ශරීරයේ යකඩ අඩුවෙලා කියලා හරියටම පෙන්නුම් කරන ලක්ෂණ ටික මෙන්න..
Monday, 17 November 2025 - 10:55 | Views - 305
විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී මෙකී නොකී සියලු පෝෂකවලින් එකක් හෝ කිහිපයක් ප්‍රමාණවත් පරිදි සිරුරට නොලැබී ගියොත් එය අපේ ශරීරයේ පැවැත්මට අහිතකර විදියට බලපානු ලබනවා.මේ ඌණතාවයන් නිසා අපිට විවිධ ලෙඩ රෝග හැදෙනවා.
 
ඉතින් මිනිස් ශරීරය හරි අපූරුයි නේ. ඒ නිසාම අපේ ශරීරයට යම් පෝෂකයක් ප්‍රමාණවත් ආකාරයට ලැබෙන්නේ නැත්නම් ඒ බව අපිට විවිධ සංඥා මගින් හඟවනු ලබනවා. ඉතින් යකඩ කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍යම සංඝටකයක්. නමුත් ප්‍රමාණවත් ආකරයට යකඩ ශරීරයේ නැතිවුණාම ශරීරය අපිට ඒ බව සංඥා කිහිපයක් මගින් හඟවනු ලබනවා. ඉතින් අද කියන්නට යන්නේ යකඩ ඌණතාවයක් හඳුනා ගන්නට හැකි ලක්ෂණ පිළිබඳව.
 
රතු රුධිර සෛල නිෂ්පාදනය කරන්නට හිමොග්ලොබින් සඳහා යකඩ අවශ්‍ය වෙනවා.ශරීරය පුරා ඔක්සිජන් ගෙනයන හිමොග්ලොබින් අඩු වුණාම මාංශපේශී සහ පටකවල ක්‍රියාකාරිත්වයට බාධා ඇති වෙනවා. ඒ නිසා නොසලකා හැරි යුතු නොවන ඌණතාවයක් තමයි යකඩ ඌණතාවය. අපේ ශරීරයේ යකඩ ඌණතාවයක් ඇති බව අපිට හඳුනා ගත හැකි වෙන්නේ මේ ලක්ෂණ ඇසුරින්.
 
අසාමාන්‍ය ලෙස මහන්සිය දැනීම යකඩ ඌණතාවයක් ඇති බව පෙන්වන මූලික ලක්ෂණයක් තමයි තෙහෙට්ටුව.ශරීරයේ හිමොග්ලොබින් නිපදවන්නට අවශ්‍ය තරම් යකඩ නොමැති වුණාම මහන්සිය දැනෙන්නට පුළුවන්. පෙනහළුවල සිට ශරීරයේ අනෙකුත් අවයවලට ඔක්සිජන් රැගෙන යන්නේ හිමොග්ලොබින් මගින්.ශරීරයේ අවයවවලට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණාම ශරීරයට තෙහෙට්ටුවක් දැනෙනවා. සාමාන්‍යයෙන් වැඩක් කළාම එන තෙහෙට්ටුවට වඩා වැඩි මහන්සියක් දැනීම , ශරීරයට දුර්වල බවක් දැනීම, කාර්යක්ෂමතාවය අඩුවීම වගේ දේවල් ඔබට ඇති වෙනවා නම් එය යකඩ ඌණතාවයක් හඟවන ලක්ෂණ විය හැකියි.
 
සම සුදුමැලිවීම අපේ සමට රෝස පැහැයක් ලැබෙන්නේ රුධිරයේ අඩංගු හිමොග්ලොබීන් මගින්. යකඩ ඌණතාවය ඇති අයෙකුගෙ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු නිසා සම සුදුමැලි ස්වභාවයක් ගන්නට පුළුවන්. මුහුණ, විදුරුමස්, තොල්, ඇඟිලි, නියපොතු, ඇහිපිය ඇතුළේ ස්ථරය ආදිය සුදුමැලි ස්වාභවයක් ගනී නම් එය යකඩ ඌණතාවයක් වෙන්නට පුළුවන්. අඳුරු පැහැ සමක් ඇති අයෙකුගේ මේ ලක්ෂණය දැක ගන්නට හැකි එකම ස්ථානය වෙන්නේ ඇහිපිය ඇතුළත ස්ථරයයි.
 
හුස්ම ගැනීමේ අපහසුතාවය සහ පපුවේ වේදනාව හිමොග්ලොබින් නිපදවන්නට අවශ්‍ය යකඩ නැතිවුණාම ශරීරයේ කොටස්වලට නිසිපරිදි ඔක්සිජන් ලැබෙන්නේ නැතුව යනවා. ඒ නිසා ශරීරයේ ඉන්ද්‍රියන් ක්‍රියා කරවන්න සිරුර විසින් ඔක්සිජන් නිපදවන්නට උත්සාහ කරන නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ පපුවේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වය නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවෙයි.
 
අක්‍රමවත් හෘද ස්පන්දනය ශරීරයේ යකඩ ප්‍රතිශතය අඩුවීමෙන් හිමොග්ලොබින් නිපදවීම අඩුවීමෙන් ශරීරයේ සෑම කොටසකටම නිසි රිදි ඔක්සිජන් සපයන්නට නොහැකි වෙනවා. ඒ නිසා හෘදය වීසින් ඒ කොටස්වලට වැඩි වශයෙන් ඔක්සිජන් ලබාදෙන්නට වැඩියෙන් ක්‍රියා කරනු ලබනවා. ඒ නිසා හෘද ස්පන්දනය වැඩි වෙන්නට පුළුවන්.
 
හිසේ කැක්කුම සහ කරකැවිල්ල අපේ ශරීරයේ යකඩ ඌණතාවය නිසා ඉරුවාරදය ආදී තත්ත්වයන් පවා ඇති වෙන්නට පුළුවන්. මොලයට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලැබෙන්නේ නැති නිසා හිසේ රුධිර නාල ඉදිමෙනවා. ඒ නිසා ඇතිවන පීඩනයේ ප්‍රතිඵලයක් විදියට හිසේ කැක්කුම් ඇති වෙනවා.
 
ශරීරයේ හිමොග්ලොබින් මට්ටම එකවර පහත වැටුණොත් හෝ දිගුකාලීනව අඩු හිමොග්ලොබින් මට්ටමක් පැවතුණොත් කරකැවිල්ල ගතියක් හිසේ කැක්කුම සමඟ ඇති වෙන්නට පුළුවන්. මොළයට හෘදයට රුධිර නාලවලට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණාම ඇතිවන අඩු රුධිර පීඩනය නිසාත් මේ කරකැවිලි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්.
 
හිසකෙස් ගැලවී යාම හා සම වියළී දුර්වර්ණ වීම යකඩ ඌණතාවයක් ඇති අවස්ථාවක සිරුර වැඩි වශයෙන් ඔක්සිජන් ලබා දෙන්නේ ශරීරයේ අවයව සහ පටක ආදී වැදගත් කොටස්වලට. ඒ නිසා හිසකෙස් වර්ධනයට අවශ්‍ය සෛලවලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙනවා.
 
ඒ නිසා හිසකෙස් දුර්වල වෙනවා. වර්ධනය අඩාල වෙනවා.සම වියළි බවට පත් වෙනවා.
මුඛයේ හෝ දිව ඉදිමීම හා වේදනාව දිව ඉදිමීම හා වර්ණය හීනවීම යකඩ ඌණතාවය ඇති බව පෙන්වන ලක්ෂණයක් වෙන්නට පුළුවන්.
 
ඒ වගේම මුඛය වියළීම ,
 
කට දෙපැත්තේ සහ රතු පැහැ වේදනාත්මක පැලුම් ඇතිවෙන්නත් පුළුවන්.
 
බිඳෙන සුළු නියපොතු දුර්වර වූ සහ බිඳෙන සුළු නියපොතු ඔබේ සිරුරේ යකඩ ඌණතාවයක් ඇති බව හඟවනු ලබනවා.මේ ලක්ෂණය යකඩ ඌණතාවයේ මුල් කාලයේදී ඇතිවන ලක්ෂණයක් නොවෙයි.
 
බඩේ කැක්කුම හා මුත්‍රා සමඟ රුධිරය පිටවීම.මේ තත්ත්වය නිතර ව්‍යායාම් කරන, දිවීම වගේම බරපතල ව්‍යායාම් කරන අය අතර සුලබව ඇතිවන තත්ත්වයක්.
 
යකඩ ඌණතාවය හඟවන සුලබ නොවන ලක්ෂණ
අයිස්, වියළි මඩ හෝ තීන්ත ආහාරයට ගැනීමට ආසා වීම
සීතල දෑත් හා දෙපා
යකඩ ඌණතාවය නිසා මුළු ශරීරයට ඒකාකාරී ලෙස ඔක්සිජන් නොලැබෙන නිසා අත් හා පාදවල මෙවැනි තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්.
කාන්සාව
විවිධ ආසාදනවලට නිතර ගොදුරු වීම.
මේ ලක්ෂණවලින් කිහිපයකින් ඔබ පීඩා විදින්නේ නම් එය සුළුවට නොතකා වෛද්‍යවරයෙක් හමුවිය යුතු වෙනවා.යකඩ ඌණතාවය නීරක්තියට හේතුවන අතර එයින් නොනැවතී මොළය, ස්නායු, පද්ධතිය, ඇට මිදුළු පේශීන් අක්මාව ආදී ශරීරයේ එදිනෙදා කටයුතුවලට බලපාන විශේෂිත කොටස්වලට බාධා පමුණුවනු ලබනවා. ඒ වගේම යකඩ ඌණතාවයෙන් පෙලෙන මවක් බිහි කරන දරුවා ද යකඩ ඌණතාවයෙන් පෙළෙන්නට පුළුවන්.
ඒ නිසා යකඩ ඌණතාවයක ලක්ෂණ පිළිබඳව සැලකිලිමත්වීම වටී.
 
උපුටා ගැනීමක්.. 
 
 
Share This Article
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top