රෝග ව්‍යාප්තිය ඉහළ ගිහින්ද..? ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ක්ෂය රෝගය ගැන විශේෂ අනාවරණයක්.
Saturday, 15 November 2025 - 15:37 | Views - 255
ක්ෂය රෝගය ගැන ඇසෙන මේ ආරංචිය මොකක්ද කියලා දන්නවාද.? පසුගිය වසරේදී ලොව පුරා සැලකිය යුතු පිරිසක් මියගිය ක්ෂය රෝගය ගැනයි මේ කතාව. 2024 වසරේදී මෙම රෝගයේ ව්‍යාප්තිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරුණු අනාවරණ කර තිබෙනවා. ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැලකෙන මෙය 2024 වසරේදී පමණක් ලොව පුරා මිලියන 1.23ක පමණ පිරිසක් මියගොස් තිබෙනවා. ලොව පුරා පුද්ගලයින් මිලියන 10.7ක පිරිසක් ක්ෂය රෝගයට ගොදුරු වී ඇති අතර පිරිමි පුද්ගලයින් මිලියන 5.8ක්, කාන්තාවන් මිලියන 3.07ක් වන අතර, මිලියන 1.02ක් ළමුන් වන බවයි දැක්වෙන්නේ. කෙසේවෙතත් එම සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව සියයට 3ක අඩු වීමක්. කෙසේ වෙතත් , ඉන්දුනීසියාව, පිලිපීනය, චීනය සහ පාකිස්තානය යන රටවලින් ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන අතර , ලොව පුරා වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් සියයට 25% ඉන්දියාවෙන් පමණක් වාර්තා වීමත් කැපී පෙනුනා. මේ අතර, රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීම හා ප්‍රතිකාර සඳහා නිසි අවධානය යොමු නොවීම මීට මූලික හේතුව වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top