සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකුටම වැළඳෙන බෝ නොවන රෝගයක් ගැන විශේෂ අනාවරණයක්..
Friday, 14 November 2025 - 14:54 | Views - 102
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක් දියවැඩියාවට ගොදුරු වී ඇති බවත් දියවැඩියා රෝගීන් 3න් 1 අයෙක් කුමන හෝ අක්ෂි රෝගයකට ගොදුරු වී ඇති බවත් අක්ෂි ශල්‍ය ‍විශේෂඥ වෛද්‍ය කපිල බන්දුසේන පවසන‍වා. මෙලෙස අක්ෂි රෝගයකට ගොදුරුවන පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගතහොත් අන්ධභාවයට පත්වනු ඇති බව ද හෙතෙම පෙන්වා දෙනවා. ඇසේ සුද ඇතිවීම සාමාන්‍ය පුද්ගලයකුට වඩා දියවැඩියා රෝගියකුට පස් ගුණයකින් වැඩිබව පෙන්වාදෙන වෛද්‍ය බන්දුසේන, කළු ඉංගිරියාව තුවාල වීම, ග්ලුකෝමාව ඇතිවීම දියවැඩියා රෝගීන් අතර බහුල වන බවද පැවසුවා. දියවැඩියා රෝගීන් වසරකට වරක් ඇස් පරික්ෂාවන් සඳහා යොමුවිය යුතු අතර දියවැඩියාව හේතුවෙන් අන්ධභාවයට පත්වනුයේ පෙර දැනුම් දීමකින් තොරව යැයි ද හෙතෙම සඳහන් කළා. අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ. ආර්. දයාවංශ සඳහන් කරනුයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් ඇති තරම් සිටියද ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය ශල්‍යාගාර පහසුකම් හා උපකරණ නොමැති වීමට බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බවයි. මේ හේතුවෙන් පොරොත්තු ලේඛනය දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබෙන බවත් පෙන්වාදෙන විශේෂඥවරයා දැනට ජාතික අක්ෂි රෝහල සතුව පවතින ඇතැම් උපකරණයන් පවා යල් පැන ගිය ඒවා බවද සඳහන් කළා. ‍වෛද්‍යවරු මෙලෙස සඳහන් කළේ ඊයේ (13) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදියි.
Share This Article
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණුයි කියලා...
Hiru Tv Blog
ඇත්තටම මේ මොකක්ද වෙන්නේ.? ඒ ගැන ඔබට අදහසක්...
Hiru Tv Blog
විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී...
Hiru Tv Blog
ක්ෂය රෝගය ගැන ඇසෙන මේ ආරංචිය මොකක්ද කියලා...
Hiru Tv Blog
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක්...
Hiru Tv Blog
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්. මෙවුන් දෙදෙනා...
Hiru Tv Blog
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්. ඇයට ආදරය කරාන බොහෝ...
Hiru Tv Blog
ඇයට කලා ලෝකයේ ආදරය නොකරන කෙනෙක් නැති තරම්, විනූ උදානි සිරිවර්ධන කියන්නේ ලංකාවේ...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...
Hiru Tv Blog
මානව වර්ගයාගේ පළමු අඟහරු ගමන මෙයයි..නාසා ආයතනය මාස කිහිපයකින් සඳ වටා ගමනක් සඳහා...
Hiru Tv Blog
  ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top