සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකුටම වැළඳෙන බෝ නොවන රෝගයක් ගැන විශේෂ අනාවරණයක්..
Friday, 14 November 2025 - 14:54 | Views - 219
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක් දියවැඩියාවට ගොදුරු වී ඇති බවත් දියවැඩියා රෝගීන් 3න් 1 අයෙක් කුමන හෝ අක්ෂි රෝගයකට ගොදුරු වී ඇති බවත් අක්ෂි ශල්‍ය ‍විශේෂඥ වෛද්‍ය කපිල බන්දුසේන පවසන‍වා. මෙලෙස අක්ෂි රෝගයකට ගොදුරුවන පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගතහොත් අන්ධභාවයට පත්වනු ඇති බව ද හෙතෙම පෙන්වා දෙනවා. ඇසේ සුද ඇතිවීම සාමාන්‍ය පුද්ගලයකුට වඩා දියවැඩියා රෝගියකුට පස් ගුණයකින් වැඩිබව පෙන්වාදෙන වෛද්‍ය බන්දුසේන, කළු ඉංගිරියාව තුවාල වීම, ග්ලුකෝමාව ඇතිවීම දියවැඩියා රෝගීන් අතර බහුල වන බවද පැවසුවා. දියවැඩියා රෝගීන් වසරකට වරක් ඇස් පරික්ෂාවන් සඳහා යොමුවිය යුතු අතර දියවැඩියාව හේතුවෙන් අන්ධභාවයට පත්වනුයේ පෙර දැනුම් දීමකින් තොරව යැයි ද හෙතෙම සඳහන් කළා. අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ. ආර්. දයාවංශ සඳහන් කරනුයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් ඇති තරම් සිටියද ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය ශල්‍යාගාර පහසුකම් හා උපකරණ නොමැති වීමට බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බවයි. මේ හේතුවෙන් පොරොත්තු ලේඛනය දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබෙන බවත් පෙන්වාදෙන විශේෂඥවරයා දැනට ජාතික අක්ෂි රෝහල සතුව පවතින ඇතැම් උපකරණයන් පවා යල් පැන ගිය ඒවා බවද සඳහන් කළා. ‍වෛද්‍යවරු මෙලෙස සඳහන් කළේ ඊයේ (13) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදියි.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top