අභ්‍යන්තරයේ උදර තරබාරු බව මේ තරම් භයානකයි කියලා ඔබ නිකමටවත් හිතුවාද..? අධ්‍යයනයකින් හෙළිවූ විශේෂ යමක් ගැන ඇසෙන ආරංචිය මෙන්න..
Thursday, 30 October 2025 - 17:03 | Views - 161
ඔබත් තරබාරු කෙනෙක්ද? එහෙනම් මේ ඇසෙන කාරණය ගොඩක් වැදගත් වේවි. සමහරවිට ඔබත් ඔබේ ශරීරයේ බර ගැන සැලකිලිමත් වෙනවා වෙන්න පුළුවන්. ඒත් නිකමටවත් මෙහෙම අවදානමක් ගැන ඔබ හිතන්නවත් නැතුව ඇති. නිරෝගී බව මැනීමේ ප්‍රධාන නිර්ණායකයක් ලෙස යොදා ගන්නා ශරීර ස්කන්ධ දර්ශකයට (BMI) අභියෝග කරමින් සිරුරේ අභ්‍යන්තරයේ උදර තරබාරු බව (Abdominal Obesity) පැවතිය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත ඇසුරින් රටවල් 91ක වැඩිහිටියන් 471,000ක් යොදාගෙන JAMA Network Open සඟරාවේ පළ කළ ගෝලීය අධ්‍යයනයක් මේ බව හෙළි වී තිබුණා. මෙම තත්ත්වය බැලූ බැල්මට කෙට්ටු නමුත් අභ්‍යන්තරයෙන් මේද ගබඩා වූ 'බාහිරින් කෙට්ටු, අභ්‍යන්තරින් මේද සහිත' හෝ 'කෙට්ටු මේද තත්ත්වය' (Skinny Fat) ලෙස හැඳින් වෙනවා. විශේෂඥයන් පෙන්වා දෙන්නේ BMI මඟින් බර සහ උස පමණක් සලකා බැලුව ද මේදය ගබඩා වන ස්ථානය නොදක්වන බැවින්, වැදගත් අවයව වටා තැන්පත් වන අභ්‍යන්තර මේදය (Visceral Fat) හඳුනා ගැනීමට එය අසමත් වන බවයි. අධ්‍යයනයට අනුව සාමාන්‍ය BMI සහිත පුද්ගලයන් 5 දෙනෙකුගෙන් 1කට පමණ මෙලෙස උදර තරබාරු බව තිබී ඇති බව සඳහන්. මෙම අභ්‍යන්තර මේදය සහිත පුද්ගලයන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය, සාමාන්‍ය බරැති පුද්ගලයන්ට වඩා තරබාරු අයගේ පරිවෘත්තීය ක්‍රියාවලියට සමාන බව ද සොයාගෙන තිබෙනවා. මෙහි බරපතලම සොයාගැනීම වන්නේ, උදරයේ මේදය ඇති මෙම පිරිසට සාමාන්‍ය BMI සහ කුඩා ඉණ ඇති අයට වඩා දියවැඩියාව වැළඳීමේ අවදානම 81%කින් ද, අධි රුධිර පීඩනය ඇති වීමේ අවදානම 29%කින් ද වැඩි වීමයි. මෙම අවදානම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ අක්‍රිය ජීවන රටාව සහ පලතුරු එළවළු අඩු ප්‍රමාණයක් ආහාරයට ගැනීම බව සඳහන්. එම නිසා මෙම පර්යේෂණ යෝජනා කරන්නේ නිරෝගී බව තීරණය කිරීමේදී BMI අගය මෙන්ම ඉණෙහි වට ප්‍රමාණය ද සොයා බැලීම අත්‍යවශ්‍ය බවයි. කාන්තාවන් අඟල් 32, පිරිමින් අඟල් 37 සීමාවට වඩා වැඩි නම් සැලකිලිමත් විය යුතු බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් විශේෂ...
Hiru Tv Blog
රටේ පවතින දැඩි ඉන්ධන සහ විදුලි අර්බුදය...
Hiru Tv Blog
පිළිකාව, බොහෝ දෙනා තුළ බියක් ඇති කරන තවත්...
Hiru Tv Blog
ඇය දුටු පමණින් කාගේත් නෙත් සිත් ඇදගන්නා, පුංචි සුරංගනාවියක් වැනි රුවකට හිමිකම්...
Hiru Tv Blog
කලා ලෝකයේ අපට හමුවන දක්ෂ වගේම දකින ඕනෑම කෙනෙකුගේ හිත ඇද බැඳ ගන්නා රූපයකට හිමිකම්...
Hiru Tv Blog
ඇය කාගේත් ආකර්ශනය දිනාගත්ත හරිම ආදරණීය කලා ශිල්පිනියක්. දිනිති වල්ගමගේ, ...
Hiru Tv Blog
අඩසියවසකට පසු පෘථිවිය දිස්වුණු අපූරුව! ‘Hello World’ කියමින් Artemis II සඳ ගමනෙන් ආ සුපිරි...
Hiru Tv Blog
නාසා (NASA) ආයතනයේ මේ ඓතිහාසික පිම්ම දෙස මුළු ලෝකයම මේ වනවිට දෑස් දල්වාගෙන බලා සිටිනවා.  ලෝක...
Hiru Tv Blog
මේ කාලසීමාව ඔවුන්ගේ මුළු රටටම විශේෂ වුණු කාලයක්.බලන්නකෝ මේ කියන්න යන්නේ මොකක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top