නව සොයාගැනීමක්.. වේගයෙන්, දියවැඩියාව මට්ටු කරන්න පුළුවන්..
Tuesday, 28 October 2025 - 15:38 | Views - 270
ලොව පුරා මිලියන 830 කට අධික ජනතාවක් පීඩාවිඳින නිදන්ගත රෝගයක් වන දියවැඩියාව මුලින්ම හඳුනාගෙන ඉක්මනින් ක්‍රියාත්මක වුවහොත්, එය ආපසු හැරවීමට හෝ සමනය කිරීමට හැකියාව ඇති බව නවතම සොයාගැනීමකින් අනාවරණය වී තිබෙනවා.

ලොව පුරා සිටින දියවැඩියා රෝගීන්ගෙන් 91%ක් දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන බවයි මැසචුසෙට්ස් හි ජොස්ලින් දියවැඩියා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික වෛද්‍ය ඔසාමා හැම්ඩි පවසන්නේ.

දියවැඩියාව යනු අන්ධභාවය, වකුගඩු අකර්මන්‍යතාවය සහ හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන රෝගයක්.

කෙසේ වෙතත්, මෙය ජීවිත කාලය පුරාම ගත කිරීමට අවශ්‍ය තත්වයක් නොවන බව හෙතෙම සඳහන් කළා.

02 වැනි වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ ඉන්සියුලින් ප්‍රතිරෝධය හෝ ප්‍රමාණවත් නොවන ඉන්සියුලින් නිෂ්පාදනය හේතුවෙන්.

රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් අවයවවලට විෂ සහිත වන අතර රුධිර වාහිනීවලට හානි කරනවා. දියවැඩියාව අත් පා කැපීමට, හෘදයාබාධ හා ආඝාතයට ප්‍රධාන හේතුවක් වන්නේ මේ නිසයි.

ආපසු හැරවීමේ ප්‍රධාන ක්‍රමයක් වන්නේ බර අඩු කර ගැනීමයි. මෙය දියවැඩියාව සමනය කිරීමට වඩාත් ඵලදායී ක්‍රමයක් බවයි පර්යේෂකයන් පෙන්වාදෙන්නේ. ඉන්සියුලින් ප්‍රතිරෝධය ආමාශය වැනි අවයව වටා ඇති අභ්‍යන්තර මේද ඉහළ මට්ටම් සමඟ සමීපව සම්බන්ධයි.

ශාරීරික ක්‍රියාකාරකම් බර අඩු කර ගැනීමට අමතරව, මාංශ පේශි ශක්තිමත් කරන අතර රුධිරයෙන් ග්ලූකෝස් උරා ගැනීමට ඇති හැකියාව වැඩි කරනවා. ඇමරිකානු දියවැඩියා සංගමය නිර්දේශ කරන්නේ සතියකට අවම වශයෙන් පැය 2.5 ක මධ්‍යස්ථ ශාරීරික ක්‍රියාකාරකම් සහ සතියකට දෙවරක් ශක්ති පුහුණුවක් ලබා ගත යුතු බවයි.

ආහාර පාලනය සහ ජීවන රටාව ද මෙහිදී ඉතා වැදගත්. සම්පූර්ණ කැලරි ප්‍රමාණය අඩු කිරීම සහ සුදු පාන්, සුදු බත් සහ පැස්ටා වැනි පිරිපහදු කළ ධාන්‍ය ගැනීම සීමා කිරීම වැදගත්. එකතු කළ සීනි සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සහ ඉහළ ග්ලයිසමික් ​​දර්ශකයක් සහිත ආහාර සීමා කිරීම අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙනවා.

තන්තු සහ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කිරීම, දිනකට වතුර වීදුරු අටක් පානය කිරීම, ආතතිය අඩු කර ගැනීම සහ පැය 7 ත් 9 ත් අතර ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වන බවයි පර්යේෂකයින් පවසන්නේ.


දියවැඩියාව සමනය වී ඇති බව සලකනු ලබන්නේ ඖෂධ නොමැතිව අවම වශයෙන් මාස තුනක්වත් ග්ලූකෝස් මට්ටම රෝග විනිශ්චය සඳහා වන සීමාවට වඩා අඩුවූ විටයි.

දියවැඩියාවේ කාල සීමාව කෙටි නම් සහ බර අඩු කර ගැනීමේ ප්‍රතිශතය ඉහළ නම්, සමනය වීමේ මට්ටමේ ග්ලූකෝස් සංඛ්‍යා දින කිහිපයකින් හෝ සති කිහිපයකින් දැකීමට හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙනවා. නමුත් සැලකිය යුතු ලෙස බර වැඩි වුවහොත් හෝ අහිතකර ආහාර පුරුදු නැවත ඇති වුවහොත් රෝගය නැවත ඇතිවිය හැකි බව මතක තබා ගැනීම වැදගත් බව පර්යේෂකයන් අවධාරණය කරනවා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top