මෙහෙම නිදියන්න පුළුවන් නම්, ඔයාගෙත් ලෙඩ රෝග අඩු වෙනවා නියතයි..
Friday, 24 October 2025 - 10:06 | Views - 241
මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය දෙයක් තමයි නින්ද කියන්නේ... 
 
නින්ද තුලින් ඇත්තටම අපේ ඇගේ සිද්ධ වෙන දේ තමයි, දවස පුරාම වැඩ කරන අපේ ශරීර අවයව වලට විවේකයක් ලැබෙන එක.
 
දවස පුරාම එහෙට මෙහෙට දුවලා, රස්සාවත් කරලා, කය මනස දෙකම වෙහෙසලා වැඩ කරද්දි, අපේ ඇග කියන මේ පුංචි කර්මාන්ත ශාලාවට හරි මහන්සියි.
 
ඒ කර්මාන්තශාලාවෙ මැෂින් වගේ වැඩ කරන අවයව වලට විවේකයක් අවශ්යයි.
 
ගෙවී ගිය පටක අළුත්වැඩියා කරලා, ශරීරය ඇතුලේ එකතු වෙච්ච අපද්රව්ය ඉවත් කරලා ශරීරය පිරිසිදු කරලා ,ආයිත් වැඩ කරන්න සූදානම් කරන්නෙ නින්දෙදි.
 
අද කාලේ බහුතරයක් දෙනා අතේ මොබයිල් ෆෝන්, ලැප්ටොප් තියන නිසා රෑ වෙනකල් ඒවා පාවිච්චි කර කර ඉන්න නිසා අපේ නින්ද පැය දෙක තුනකට පමණක් සීමා වෙලා.
ඒකෙන් වෙන හානිය නම් සුළුපටු නැහැ.
 
අපේ ශරීරයේ විශ ඉවත්කරන ක්රියාවලිය අක්මාව මගින් හොදින්ම සිද්ධ කරන්නෙ අපි නිදා ගන්න වෙලාවට.
 
බොහෝ විට රාත්රී 10 -11 වෙනකොට වත් නින්දට යන්න පුළුවන් නම් හොදයි.
 
නින්දට යන්න පැය බාගයකට වත් කලින් ෆෝන් එක පැත්තකින් තියලා නින්දට සූදානම් වෙන්න පුළුවන් නම් හොදයි.
 
සාමාන්ය වැඩිහිටි කෙනෙක්ට රාත්රී කාලයේ පැය 6-7 ක වත්....
 
සුව නින්දක් ලබා ගන්න පුළුවන් නම්, තමන්ට තියන රෝගාබාධ වලින් බොහොමයක් අඩු කරන්න ගන්න පුළුවන්.
 
ඔයාලගෙ ශරීරයේ කාලයක් තිස්සෙ සුව නොවන මොකක් හරි රෝගයක් තියනව නම් ඒකට හේතුව නින්ද හරි හැටි නොලැබීම වෙන්න පුළුවන්.
 
ඒ නිසා රෑ 10 න් පස්සෙ නින්දට ගිහින්,
 
පැය 6-7 ක සුව නින්දක් ලබා ගෙන බලන්න.
 
මාසයක් මේ දේ කරලා වෙනස බලන්න.
 
උපුටා ගැනීමක්.. 
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top