දිනකට මෙරට කාන්තාවන් 15 ක් ඊට ගොදුරු වන බව ඔබ දැනසිටියාද..? භයානක පියයුරු පිළිකා ගැන මෙන්න විශේෂ අනාවරණයක්..
Saturday, 11 October 2025 - 17:10 | Views - 159
කාන්තා ඔබ විශේෂයෙන්ම මේ ගැන සැලකිලිමත් වීම අතිශ්‍යට වැදගත්. ඒ විතරක් නෙවෙයි , ඔබ නොදැනුවත්වම හෝ සමහරවිට ඔබ එහි ගොදුරක් වන්නත් පුළුවන්. ජීවිත අවදානමක් සහිත බෝ නොවන රෝග අතර පිළිකාව ප්‍රධාන තැනක් ගන්නවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන තවත් විශේෂ හෙළිදරව්වක්. ඒ අතරින් ලෝකයේත්, ශ්‍රී ලංකාවේත් කාන්තාවන් අතර බහුලව වාර්තා වන්නේ පියයුරු පිළිකාවයි. මේ හේතුවෙන් පියයුරු පිළිකා පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ මාසය ලෙස ඔක්තෝම්බර් මාසය නම්කර තිබෙනවා. මේ වෙනුවෙන් සංවිධානය කරන ජාතික සැමරුම් උත්සවය හෙට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කොළඹ 05 හැව්ලොක් නගර සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි. ඔක්තොම්බර් මාසය පියයුරු පිළිකා පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂයෙන්ම නම් කර ඇති හෙයින් එම මාසය රෝස පැහැති මාසය වශයෙන් ද නම්කර තිබෙනවා. මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන අතර දිනකට තිදෙනෙක් මියයන බවත්, මුල් අවධියේ දී හදුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන් සුවකල හැකි බවත්, එම විෂයට අදාළ වෛද්‍ය විශේෂඥයින් මෙන්ම සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. වයස අවුරුදු 20 න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙසද, වයස අවුරුදු 20-40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර 3 කට වරක්ද, අවුරුදු 40 කට වැඩිනම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දන්වා සිටිනවා. එමෙන්ම පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාවයක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුලට ගිලී යාම (ළඟදී ඇති වුණු), පියයුරුවල වේදනාව, සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ද, ඒ සදහා සුවනාරී සායන, සුවදිවි සායන, පිළිකා කලින් හදුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන, සදහා යොමු විය හැකි බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් මෙරට මහජනතාවට දැනුම් දෙනු ලැබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් සංවිධානය කරන මෙම වැඩසටහන සදහා කොළඹ විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සමාජය, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් සංවිධාන, රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන සහයෝගීතාවය දක්වනු ලබනවා. දිනමිණ පුවත්පත ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top