මේ වගේ වුණොත් , බේරෙන්න පුළුවන් වෙන්න මේවා දැනගන්න..
Thursday, 09 October 2025 - 14:33 | Views - 256
හෘදයාබාධයන් පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති අවස්ථාවක වුණත් මෙම තත්ත්වය ඇතිවෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී නොමැරී බේරීමට නම් විශාල සටනක් කිරීමට සිදුවෙනවා. හදවතේ ස්පන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති බවක් හෝ සිහිනැති වීමට ආසන්න බවක් ඔබට දැනෙනවා නම්, සිහිය නැතිවීමට පෙර තත්පර 10ක පමණ කාලයක් ඔබට තිබෙනවා.
 
එවැනි අවස්ථාවකදී තමාටම පිහිට වෙන්නට පුළුවන් බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ සිහිය නැති කරගන්නේ නැතිව කලබල නොවී සිටීමයි. සිහිය නැති කරන්නේ නැතුව කලබල නොවී සිටීමට නම් ඔබ එහිදී කළයුතු වන්නේ පුළුවන් තරම් කහින්නට පටන් ගැනීමයි.
කහින්නට පටන් ගන්න සෑම අවස්ථාවකදීම ගැඹුරු හුස්මක් ගන්න. කහින විටදීද වඩාත් ගැඹුරින් සහ දිගට කහින්නට මතක තබා ගන්න. පෙනහළුවල ඇති යමක් පිටතට ගන්නට උත්සහා කරනවා සේ කහින්න.
 
සෑම තත්පර 2කට වරක් ගැඹුරින් හුස්ම ගන්නට සහ කහින්නටද මතක තබා ගන්න. වෛද්‍යවරයෙකු පැමිණෙන තුරු හෝ හෘදස්පන්දනය නැවත යථා  තත්ත්වයට පැමිණෙන තුරු නොනවත්වාම කහින්න.
 
ගැඹුරු හුස්ම ගැනීමේදී පෙනහළු තුළට හොදින් ඔක්සිජන් ගමන් කරනවා. ඒවගේම කහින විට යම් තෙරපුමක් ලැබෙනවා.
හදවතේ ක‍්‍රියාකාරීත්වය සහ රුධිර සංසරණය නිවැරදිව සිදුවීමට ඉන් ලොකු පිටුවහලක් ලැබෙනවා. 
 
එහිදී ලැඛෙන පීඩනය හදවතේ රිද්මය නිසියාකාරව පවත්වාගෙන යෑම සඳහා උපකාරී වෙන බවයි නොදුටු ලෝකයට වැඩිදුරටත් වාර්තා වෙන්නේ. වෛද්‍යවරයා පැමිණෙන තුරු දිවි බේරාගැනීමට සහ සිදුවෙන අනතුර අවම කරගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන් ඉතාමත්ම සුවිශේෂී ක‍්‍රමවේදයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්.
 
මෙමඟින් තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරෙන්නට පුළුවන්.
 
හෘද රෝග විශේෂඥ වෛද්‍යවරු සහතික කර පවසන්නේ යම් පුද්ගලයෙකු මෙම ක‍්‍රමවේදය පිලිබදව 10 දෙනෙක් දැනුවත් කළොත් අඩුම තරමින් එක් ජීවිතයක් හෝ එයින් බේරාගැනීමට හැකියාව ලැඛෙන බවයි.
 
මුලාශ්‍ර සහ ජායාරූප අන්තර්ජාලයෙන්..
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top