උකුණො කරදරේ ට නියම විසඳුමක්...
Sunday, 31 August 2025 - 12:47 | Views - 971
මේක පුංචි දරුවන් අතරේ බහුලව දකින්න පුළුවන් වුණත්, සමහර වැඩිහිටියෝ අතරත්, මේ උකුණො බෝවෙලා තියෙනවා. 
 
උකුණො කියන්නේ
උකුණන් ලෙස හැඳින්වෙන හිසට හිරිහැරයක් වූ මේ පරපෝෂිතයන් pediculas humanis capitas යන විද්‍යාත්මක නාමයෙන් තමයි හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් අළු පැහැයට හුරු සුදු පැහැයක් ඇති සහ ක`ඵ පැහැති උකුණොත් ඉන්නවා. උකුණු බිත්තර ලේඩී ලෙස තමයි හඳුන්වන්නේ. උකුණන්ගේ ගැහැණු සතාට දිනකට බිත්තර 10ක් පමණ දැමීමේ හැකියාවක් තිබෙනවා. උකුණෙකුගේ ජීවිත කාලය සාමාන්‍යයෙන් දින 40 පමණ වෙනවා. මොවුන් හිස් කබලේ සමට කිට්ටුවෙන්ම ජීවත් වෙනවා. හිසෙහි ලේ උරා බොමින් ජීවත් වන උකුණන්ට සමේ තිබෙන උෂ්ණත්වය ජීවත් වීමට බොහොමත්ම හිතකරයි. උකුණන් තම බිත්තර හිසකෙස් මත රඳවා තිබෙනවා. මෙම බිත්තර ලේඩි පැටවුන් සහිත සරු ඒවා සහ පැටවුන් ඉවත්ව ගිය පැරණි ඒවා හෝ නිසරු ඒවා ලෙස වර්ග දෙක තුනක් දකින්න ලැබෙනවා.
 
උකුණන්ගේ ආහාරය
උකුණන් හිස මත ඇති සමට විද රුධිරය උරා බොනවා. රුධිරය කැටි ගැසීම වළක්වා ගැනීමට සමට විද්ද සැනින් ඌගේ කෙල ඒ ස්ථානයට ඇතුල් කරනවා. අනතුරුව හොඳින් ලේ උරා බොනවා.
 
උකුණන් නිසා හිස කසා තුවාල ඇති වෙන්නේ ඇයි?
සම සිදුරු කර කෙල ඇතුල් කල ස්ථාන කැසීමකට ලක්වන නිසා තමයි උකුණු ආසාදන ඇති අය නිතරම හිස කසන්නෙ. සාමානයෙන් හිස කැසීමක් සිදුවුවද, උකුණන් විදින ස්ථානයේ දකින්න ලැබෙන්නේ නැති හේතුවත් එයයි. සමහර අයට පමණක් ඒ ස්ථාන තුවාල වී, විෂබීජ ආසාදනයට ලක් වී එම ස්ථාන පැසවීමකට ලක්විය හැකියි. ඒ වාගේම එම තුවාල හේතුවෙන් බෙල්ල අවට කුද්දැටි ඉදිමීමක් වුවත් සිදු විය හැකිය. ඒ වාගේම හිස උකුණන් බහුලව ගැවසෙන බෙල්ල ආසන්නයේදී හිස කෙස් ප්‍රදේශය හා කන් දෙක ආශ්‍රිතව ඇති හිසකෙස් ප්‍රදේශයේ බහුලව තුවාල හෝ සලකුණු දැකිය හැකිය. කොහොම වුනත් හිස උකුණන් මගින් සිදුවන හිස කැසීමට අමතරව වෙනත් රෝග බෝවීම සිදු වන්නේ නැහැ.
 
කොහොමද මේ උකුණො බෝ වෙන්නෙ?
සාමාන්‍යයෙන් උකුණන් බෝවෙන්නේ උකුණන් සිටින අයෙකුගේ හිසකෙස් උකුණන් නොසිටින අයෙකුගේ හිසකෙස් හා ගැටීමෙනුයි. එකම නිවසක එකම ඇඳක් භාවිතා කිරීමේ දී එකිනෙකාගේ හිස් එකට ගෑ වීමෙන් ද පාසල් යන ළමුන් එකිනෙකා හා ගැටෙමින් කටයුතු කිරීමෙන් වගේම පාසල් වෑන් තුලදිත් මෙම උකුණන් හුවමාරු සිදු විය හැකිය.
 
හිසෙහි එකවරක් හෝ උකුණන් සිටීමේ වාසිය
එක් වරක් හෝ උකුණන් හිසෙහි බෝවී තිබීම තුලින් ශරීරය විසින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කරගෙන තිබෙන නිසා ඒ හා සමාන වඩාත් භයානක වූ ශරීර උකුණන් හා සටන් කිරීමට හා ඔවුන් ඉවත් කිරීමට හැකියාවක් ලැබෙනවා. මේ නිසා තමයි විශේෂයෙන් කුඩා ළමයින් සඳහා එක් වරක් හෝ උකුණු ආසාදනයක් වීම වාසි සහගත දෙයක් ලෙස සඳහන් කළේ.
 
උකුණන් සඳහා ප්‍රතිකාර :
උකුණු නාශක බෙහෙත් අඩංගු රසායනිකයන් වෙනත් ස්වභාවික ශාකසාර නිෂ්පාදනයන් ස්නානය කරන විට ෂැම්පු ගෙන කන්ඩිෂනල් යොදා උකුණු පනාවකින් හිස පීරීමෙන්  උකුණන් වඳ කරගත හැකිය. මෙම ප්‍රතිකාර නැවත දින 7කට 12 පමණ පසු නැවත සිදුකරන්න.
උපකරණක් මගින් , උණුසුම් වාතය මගින් හිසකෙස් වියළීමෙන් ද
සමහර අවස්ථාවල හිසකෙස් කොටට කැපීම හෝ තට්ටය ගෑමෙන් ද ප්‍රතිකාර සිදු කරනු ලබනවා.
කෙසේ වෙතත් තදබල ලෙස හිස උකුණු ආසාදනය සඳහා ඔබගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් අවශ්‍ය වෙනවා.
උකුණු ආසාදනය නැවත ඇතිවීම වැළැක්වීමට ගතයුතු පියවර :
උකුණු බිත්තර හෙවත් ලේඩි හිසකෙස්වල තිබීම  නිසා උකුණන් නැවත සක්‍රීය විය හැකිය.
 
සති පතා දරුවන්ගේ හිසකෙස් පරීක්ෂාව
ලේඩි ඇති විට හා නිතර නිතර හිස කසන විට පරීක්ෂා කිරීම
හිස කෙස් හා සම්බන්ධ පනාව බුරුසු තුවා ඇඳ රෙදි ආදිය පිරිසුදු කිරීම
උකුණන් වඳ කිරීමේ ඖෂධ භාවිතා කිරීමෙන් පසුව සියළුම ද්‍රව්‍ය (පනා, බුරුසු, ඇඳ රෙදි කොට්ට උර) උතුරන වතුරින් තම්බා සෝදන්න.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top