වෛරස් උණෙන් ගොඩ එන්න බැරුව ඉන්න ඔබ වෙනුවෙන්..
Friday, 15 August 2025 - 8:55 | Views - 321
 
මේ දවස්වල දිගටම පැතිරිලා යන රෝගයක් තමයි මේ උණ රෝග තත්වය.
 
සාමාන්‍ය උණ තත්වයකට වඩා අධික ලෙස ඇගපත වේදනා දීම, නාසයෙන් සොටු දියර ගැලීම, පපුවේ වේදනාව, ස්නායු වේදනා සහ හිසේ ඇතිවන තදබල කැක්කුම් ස්වභාවය මේ උණ තත්වය එක්ක ඇතිවෙලා තියෙනවා.
සාමාන්‍යයෙන් සිදුකෙරෙන ප්‍රතිකාර වලට පවා අඩුනොවෙන විදියේ ශරීරයේ වේදනා තත්වයක් තමයි මේ උණ එක්ක ඇතිවෙලා තියෙන්නෙ.
ඔබට මේ උණ රෝගී තත්වය ඇතිවෙලා තිබෙනවා නම්..
 
1. පළමුවෙනි ප්‍රධාන දේ විදියට ශරීරයට හැකිතාක් විවේකය ලබාදෙන්න. වෙනදා සිදුකරන වැඩකටයුතු කරන්න කොහෙත්ම යන්න එපා.
2. බඩටත් විවේකයක් ලබාදෙන්න
 
මේ කීවේ උණ හොඳ වෙන්න කියලා හිතලා ගොඩක් කන අයට.
අපේ ශරීරය උණ රෝගය මට්ටු කරන්න වෙහෙස වෙන අතරෙ බරින් වැඩි තෙල් අධික ආහාර දිරවන්න ශක්තිය වැය කරන්න දෙන්න එපා. මේ නිසා පුළුවන් තරම් සැහැල්ලු ආහාර වර්ග කෑමට සහ බීමට ගන්න
මොනවාද ඒ ආහාර වර්ග..
 
ලුණු කැද- උණ රෝගී තත්වයක්දි ඔබට ගන්න පුළුවන් දිව්‍යමය ඖෂධයක් තමයි මේ.
තැම්බුම් හොදි - ඔබේ ශරීරය තිබෙන සියලුම වේදනාවන් ටිකින් ටික නැතිකරලා දාන්න මේ ආහාරයට පුළුවන් කම තියෙනවා..
මීට අමතරව ඔබ බත් ආහාරයට ගන්නවා නම් ගන්න අවශ්‍ය නම් හොදි වර්ගයක් වගේ දෙයක් එක්ක ආහාරයට ගන්න.දිරවීම හැමවිටම පහසු කරවන්න උත්සාහ කරන්න.
 
උණ රෝගය හැදිලා තියෙන ඔබ..
 
මදුරුතලා කොල මිටක්
ගම්මිරිස් ඇට තුන හතරක්
දෙහි හෝ ලෙමන් කැබැල්ලක්
මී පැණි ටිකක් හොයාගෙන මේ බෙහෙත් එක හදාගන්න.
 
මදුරුතලා කොල මිටට ගම්මිරිස් ඇට කීපයත් තලලා දාලා වතුර කෝප්ප දෙකක් දාලා එක කෝප්පෙකට හින්දවලා නිවෙන්න තියන්න. ඉන් පස්සෙ ඒකට ලෙමන් හෝ දෙහි යුෂ මේස හැදි දෙකක් විතර එකතුකරලා මී පැනි මේස හැන්දකුත් එකතුකරලා බීමට ගන්න.
මේ පානය දිනය පුරාවට වරින් වර බොන්න පුළුවන් වෙන විදියට සකස්කරගෙන සාදාගන්න.
 
ඉතාමත් ගුණදායක ප්‍රතිකාරයක් වෙන මේ ප්‍රතිකාරය මගින් ඔබට දින ගණනාවක් වද දුන්න උණ රෝගී තත්වය පහව යනවා වගේම ශරීරයේ කැක්කුම් ස්වාභාවයත් නැතිව යන හැටි අනිවාර්යයෙන්ම අත්දකින්න හැකිවේවි.
 
ඒ වගේම කබලේ බැදගත්ත කොත්තමල්ලි වලට ඉගුරු සහ වියලි කහ තේ හැන්දක් විතර එකතුකරලා තම්බලා ඒකත් දිනය පුරාවට බීමට ගන්න.
උණ සමග ශරීරය විජලනය වෙන එක වලක්වාගන්න පිපාසය සංසිදුවන පානයක් විදියටත් ඔබේ නාසයේ සිර ගතිය ඉවත්කරගන්නත් මේ පාන වර්ග දෙකම ඉවහල් වේවි.
 
නමුත්, මේ පාන වර්ග දෙකෙන් වඩාත් ප්‍රතිපල දායක වෙන්නෙ මදුරුතලා හෙවත් තුල්සි කොල පානය තමයි.
 
ඒ වගේම අත්බෙහෙත් මේ විදියට සදහන් කලත් ඔබට උණ රෝගයට වගේම එය සුවවීමෙන් පසුව පවතින ආහාර අරුචිය , ඇගපත රිදීම් මල බද්ධය වගේ තත්ව වලට වලටත් අවශ්‍ය ආයුර්වේදීය ප්‍රතිකාර ඔබට ආසන්නම රජයේ ආයුර්වේද රෝහලේ බාහිර රෝගී අංශයෙන් ලබාගත හැකි බවත් මේ එක්කම මතක් කරනවා.
 
උපුටා ගැනීමකි...
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top