සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ දිගුකාලීන සහකාරිය වන ජෝර්ජියානා රොඩ්‍රිගස් සමඟ විවාහ ගිවිසගෙන තිබෙනවා.
වසර 09ක දීර්ඝ සබඳතාවකින් පසු ඔවුන් මෙලෙස විවාහ ගිවිස ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ජෝර්ජියානා ස්පාඤ්ඤ භාෂාවෙන් “ඔව් මම කරනවා. මේකෙත් මගේ මුළු ජීවිත කාලය පුරාම” යනුවෙන් ලියා ඇති විශාල මුද්දක පින්තූරයක් සමඟ ඇයගේ සමාජ මාධ්‍යවල මේ බව නිවේදනය කර තිබුණා.
කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඇය බෙදාගෙන තිබුණේ නැහැ.
එසේම ඉන්ස්ටග්‍රෑම් හි වැඩිපුරම අනුගමනය කරන පුද්ගලයා වන 40 හැවිරිදි රොනාල්ඩෝ තවමත් ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම පිළිබඳව අදහස් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.