පිරිමි ඔබට බය හිතෙන අනාවරණයක්.. කලින් ම දැනගෙන ඉන්න..
Tuesday, 12 August 2025 - 8:16 | Views - 439
ශ්‍රී ලංකාවේ පිරිමි පුද්ගලයින් තුළ පෙනහළු පිලිකා වැළදීමේ වර්ධනයක් ඇතැයි ස්වසන රෝග පිළිබද වැලිසර ජාතික ළය රෝහලේ උරස් කුහර පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ සමන් ඉද්දමල්ගොඩ පවසනවා.
 
පෙනහළු පිළිකාව ලෙස පෙනහළු ආශ්‍රිතව විකෘති සෛල අඛණ්ඩව පාලනය කළ නොහැකි වර්ධනය වීමක් ලෙස හඳුන්වනු ලබනවා.
 
මෙම විකෘති සෛල තුලින් පෙනහළු තුළ සාමාන්‍ය ක්‍රීයාකාරීත්වයට බාධා සිදුකරන අතර, එය ශරීරය පුරා සිදුවන ඔක්සිජන් ප්‍රවාහනය කිරීමේදී බාධා පමුණුනවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
 
ඒ අනුව, ලෝකය පුරා වසරක් තුළ පෙනහළු පිළිකා රෝගීන් මිලියන 1.3ක් පමණ මරණ වාර්තා වන අතර එහි පිරිමි පුද්ගලයින් බහුල වන බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙනවා. 
 
මෙහිදී 2021 වසරේ මහරගම ජාතික පිළිකා ආයතනයේ සිදුකළ සමීක්ෂණයකදී එහි ප්‍රතිකාර ලබා ගත් පෙනහළු පිළිකා රෝගීන් ගෙන් සියයට 90 ක් දෙනා අවසන් අදියරේ දී හදුනාගත් රෝගීන් බව ශල්‍ය වෛද්‍ය විශේෂඥ සමන් සඳහන් කළා.
 
එවැනි රෝගීන්ගේ ශල්‍යකර්ම මගින් වැඩි කාලයක් ජීවත්වීමේ අවස්ථාව අහිමි වන බව ශල්‍ය වෛද්‍ය විශේෂඥ සමන් ඉද්දමල්ගොඩ පෙන්වා දුන්නා.
 
ඔහු පවසන්නේ පූර්ව අවදියේ පෙනහළු පිළිකා හදුනා ගැනීමෙන් රෝගියාගේ ජීවත්වීමේ කාලය ඉහළ දැමිය හැකි බවටයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top