මේ වගේ කාලෙක කෑම බීම ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.. ඔබත් අර්ශස් රෝගය නිසා පීඩාවට පත්වූ අ‍යෙක් නම් මේ ලිපිය වැදගත් වේවි..
Thursday, 31 July 2025 - 16:54 | Views - 126
ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව ශාරීරික ව මෙන්ම බොහෝ අයට මානසිකව ද පීඩා ඇතිකරන රෝගී තත්වයක් තමයි අර්ශස් කියන්නේ..  

සාමාන්‍ය ජන ව්‍යවහාරය තුළ "මූලග්ගාය" යන වචනයෙන් හැඳින්වූයේත් මෙම අර්ශස් රෝගී තත්වයමයි... අර්ශස් රෝගියෙකුට ඇතිවන වේදනාව තුළින් ඇතිවන කේන්තිය ඉන් පැහැදිළි කරනවා..
මලපහ කිරීමේදී රුධිරය පිටවීම සහ ඇතිවන වේදනාව අර්ශස් ඇතැයි බොහෝ දෙනා සැක කරන මුල්ම කාරණය උනත් එය අර්ශස් නොවී වෙනත් රෝගී තත්වයක් ද විය හැකියි.. වේදනාවක් ඇතිවීම හෝ නැතිවීම, රුධිරයේ පැහැය, මළපහ සමඟ රුධිරය පිටවන අවස්ථාව යන ආදී කරුණු සලකා බලා මෙය අර්ශස් ද, නැතිනම් වෙනත් රෝගී තත්වයක් ද යන්න දක්ෂ වෛද්‍යවරයකු විසින් පළමුව සොයාගනු ලබනවා..

ආයුර්වේදයේ මහා රෝගී තත්වයක් ලෙස සලකන මෙම අර්ශස් රෝගී තත්ත්වයේදී සිදුවන්නේ ගුද මාර්ගය ආශ්‍රිත රුධිර නාල ප්‍රමාණයෙන් දික් වී විශාල වී දඟර වැටීමයි.. (ඉදිමීමක් ඇතිවීමයි) එය මෙලසම අභ්‍යන්තරයේම පැවතීම හෝ බාහිර ගෙඩියක් ලෙස පිටතට පැමිණීම සිදුවෙන්න පුළුවන්..
ආයුර්වේදය තුළ හා දේශීය වෙදකම තුළ මෙම අර්ශස් රෝගය නිට්ටාවටම සුවපත් කර ගැනීම සඳහා බොහෝ සාර්ථක ප්‍රතිකාර ක්‍රම පවතිනවා..

අර්ශස් ඇති බව හඳුනගන්නෙ කොහොමද?

01. මලපහ සමඟ රුධිරය පිටවීම.
රුධිරය මලපහ සමඟ මිශ්‍ර වී ඇත්නම්, පිටවන්නේ කලු පැහැති/ කුණු ලේ පැහැති රුධිරය නම් එය ආහාර ජිර්ණ පද්ධතියේ ඉහළ කොටසක වූ ලේ ගැලීමක් ලෙස අපිට සිතන්න පුලුවන්. මලපහ කිරීමේදී රුධිරය විදීමක් ඇතිවීම අර්ශස් රෝගයේ ලක්ෂණයක්. මෙහිදී මලපහ සමඟ රතු පැහැති නැවුම් රුධිරය පිටවීමක් සිදුවෙනවා.

02. වේදනාවකින් තොරවීම.
ගුදමාර්ගය ආශ්‍රිතව රුධිර වහනයක් සමඟ තදබල වේදනාවක් ඇතිවේ නම් එය බොහෝ විට අර්ශස් නොවිය හැකියි. අර්ශස්වලදී ඇතිවන්නේ මද අපහසුතාවයක් පමණයි.

03. ගුද විවරය අසල කැසීම හා අසහනකාරී බවක් ඇතිවීම, සුදු සෙවල සහිත ශ්‍රාවයන් නිකුත් වීම.

04. ගුද විවරයෙන් පිටත ට සියුම් ගැටිත්තක් ඇති බව දැනීම හා යම් විටෙක එය ස්පර්ෂ කළ හැකි වීම.

05. ක්ලාන්තය, කරකැවිල්ල, කෑම අරුචිය, කොන්දෙ කැක්කුම, යටි බඩ ප්‍රදේශයේ වේදනාව, බඩපුරවා දැමීම, රක්තහීනතාවය යනාදී රෝග ලක්ෂණයන් ද අර්ශස් රෝගියකු තුළ දක්නට ලැබෙනවා.

ඉහත රෝගී ලක්ෂණයන් නොපෙන්වමින් සමහර පිළිකාමය තත්වයන්වලදී ගුද මාර්ගය අශ්‍රිතව ලේ පිටවීමක් සිදුවන නිසා මෙවැනි ලේ වහනයක් දුටු විගස එය නිගමනය කර ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත වහාම යොමුවිය යුතුයි...

අර්ශස්වලට ගෙදරදි කළ හැකි සාර්ථක ප්‍රතිකර්මයන්..

මේවා සියල්ල රක්තය (ලේ) පිටවීමට පෙර අවස්ථාවේ සිදුකළ යුතු ප්‍රතිකර්මයන් වේ. රක්තය පිටවන අවස්ථාවට පත්ව ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
01. පොල්කටු අඟුරු ටිකකට සූකිරි ටිකක් දමා එයින් නැගෙන දුම අර්ශස් ඇති ස්ථානය මෑත්කර එහි වැදීමට සැලැස්වීමෙන් එම ගෙඩි සමනය වේ. එම ගෙඩි වියළීමකට ලක්වේ.
02. කොහිල අල හා රතු ළූණු තම්බා නිතර බීමෙන් මෙම අර්ශස් ගෙඩි හකුළා ගත හැකියි. මෙය ඉතා හොඳ ප්‍රතිකාරයකි.
03. අමු දෙළුම් ලෙල්ලක් ගෙන එය රතු ළූණු සමඟ තල තෙලින් අඹරා හොඳට මලවා එය අර්ශස් ගෙඩිය වැහෙන සේ රැඳවිය හැකිනම් එමඟින් ද අර්ශස් ගෙඩිය වියළීමකට ලක්වෙයි.

සුදුසු ආහාර විහරණයන් :-
• අර්ශස් රෝගියෙකුට වැටකොළු, පතෝල, නිවිති, මුගුණුවැන්න, තම්පලා, කංකුං වැනි එළවළු සහ පලා වර්ග ද කෙසෙල්, ගස්ලබු, අලිපේර වැනි පලතුරු වර්ගද ඉතා සුදුසු යි.
• ඉස්සෝ, දැල්ලෝ, බල මාලු, බල කරවල, ඌරුමස් වැනි ඌෂ්ණාධික මස් වර්ග ද, අන්නාසි, අඹ, රඹුටන්, අනෝදා, දිවුල්, ජම්බු වැනි ඌෂ්ණාධික පළතුරු ද විනාකිරි එකතු කරන ලද ආහාර වර්ග හා චට්නි සෝස් වර්ගද මෙම අර්ශස් රෝගීන්ට අගුණ ආහාරයන් වේ.

අන්තර්ජාලය ඇසුරෙන්..
 
Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
මදුරුවන් මගින් ව්‍යාප්ත වන චිකුන්ගුන්යා...
Hiru Tv Blog
බිංකොහොඹ සෙ.මි 15 පමණ උසට වර්ධනය වන කුඩා...
Hiru Tv Blog
වද මීටර් 3 පමණ උසට වැඩෙන පඳුරක් හෝ කුඩා ශාකයකි....
Hiru Tv Blog
අද කාලේ සමාජ මාධ්‍ය ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි, දකින දකින තැන ජනප්‍රියම...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ජාලාවල විශේෂයෙන්ම ටික්ටොක් හරහා ලංකාවම හඳුනන සුපිරි තරුවක් තමයි...
Hiru Tv Blog
ඇත්තටම ඇයගේ ලස්සන නම් කියාගන්න බැරි තරම්.. රශිප්‍රභා සංදීපනී, ලංකාවේ කවුරුත්...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top