රෝග රැසකට ගුණ දෙන අඟුණ ගැන මේ දේවල් දැනගෙන හිටියාද..?
Friday, 25 July 2025 - 16:29 | Views - 395
කිරි අඟුණ, තිත්ත අඟුණ.. මේ කියන නම් දෙයක් ඔබට සමහරවිට සුපුරුදු ඇති..

මේ කියන්න යන්නේ අතිශ්‍යය ගුණදායක පළාවර්ගයක් ගැනයි..

ඒත් බොහෝ දෙනා මේ ගැන නොදන්නා නිසා මේ පළාවර්ගය ඒ තරම් ආහාරවේලට එක්කරගන්නේ නැහැ.. කොහොම වුණත් රස වගේම ගුණදායක මේ පළාවර්ගය ගැන මෙන්න මේ ලිපියෙන් ඔයාට හරියටම දැනගන්න පුළුවන්..

කෙනකුගේ ගුණ අගුණ හොඳින් දැනගන්න පුළුවන් ඒ කෙනත් එක්ක හොඳින් ආශ්‍රය කරනකොට නේ.. හැබැයි ඉතින් මේ නම් ඒ ගැන කතා කරන්න යන ගමනක් නෙවෙයි.. මේ ගමන ඊට වඩා හාත්පසින්ම වෙනස්..

කිරි අඟුණ, තිත්ත අඟුණ කියලා අඟුණ කොළ දෙවර්ගයක් තියෙනවා නේ.. ඉතින් මේ දෙවර්ගයම සම්බෝල හදලා කෑමට එකතු කරගන්න පැරැන්නන් අමතක කළේ නැහැ වගේ අදටත් වෙළඳපොළේ දී මේවා කොළ මිටියක් විදියට ලස්සනට සකස් කරලා තියෙනවා දැකගන්න පුළුවන්.. ගුණ දන්නා අය ඒවා මිළදී ගන්න අමතක කරන්නෙත් නැහැ.. තිත්ත අඟුණ කොහොමත් තිත්තයි නේ.. හැබැයි ගොඩක් ගුණයි.. ඒ වගේමයි කිරි අඟුණ කිව්වත් ඉතින් පොඩි තිත්ත රසයක් නැතුවාම නෙවෙයි.. මෙතනදි මම මතක් කරන්නම් මේ කොළ දෙවර්ගය හඳුනාගන්නා පහසු විදියකුත්.. තිත්ත අඟුණ කොළය වගේ නෙවෙයි කිරි අඟුණ කොළය කැඩුවම.. ඒ කිරි අඟුණ කොළය කඩපු තැන නටුවෙ පොඩි කිරි ගතියක් තියෙනවා.. පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්...

ඔ්නෑම පලා වර්ගයකට මල බද්ධය නැති කිරීමේ හැකියාවක් තියෙනවා කියලා සමහර විට ඔබ දන්නවා ඇති.. ඉතින් ඒ හා සමානව අඟුණ කොළවලට ද ඒ හැකියාව තිබෙන බවත් සමහර විට ඔබ අසා ඇති..

ඒ වගේම ප්‍රසවයේදී ඇතිවන රුධිර වහනය නැවත ඉක්මණින්ම යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාවක් ද මේ තුළ අන්තර්ගත වනවා කියලත් අහලා තියෙනවා...
දරුවෙක් ලැබුණු මවකට පහසුවෙන් කිරි එරවීමේ හැකියාවක් මේ අඟුණ කොළවල තියෙනවා කියලා මම අහලා තියෙනවා...

ඒ වගේම බඩේ අජීර්ණය සහ පණුගාය වැනි රෝග සඳහාත් ගුණදායී පලා වර්ගයක් තමයි අඟුණ කොළ..

ඔන්න එහෙනම් ලස්සන වෙන්න හැමතිස්සෙම නොයෙක් ආලේපන භාවිතා කරන ගැහැණු ළමුන්ටත් සුබ ආරංචියක් මේ තුළින් තියෙනවා ද කියලා බලමු.. ඔව්.. දිගු වරලසක් සහිත හමේ පැහැය වර්ණවත් කිරීමේ හැකියාවත් මේ තුළ ගැබ් වෙලා තියෙනවා...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top