මේ සංඥා 7 ඇත්නම් , ඔබත් අවදානමේ.. ඔබේ ශරීරය ගැන ඔබටම වටහා ගන්න පුළුවන් මෙහෙමයි..
Wednesday, 23 July 2025 - 11:36 | Views - 330
ඔබේ ශරීරයට ආසාදන සමඟ සටන් කිරීමට ප්‍රතිශක්තිය ඉතා වැදගත් වෙනවා. දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මෙම සලකුණු සහ රෝග ලක්ෂණ අවබෝධ කර ගැනීම වැදගත් වන්නේ එ නිසයි. එමගින් ඔබට නියමිත වේලාවට ඒ සඳහා පිළියම් කරන්න පුලුවන්.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුදු රුධිරාණු, වසා ගැටිති සහ ප්‍රතිදේහ වලින් සෑදී ඇති අතර බාහිර ආසාදන සමඟ සටන් කිරීමට ශරීරයට උපකාරී වෙනවා. වෛරසය සමඟ කටයුතු කිරීමේදී ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැදගත්කම කොවිඩ් -19 අපිට මතක් කර දුන්නා. නමුත් ඔබට දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබේ නම් කුමක් කරන්න ද?

දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සලකුණු කිහිපයක් මෙන්න:

1. ඉහළ මට්ටමේ ආතතිය
දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක පළමු සංඥාව වන්නේ ආතතියයි. ඔබ දිගු කලක් තිස්සේ ඔබේ ආතති මට්ටම නොසලකා හැරියහොත්, එය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඵලදායීතාවය අඩු කරන්න බලපනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍යයෙන් ආසාදන වලට එරෙහිව සටන් කරන ශරීරයේ සුදු රුධිරාණු හා වසා සෛල ප්‍රමාණය අඩු කරනවා. මේවා වලින් සෙම්ප්‍රතිශ්‍යාව සහ පාචනය වැනි රෝගවලට ගොදුරු වීමේ අවදානම ද එය අඩු කරනවා. අධික කෙන්තියද දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති බව පෙන්නුම් කරනවා.

2. නිතර ආසාදන
ඔබට වසර පහකට වඩා කාලයක් පවතින කනේ ආසාදන, දීර්ගකාලයක් තිස්සේ පවතින සෙම නිසා නාසය හිරවීම්, එක් වසරකදී නියුමෝනියා අවස්ථා දෙකකට වඩා හෝ ප්‍රතිජීවක ඖෂධ මාලා තුනකට වඩා අවශ්‍ය නම්, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට අවධානය යොමු කළ යුතුයි. ඔබේ ශරීරයට මේ තත්ත්වයන්ට ස්වභාවිකව ශරීරයෙන්ම සටන් කර්න්නට නොහැකි නම්, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල බව ඔබ තේරුම් ගත යුතුයි.

3. සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ අවදානම
වෛද්‍ය විද්‍යාවට අනුව, වැඩිහිටි කෙනෙකුට සාමාන්‍යයෙන් වසරකට දෙතුන් වතාවක් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම සාමාන්‍ය දෙයක්. වසර පුරා පවතින නිදන්ගත කැස්ස, සුව වීමට කල් ගන්නා සෙම්ප්‍රතිශ්‍යාව දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක ලකුණු පෙන්වනවා. සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ප්‍රතිදේහ නිපදවීමට ක්‍රියා කරන අතර එමඟින් දින 2-4 ක් තුළ එයට අනවශ්‍ය විෂබීජ සමඟ සටන් කිරීමට හැකි වෙනවා.

4. තෙහෙට්ටුව
දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ඔබට රාත්‍රියේදී ප්‍රමාණවත් නින්දක් ලැබුණද දවස පුරා තෙහෙට්ටුවක් දැනෙයි. එමගින් ශරීරයට ශක්තිය අඩු බවක් සහ වෙහෙසට පත්කරවන බවක් දැනෙනු ඇත.

5. තුවාල සෙමින් සුවවීම
දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියකට ඉක්මනින් අලුත් සම නිපදවීමට නොහැකි නිසා තුවාල සුව වීම මන්දගාමී වෙයි. නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් මගින් සමට යම් හානියක් සිදු වූ විට නව සම නැවත ඇති කිරීමට උපකාරී වෙනවා.

6. සන්ධි වේදනාව
දුර්වල ප්‍රතිශක්තිය කියන්නේ සන්ධි කැක්කුම නැවත නැවත ඇති කරවන්න හේතුවක්.

7. නිදන්ගත බඩවැල් ගැටළු
වෛද්‍ය විද්‍යාවට අනුව, ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් 70-75% ක් පමණ ආහාර ජීර්ණ පද්ධතියේ නිපදවනු ලබනවා. එබැවින් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් මල බද්ධය, ආම්ලිකතාවය, ආම වාතය, පාචනය ආදිය ඇති කරයි. ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා ප්‍රමාණය අඩුවීමත් සමඟ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට ආබාධ ඇතිවීමේ වැඩි අවදානමක් ඇතිකරනු ඇත. 
 
උපුටා ගැනීමකි.. 
Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් විශේෂ...
Hiru Tv Blog
රටේ පවතින දැඩි ඉන්ධන සහ විදුලි අර්බුදය...
Hiru Tv Blog
පිළිකාව, බොහෝ දෙනා තුළ බියක් ඇති කරන තවත්...
Hiru Tv Blog
ඇය දුටු පමණින් කාගේත් නෙත් සිත් ඇදගන්නා, පුංචි සුරංගනාවියක් වැනි රුවකට හිමිකම්...
Hiru Tv Blog
කලා ලෝකයේ අපට හමුවන දක්ෂ වගේම දකින ඕනෑම කෙනෙකුගේ හිත ඇද බැඳ ගන්නා රූපයකට හිමිකම්...
Hiru Tv Blog
ඇය කාගේත් ආකර්ශනය දිනාගත්ත හරිම ආදරණීය කලා ශිල්පිනියක්. දිනිති වල්ගමගේ, ...
Hiru Tv Blog
අඩසියවසකට පසු පෘථිවිය දිස්වුණු අපූරුව! ‘Hello World’ කියමින් Artemis II සඳ ගමනෙන් ආ සුපිරි...
Hiru Tv Blog
නාසා (NASA) ආයතනයේ මේ ඓතිහාසික පිම්ම දෙස මුළු ලෝකයම මේ වනවිට දෑස් දල්වාගෙන බලා සිටිනවා.  ලෝක...
Hiru Tv Blog
මේ කාලසීමාව ඔවුන්ගේ මුළු රටටම විශේෂ වුණු කාලයක්.බලන්නකෝ මේ කියන්න යන්නේ මොකක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top