ඔයාලත් බලන්න යන්න ද හිටියේ.. ඔන්න දැන් රෑටත් පුළුවන්..
විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර ආරුක්කු නවය පාලම සහ බිංගෙය විදුලි බල්බවලින් ආලෝකවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබෙනවා.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාර්ගෝපදේශකත්වය මත warm white පැහැයේ විදුලි බුබුලුවලින් ආරුක්කු නවය පාලම හා බිංගෙය ආලෝකවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී ඉන්ජිනේරු ධනුෂ්ක දිසානායක පවසනවා.
මෙම ව්‍යාපෘතියේ කටයුතු නිමකර ලබන අගෝස්තු මාසයේදී විවෘත කිරීමට නියමිත යි.
බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකර ඇති මේ වනවිට වසර 104 ක් පැරණි ආරුක්කු නවය පාලම හා බිංගෙයෙහි කෞතුක බව රැකෙන පරිදි තම අධීක්ෂණය යටතේ මෙය සිදුකෙරෙන බව ඉන්ජිනේරුවරයා සදහන් කළා.
ඔහු සඳහන් කළේ, දැනට warm white පැහැයේ විදුලි බල්බ හැත්තෑවක් පමණ යොදා ගෙන ආලෝකවත් කර ඇති මෙහි පෙරහුරුවක් ඊයේ පැවති බවයි.