බණ්ඩක්කා කෑවොත් අත්වෙන ප්‍රතිඵල විශ්මිතයි.. ගුණ රැසක් සපිරි බණ්ඩක්කා නිවැරදි විදිහට ඔබේ ආහාරවේලට එක්කරගන්න..
Saturday, 05 July 2025 - 14:29 | Views - 519
මේ කියන්නේ බණ්ඩක්කා ගැන ඔබ දැනගතම යුතු කතාවක්.. ගොඩක් දෙනෙක් මෙය ආහාරයට එක්කරගන්න ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.. 

ඒ විතරක් නෙවෙයි, සමහරවිට ඔබ ආහාරයට එක්කරගන්නා බණ්ඩක්කා පිසින ආකාරය අනුව එහි පෝෂණ ගුණය විනාශවෙන්නත් ඇතැම් අවස්ථාවලදී ඉඩකඩ තියනවා.. මේ කියන්න යන්නේ කවුරුත් වැඩියේ කන්න කැමති නැති බණ්ඩක්කාවල ගුණ ගැන ඇසෙන විශේෂ කතාවක්..

බණ්ඩක්කා යනු සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් ඇති එළවළුවක්. විටමින් A, B, C, E සහ පොටෑසියම්,කැල්සියම්, මැග්නීසියම්, යකඩ සහ සින්ක් වැනි ඛනිජ බණ්ඩක්කා තුළ අන්තර්ගතයි. බණ්ඩක්කා වලින් අප ශරීරයට කෙරෙන කාර්යයන් රාශියක් තිබෙනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම
බණ්ඩක්කා ප්‍රතිඔක්සිකාරක වලින් සහ විටමින් C වලින් පොහොසත්. ඒ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරනවා. එලෙසම බාහිරෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ කිරීමට ශරීරයට ඇතුළුවන අහිතකර සංඝටකයන් සමග සටන් වැදීමට සුදු රුධිර සෛල නිෂ්පාදනය කිරීමද සිදු කරනවා.

ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කිරීම
ඔබේ ආහාර වේල සඳහා බණ්ඩක්කා එක්කර ගැනීම මගින් ශරීරයට වැඩි තන්තු ප්‍රමාණයක් එක්කර ගන්නට පුළුවන්. බණ්ඩක්කා සතු තන්තු මගින් ආහාර ජීර්ණ පද්ධතිය හරහා ආහාර ක්‍රමවත්ව ගමන් කරවීම සිදු කරනවා. එලෙසම මලපහ පිටවීමද ක්‍රමවත් කර උදරය පිපීම, උදර මාංශ පේශී පෙරලීම, මලබද්ධය සහ උදරයේ ගෑස් ඇතිවීමේ වැනි උදරාශ්‍රිත ආභාද රැසකින් අපව ආරක්‍ෂා කර පාචනයෙන් සහ අධික කොලෙස්ටරෝල් මට්ටමෙන් පවා අපව ආරක්‍ෂා කරනු ලබනවා.

පෙනීම් වර්ධනය කිරීම
බණ්ඩක්කා සතු විටමින් A සහ “lutein”, “xanthene” සහ “beta carotenes” වැනි ප්‍රතිඔක්සිකාරක සංඝටකයන් මගින් පෙනීමට බාධා ඇති වන ආකාරයෙන් ශරීරයේ සෛල වලට හානි කරන ව්‍යාදිජනකයින් අඩපණ කිරීම සිදු කරනවා. දිනපතා බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් “cataracts” සහ නාභිගත ගැටළු ඇතිවීම වැළකෙනවා.

රුධිර පීඩනය නියාමනය කිරීම සහ හදවත් සෞඛ්‍යය රැක ගැනීම
බණ්ඩක්කා සතු විටමින් සහ ඛනිජ මෙන්ම අධික පොටෑසියම් නිසා හදවත් සෞඛ්‍යය නිසි ලෙස ආරක්‍ෂා වනවා. පොටෑසියම් මගින් ශරීරයේ සෝඩියම් ප්‍රමාණය සහ තරලයන් නිසි ලෙස සමබර කර ශරීරයේ රුධිර නාලිකා සහ ධමනි ලිහිල් කර රුධිර පීඩනය පාලනය කර හදවත් සෞඛ්‍යය වර්ධනය කිරීම සිදු කරනවා.

සම සෞඛ්‍යය සම්පන්න කිරීම
බණ්ඩක්කා ආහාරයට ගැනීම මගින් සමේ ඇතිවන තුවාල සුවපත්වීමේ වේගය වැඩිවීම සහ සම සෞඛ්‍යය සම්පන්න වීම සිදු වනවා. එමෙන්ම, සමේ කැළැල් මැකීම, කුරුලෑ සහ සම රැළි වැටීම පවා වළක්වනවා. මෙවන් සෞඛ්‍යය ප්‍රතිලාභ අපට අත්වන්නේ බණ්ඩක්කා තුල අඩංගු වන ප්‍රභල ප්‍රතිඔක්සිකාරක බලය නිසයි.

දියවැඩියාව සඳහා ප්‍රත්‍යක්ෂ ම බෙහෙතක් ලෙස
ඔවුන් රුධිරගත සීනි මට්ටම පහල දැමීම සඳහා උදැසන බණ්ඩක්කා දැමු වතුර පානය කරනවා. රාත්‍රී කාලයේදී බණ්ඩක්කා කරල් දෙකක් පමණ ගෙන එය කපා වතුර වීදුරුවක දමා එලි වනතුරු තබන්න. උදෑසන බණ්ඩක්කා ආහාරයට ගෙන වතුර මිශ්‍රණය පානය කරන්න. මේ සුව ප්‍රතිලාභ සියල්ල ඔබට ලැබේවි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top