උදේ - සවස විසි කරන මේ වතුර ටික එකතු කරගත්තා නම් ඔබටත් පැහැපත් වෙන්න පුළුවන්..
Friday, 04 July 2025 - 9:19 | Views - 200
සැලෝන් නොයා ගෙදරදීම ඔබේ රුව රැකගන්න මේකත් හොඳ ක්‍රමයක්.. සමහරවිට ඔබ මේ ගැන දැනගෙන හිටියා වෙන්න පුළුවන්..

කොහොම වුණත් මේ කියන්න යන්නේ ඔබට තවත් වැදගත් වෙන කාරණයක් වෙන්න පුළුවන්..

සහල් වතුරවල අඩංගු පෝෂණ ගුණයන් ඔයාගේ සමේ පැහැය වැඩි කරන්නත්, ලප කැළැල් අවම කරන්නත් හිස කෙස් වර්ධනය කරන්නත් උදව්වන බව ඔබ දැන සිටියාද..?

සෑම ගෙදරකම උදෑසන හා රාත්‍රියේ ආහාර පිසිමේදී සහල් සෝදලා ඒ වතුර අනවශ්‍යය දෙයක් ලෙස සලකලා විසිකරලා දානවානේ.. නමුත් ඔබ කවදාවත් සිතන්නේ නැතුව ඇති ඒ විසිකරලා දාන වතුරෙන් ඔබගේ රූපයේ සුන්දරත්වය වැඩි කරගන්න පුළුවන් වේවී කියලා..

සහල් වතුරවල සමට සහ හිස කෙස් සඳහා අනිවාර්යයෙන් අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වෙනවා.. විටමින් B, C හා E මෙන්ම ඛනිජ වර්ග හා අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල මෙහි අඩංගු වෙනවා.. ඔයාට කරන්න තියෙන්න හරිම පහසු වැඩක්..

සහල් සේදූ වතුර වලින් උදේ හා සවස මුහුණ සෝදන්න.. හැබැයි මුහුණ පිසදමන්න එපා.. එහෙමම වියලෙන්න දෙන්න. විනාඩි 30කින් පිරිසිදු වතුරෙන් මුහුණ සෝදන්න..

සහල් සේදු වතුර පිරිසිදු භාජනයකට දමා මද ගින්නේ විනාඩි 15ක් පමණ රත් කර ගන්න.. ඉන් පසු එය දින එක හමාරක් හෝ දෙකක් හොඳින් වසා තබන්න.. දින එක හමාරකට පස්සේ ඒ වතුරින් ඇඟිලි තුඩු තෙමා හිස් කබල හොඳින් සම්බාහනය කරන්න.. විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න..

මේ තමයි ඔයාට පහසුවෙන්ම කර ගන්න පුළුවන් සත්කාර. ඊට අමතරව ඔයාට සහල් වතුර වලින් කරන්න පුළුවන් මේ දේවලුත් ඔයාගේ රුව වැඩි කර ගන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන්..

සහල් කෝප්පයක් පිරිසිදු වතුරින් සෝදා ගන්න.. එයට වතුර කෝප්ප තුනක් දාලා බඳුන වහන්නේ නැතුව විනාඩි 15ක් පමණ පිස ගන්න.. ඊට පස්සේ සහල් තැම්බුණු වතුට ටික පෙරලා වෙන් කර ගන්න.. සහල් වතුර සිසිල් වෙන්න දීලා ඉන්පසු එය සතියක් දක්වා ශීතකරණයක් තුළ ගබඩා කර තබන්න..

ඊට පස්සේ මේ මිශ්‍රණය කලින් කිව්ව විදියටම ඔයාට අවශ්‍ය විදියට මුහුණේ ආලේප කරන්න හෝ හිසේ ගල්වා සම්බාහනය කරන්න ගන්න පුළුවන්.. භාවිතයට ගන්නිද්දී ඊට කලින් මිශ්‍රණය හොඳින් සොලවා පාවිච්චියට ගන්න..

ඒ වගේම කලින් ක්‍රමයේදී කිව්ව විදිහට සහල් තම්බන්නේ නැතිව සහල් සෝදා ගත් වතුර සතියක කාලයක් ශීතකරණයේ තබා කලින් විදිහටම ප්‍රයෝජනයට ගන්න පුළුවන්..
Share This Article
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top