ඔබත් මේ කෑමවලට ගිජු කෙනෙක්ද..? එහෙනම් ඔයත් ඔයාගේ ලස්සන නැති කරගන්නේ දැන දැනමයි..
Tuesday, 01 July 2025 - 16:47 | Views - 409
අද කාලේ වෙද්දී කාන්තාවන් වගේම පිරිමි පාර්ශ්වයත් ගොඩක් කැමතියි නේ ලස්සනට ඉන්න කැමැත්තක් දක්වනවා..

සමහර අය නම් ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා.. ඒත් තව සමහරෙක් ඒ ගැන එතරම් සැලකිලිමත් වෙන්නේ නැහැ.. මේ කියන්න යන්නේ තමන්ගේ සමේ ලස්සන ගැන සැලකිලිමත්වන ඔබ අඩුවෙන් ආහාරයට එක්කරගත යුතු කෑමබීම කිහිපයක් ගැනයි..

සුදු පාන්

සුදු පාන් කියන්නේ සීනි අන්තර්ගතය ඉහලම ආහාරයක්. ශරීරයේ සීනි මට්ටමට ඉහල යෑමත් ඉන්සියුලින් නිපදවීම අඩාල වීමත් සමේ කුරුලෑ ඇති වීමට ප්‍රධාන හේතුවක්.

සකස් කල මස් ආහාර

සොසේජ්, හැම් වගේ සකස් කල මාංශ ආහාර වල ඇති මේදය සහ ලුණු ඔයාගෙ සමට හොඳ නැහැ. ඔයා හොට් ඩෝග් එකක් හරි බර්ගර් එකක් හරි කෑවොත් ටිකක් වැඩිපුර වතුර බොන්න අමතක කරන්න එපා.

ශක්තිජණක පාන

ඔබ දන්නවාද මේ බීම වල අඩංගු වෙලා තියෙන්නේ සීනි, කැෆේන්, උත්තේජක. ඔබේ සමට වගේම සෞඛ්‍යයට අහිතකර මේ සංයෝග අඩංගු බීම වලට රැවටෙන්න එපා.

කෝපි

කෝපි ඔයාගේ සම විජලනයට පත් කරනවා. එමගින් ඔයාගේ සම මතුපිට ඇති රේඛා ඉස්මතු වී පෙනෙන්න පටන් ගන්නවා. අනෙක පමණට වඩා කෝපි පානය ඔබේ රාත්‍රී නින්දට බාදාවක්. ඉතින් නිදි වැරීමත් සමට හොඳක් කරන්නේ නෑ.

සකස් කල පොප් කෝන්

අපි මිලදී ගන්නා සකස් කල පොප් කෝන් සකස් කරන්නේ ව්‍යාජ බටර් යොදාගෙනයි. ඉතින් මේ බටර් සහ ලුණු ඔයාගේ සම ඇතුලතින් තැන්පත් වෙනවා. නරක ආරංචිය තමයි, ඒ තැන්පත්වෙන මේදය ලේසියෙන් දිය කර හරින්න බැරි වීම.

ඩෝනට්

කුමන ගුණාත්මක බවින් සකස් කලත් ඩෝනට් කියන්නේ තෙල් සහ සීනි අධික ලෙස ඇති ආහාරයක්. සීනි, තෙල් කියන්නේ ඉතින් සමට සතුරන්.

සෝඩා බීම වර්ග

කාබනික බීම වර්ග මෙන්ම සීනි අධික බීම වර්ග ශරීරයේ කොලිජන් හෙවත් සම එල්ලා වැටීම වලක්වන පටල නිපදවීම අඩාල කරනවා.

බැදුම්

ගැඹුරු තෙලේ බැදූ ආහාර සමට නම් හොඳක් කරන්නේ නෑ. උවමනාවට වඩා බැදුම් ආහාර ආහාරයට ගැනීමෙන් ශරීරය ඇතුලත සිදුවන රුධිර සංසරණයට බාධා පමුණුවනවා. මේ නිසා ඇති වන ප්‍රතිඵලයට ඔයා කණ්නාඩිය ඉස්සරහ හිටගත්තම නම් හිතට සතුටක් ගේන්නේ නෑ.

ඇල්කොහොල්

ඇල්කොහොල් කියන්නේ ඔයාගේ සමට හතුරෙක්. ඇල්කොහොල් ශරීරයේ ඇතුලතින් සමේ තෙතමනය උරාගෙන පිටතින් ගිලුණු වැහැරුණු සමක් තමා ඉතුරු කරන්නේ. ඔබට ඇල්කොහොල් පානය කරන්න උවමනා නම්, සමේ පෙණුම ආරක්ෂා කරගන්න ඕනේ නම් ටික්ක වැඩිපුර වතුර බොන්න සහ බීම වීදුරුවට වැඩිපුර ජල ආදේශක භාවිතා කරන්න.

සුදු සහල්

සුදු සහල් සම්පූර්ණයෙන්ම අහිතකර නොවුනත්, සුදු සහල් කියන්නේ සීනි පරිමාව වැඩි ඝනයට අයත් ආහාරයක්. ඉතින් සුදු බත් ආහාරයට ගන්න කොට ටික වැඩිපුර ප්‍රෝටීන් සහිත ආහාර එකතු කරගන්න අමතක කරන්න එපා.

ටොෆී, ජුජුබ්ස්, මාෂ්මෙලෝස් වගේ පැණි රස දේවල්

අධික සීනි කියන්නෙ ඉතින් ඔයාගේ ඉණ ප්‍රදේශයට නම් නරක ආරංචියක්. අදික ලෙස පැණි රස ආහාර ගැනීමෙන් ඔයගේ සම ඉදිමුමකට ලක් කරනවා.

ලුණු අධික අතුරු ආහාර

චිප්ස් වගේ ලුණු අධික ආහාර ගැනීමෙන් ශරීරයේ ලුණු ප්‍රමාණය ක්ෂණිකව ඉහල දමනවා. ඒ කියන්නේ ශරීරයේ ඇති ජලය අනවශ්‍ය ලෙස සිඳීමකට ලක් වෙනවා. එක ඔයාගේ සමට හිතකර නෑ.

 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top