සුව නින්දකට කවුද අකමැති , මෙන්න එහෙනම් ඔබට සුව නින්දක් හිමිකර දෙන ආහාර වර්ග හත..
Monday, 23 June 2025 - 14:07 | Views - 544
 
සෞඛ්‍යවත් ජීවිතයක් ගත කිරීම සඳහා නින්ද කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් විවිධ අවස්ථා වල විවිධ හේතු නිසා ඔබට නින්ද අහිමි වෙන්න පුළුවන්. ඒ අතර ස්ථුලභාවය, මානසික ආතතිය, දෙවන අදියරේ දියවැඩියාව වැනි රෝග නිසාත් ඔබට නින්ද අහිමි වී ය හැකියි. කොහොම නමුත් මේ ලිපිය තුලින් අපි කියන්න යන්නේ එවැනි සංකුලතා මඟ හරවා  ඔබට සුව නින්දක් ලඟා කර දෙන ආහාර වර්ග 7 ක් පිළිබඳව.
 
කෙසෙල්
 
කෙසෙල් කියන්නේ පොටෑසියම් බහුලව අඩංගු පළතුරක්. මේ නිසා  දිනපතා නින්දට පෙර කෙසෙල් ගෙඩියක් අහාරයට ගැනීම මඟින් රාත්‍රී කාලයේ නින්ද ඔබෙන් දුරස් කර තබන විවිධ සංකුලතා මඟහැර ඔබට සුවදායී නින්දක් හිමි කර ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් ඔබ දියවැඩියාව රෝගයෙන් පෙලෙන පුද්ගලයෙක් නම් කෙසෙල් ගෙඩියකින් භාගයක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්. ඒ මඟින් රුධිරයේ සීනි මට්ටම ඉහල යාම පාලනය කරනු ලබනවා. ඊට අමතරව කෙසෙල් වල මැග්නීසියම් අඩංගු බැවින් දිනපතා ආහාරයට ගැනීම මඟින් මාංශ පේශි සැහැල්ලු කරමින් ඔබේ නින්ද වඩාත් සුවදායී එකක් බවට පත් කරනවා.
 
සැමන්
 
සැමන් මාළු වල අන්තර්ගත ඔමේගා 3 මේද අම්ල මඟින් මානසික ආතතිය දුරු කර ශරීරය සැහැල්ලු කරනු ලබන අතර  එහි අඩංගු විටමින් B6 මඟින් නින්ද සඳහා අත්‍යවශ්‍ය මෙලටොනින් හෝර්මෝනය ශ්‍රාවය වීම උත්තේජනය කරනු ලබනවා. එමෙන්ම සැමන් වල අඩංගු අධික ප්‍රෝටීන  අන්තර්ගතය මඟින් රාත්‍රී කාලය පුරාම ඔබව අලස ගතියකට පත් කර ඒ මඟින් ඔබව ගැඹුරු නින්දකට පත් කරනු ලබනවා. තවද දිනපතා සැමන් ආහාරයට ගන්නා පුද්ගලයින්ගේ ශරීරයේ විටමින් D අන්තරගතය ඉහල අගයක පවතින බවද පරීක්ෂණ මඟින් අනාවරණය කරගෙන තිබෙනවා.
 
ඖෂධීය තේ පානයන්
 
ඖෂධීය තේ වර්ග පානය කිරීම මඟින්සුව නින්දක් නොලැබීම ඇතුළු සෞඛ්‍යමය ගැටළු බොහොමයකට පිළිතුරු ලැබෙන බව අපි අසා තිබෙනවා. නමුත් ඕනෑම තේ වර්ගයක් ඒ සඳහා සුදුසු නොවන අතර කැමොමයිල් තේ, මින්ට්, ලැවන්ඩර් වැනි තේ වර්ග මේ සඳහා ඉතාම සුදුසුයි. නමුත් නින්දට පෙර කිසිඳු අවස්ථාවක බ්ලැක් ටී හෝ ග්‍රීන් ටී පානය කිරීම නොකළ යුතු දෙයක්. ඒ මඟින් ඔබව රාත්‍රිය පුරාම ඇහැරවා තැබිය හැකියි.
 
යෝගට්
 
කැල්සියම් ඌනතාවයක් ඇති විටෙක ඔබට නින්ද නොයෑමේ අපහසුතා මතු වෙන්න පුළුවන්. ඒ නිසා ශරීරයට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබා ගැනීම සඳහා කිරි, යෝගට් සහ අනෙකුත් කිරි නිෂ්පාදන නිතර ආහාරයට ගැනීම මඟින් එම සංකුලතා මඟහරවා ගත හැකියි.
 
චෙරි
 
රාත්‍රී නින්දට පෙර චෙරි යුෂ මිලි ලීටර් 250 ක පමණ ප්‍රමාණයක් පානය කල හැකිනම් ඒ මඟින් ඔබට අතිශය සුවදායී නින්දක් හිමි වන බවට සහතික කරන්න පුළුවන්. චෙරි ආහාරයට ගැනීම මඟින් නින්ද සඳහා අත්‍යවශ්‍ය වන මෙලටොනින් හෝර්මෝනය උත්තේජනය වීම වැඩි කරනු ලබන අතර ඒ මඟින් ඔබට සුවදායී නින්දක් හිමි කර දෙනු ලබනවා. මෙහිදී ඔබට චෙරි යුෂ වශයෙන් පානය කිරීම අපහසු නම් ප්‍රධාන ආහාර වේල් අතරට වියලි හෝ නැවුම් චෙරි ගෙඩි කිහිපයක් ආහාරයට ගැනීමත් ප්‍රමාණවත්.
 
ධාන්‍ය
 
සියලුම ධාන්‍ය වර්ග මැග්නීසියම් වලින් අනුනයි. බොහෝ දෙනෙක් තම ආහාර වේල් වල ඇති මැග්නීසියම් අවශ්‍යතාවය පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වන නිසාම මැග්නීසියම් ඌණතාවයන් මතු වෙන්න පුළුවන්. එහි අතුරු ප්‍රතිපලයක් වශයෙන් ඔබට නින්ද නොයෑමේ ගැටළු ඇති විය හැකියි. මේ නිසා දිනපතා ඔබේ අහාර වේල් අතරට කිසියම් ධාන්‍ය වර්ගයක් එක් කර ගැනීම මඟින් ශරීරයේ මැග්නීසියම් අවශ්‍යතාවය සම්පුර්ණ වෙන අතරම ඒ මඟින් ඔබට සුවදායී නින්දක් ලබා ගැනීමටද හැකියාව ලැබෙනවා.
 
කොකෝවා
 
කොකෝවා කියන්නෙත් ඔබට සුවදායී නින්දක් ලබා ගැනීම සඳහා අවශ්‍ය උපකාරය ලබා දෙන පළතුරක්. රසකාරක එක් නොකරන ලද කොකෝවා පිටි වල  ට්‍රිප්ටෝපේන් අඩංගු වන අතර චොකලට් වල අඩංගු මැග්නීසියම් මඟින්ද ඔබට නින්ද සඳහා අවශ්‍ය සහාය ලබා දෙනවා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top