දැන දැන කරන වැරදි නිසා ඔබත් හෘදයාබාධයකට අත වනනවා ඇති.. ඒ ගැන අවධානයෙන් ඉන්න..
Saturday, 21 June 2025 - 17:25 | Views - 232
ඔබ බොහෝ දෙනා අද වෙනකොට තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙනවා..

ඒ වෙනුවෙන් ආරක්ෂා වෙන අයත් බොහෝමයක් අපේ සමාජයේම ඉන්නවා.. 

කොහොම වුණත් බෝ නොවන රෝග අතර මේ වෙනකොට වැඩියෙන්ම පැතිරයන හෘදයාබාධ ගැනයි මේ කතාව..

හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබෙනවා.
හෘදයාබාධයක් යනු ජීවිතය අනතුරේ දමන රෝගී තත්ත්වයක් වුවත් එය වළක්වාගත හැකි රෝගයක්.

හෘදයාබාධයකදී වෙන දේ

හදවතට නිසි ලෙස රුධිර සැපයුම නොලැබීම නිසා එහි මාංශපේශින් තුවාලවීම නිසා හටගන්නා රෝග තත්ත්වය හෘදයාබාධයක් ලෙස හඳුන්වනවා. තුවාල වූ මාංශපේශිවලින් කොටසක් අනිවාර්යයෙන්ම හානියට පතවන අතර එම කොටස කුඩා නම් එයින් ජීවිතයට හානියක් වන්නේ නැහැ. හානියට පත් වූ මාංශපේශි සෙමෙන් සුව වෙනවා.

ඒ සඳහා සති 6-8 ක කාලයක් ගතවන අතර එම කාලය තුළ විවේක ගත යුතුයි. එහෙත් තුවාල වන මාංශ පේශී කොටස විශාල නම් එය ජිවිතය අනතුරේ හෙළනවා.

අවදානම් සාධක

දියවැඩියාව, කොලොස්ටරෝල් සහ අධික රුධිර පීඩනය

පවුලේ කෙනෙකුට අඩු වයසින් හෘදයාබාධ ඇතිවීම හෝ ස්ටෙන්ත් දැමීම, බයිපාස් සැත්කම් කිරීම වැනි ජානමය සාධක

දුම්පානය කිරීම

මත්ද්‍රව්‍ය භාවිතය (මෙවැනි අයගේ හෘද ස්පන්දනය සහ අධික රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස අඩු වැඩිවීමට පුළුවන. එය හෘදයාබාධයකට හේතුවක් විය හැකිය.)

හදවත ලෙඩින් බවට දෙන ඉඟි

ඇවිදින විට හෝ වැඩක යෙදී සිටින විට දැනෙන අධික මහන්සිය

කය මෙන්ම සිත වෙහෙසන විට පපුව මැද ඇතිවන වේදනාව

ආහාර වේලකින් පසුව පපුව හිරවීම හෝ හතිය ඇති වීම

වියළි කැස්ස

කකුල් ඉදිමීම

ක්ලාන්ත වීම හෝ ඇස් ඉදිමීම

පපුවේ ගැස්ම

අදෑසනට හිස මුදුනෙන් දැනෙන හිසරදය

හෘදයාබාධයක් වැලඳුනාම පෙන්වන ලක්ෂණ

පපුවේ සිට වම් අත දිගේ ඇගිලි තුඩු දක්වාත් පපුවේ සිට බෙල්ලේ වම් පැත්තේ ඉහළ පෙදෙස දක්වාත් ඉදිකටු ඇනෙන්නාක් මෙන් ඇතිවන වේදනාව

හුස්ම ගැනීමේ අපහසුව

හදිසි ක්ලාන්ත ගතිය

කරකැවිල්ල

හෘද ස්පන්දනය වේගවත් වීම

ඇද වැටීම

මේ ආහාර ගැනීමෙන් වළකින්න

හෘදයාබාධ සඳහා බලපාන සිරුරේ කොලොස්ටරෝල් අදිකවීම, දියවැඩියාව, සහ අධික රුධිර පීඩනය ඇතිවීමට ප්‍රධාන ලෙස බලාපාන්නේ ආහාර යි.

විශේෂයෙන්ම පසුගිය වසර පහළොව තුළ මෙරට ආහාර රටාවේ සිදුව ඇති වෙනස්කම් මෙම අකල් හාදයාබාධවලට බලපා තිබේ.

එබැවින් නිරෝගීව කලක් ජීවත්වීමට අවශ්‍ය සෑම පුද්ගලයෙකුම ආහාර පිළිබඳව සැලකිලිමත්වීම අවශ්‍ය ය.

තෙල් අධික ආහාර

තෙල් වර්ග

ක්ෂණික ආහාර

සීනි සහ ලුණු අධික ආහාර

බිත්තර කහදමය නිතර ආහාරයට නොගන්න

මාගරින් - බටර්

රතු මස්

කුකුළු මස් (නිතර ආහාරයට ගැනීම සුදුසු නැත)

සොසේජස්, හැම් බේකන්

ශුද්ධ කළ පිටි අධික ආහාර

නිවෙසින් පිටතින් ආහාර ගැනීම



හදවත රැකගන්න මේ දේවල් කරන්න

ලහි ලහියේ ඇවිදින්න

ශරීර සුවතා මධ්‍යස්ථානවලට ගොස් ව්‍යායාම කළ පමණින් නිරෝගී වන්නේ නැත. හෘදයාබාධ වළක්වා ගැනීමට නම් කළ යුත්තේ ශරීර යෝග්‍යතාව පවත්වාගෙන යා යුතු ව්‍යායාමවල නිරතවීමය. ඒ සඳහා සතියකට පැය 150 ක්වත් ඇතුළත් වන සේ දිනපතා හෝ පහසු ආකාරයට ව්‍යායාම කරන්න. ඒ සඳහා සුදුමු ව්‍යායාම ලහි ලහියේ ඇවිදීමයි.

උසේ හැටියට බර තියාගන්න

ශරීර ස්කන්ධ දර්ශකය (බිඑම්අයි) යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. පුද්ගලයෙකුගේ බර උස ප්‍රමාණයෙන් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කෙරේ. එම දර්ශකය 23 හෝ ඊට අඩුවෙන් තබා ගැනීම වඩාත් සුදුසුය.

හදවත රකින ආහාර

එළවළු සහ පලතුරු

කෙඳි සහිත ආහාර

ලුණු, සිනි, පිටි, තෙල් අඩු ආහාර

විටමින් සහිත පලා වර්ග

ටූනා, හුරුල්ලා, සාලයා වැනි මාළු වර්ග

කජු

ගෙදර හදන ආහාර

තෙල් කන්නේ පරෙස්සමින්

නැවත නැවත රත් කරන ලද පොල්තෙල් ඉතා අහිතකරය. පිටතින් ආහාර ගැනීමෙන් වැළකිම වඩාත් සුදු වන්නේ මෙවැනි තෙල් සිරුරට එකතුවීම වළක්වා ගැනීමට ය.

පරීක්‍ෂණයක් කරගන්න

ඔබේ වයස කුමක් වුවත්, කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වුවත් මතු ආරක්ෂාව සඳහා හෝ දියවැඩියාව, කොලොස්ටරෝල් පරීක්‍ෂාවක් සහ අධික රුධිර පීඩනය පරීක්‍ෂා කරගන්න. අඩුම තරමින් වසරකට වරක් හෝ දෙවරක්වත් එම පරීක්‍ෂණ කරගත හැකි නම් වඩාත් සුදුසුය.

ලංකාදීප පුවත්පත ඇසුරෙන්.. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top