ඔබත් Cotton buds භාවිතා කරමින් කන් සුද්ධ කිරීමට පුරුදුව සිටිනවාද..? එහෙනම් මේ විස්තරේ දැනගෙනම ඉන්න.. (Photos)
Thursday, 12 June 2025 - 12:14 | Views - 306
සමහර වෙලාවට බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්න ඇතැම් දේ නිසා ඔබ නොහිතාම කරදරවලට මුහුණ දෙන්න වෙනවා කියලා නිකමට වත් හිතලා බැලුවාද..?

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ඔබ දැනුවත් විය යුතුම තවත් එක කතාවක්.. මොකක්ද මේ ඔබ වහාම අත් හැරිය යුතු ඒ මාරක පුරුද්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.

ඔබත් Cotton buds භාවිතා කරමින් කන් සුද්ධ කිරීමට පුරුදුව සිටිනවාද..? ආසන්න දිනක ක්ලාන්ත වීමක් නිසා රෝහල්ගත කළ 31 හැවිරිදි නීරෝගී පුද්ගලයෙකු රෝහලට පැමිණි අවස්තාවේ රෝග නිර්ණය වෛද්‍යවරුන්ට ඉතා අපහසු වුණා..

පසුව රෝගියා කියා සිටියේ ඔහුට දින කිහිපයක සිට හිසරදයක් පැවති බවත් ඒ කාලය තුළදී ළඟම හිතවතුන්ගේ පවා නම් අමතකවූ බවත් අවුරුදු 5ක් පුරාවට වරින් වර කනේ වේදනාවක් සහ ශ්‍රවණ අපහසුතාවක් ඇතිවූ බවයි..

අවසානයේ රෝගියා සී ටී ස්කෑනර් යන්ත්‍රයට යොමු කළ පසු දැකගත හැකි වූයේ මොළය වටා ඇති පටකය පුරා පැතිරුනු සැරව පිරුණු සැරව ගෙඩියක්. ඒ අනුව රෝගය පිටුපස සිටි භයානක හස්තය සොයාගැනීමට වෛද්‍යවරු සමත් වුණා. Pseudomonas aeruginosa නම් රුදුරු රෝගකාරක බැක්ටීරියාව ඒ සඳහා වගකිවයුතු බව ඔවුන් අවසානයේ නිගමනය කළේ.

නමුත් ප්‍රශ්නය එතනින් අවසන් නැත මෙම මාරාන්තික බැක්ටීරියාව සජීවී හිස්කබලක් තුළට ආසාදනය වූයේ කෙසේද..?

පසුව රෝගියාගේ ශ්‍රවන මාර්ගය සෝදිසි කිරීමෙන් අනතුරුව කලින් භාවිතා කල Cotton bud කැබැල්ලක් සිරවී ඇති බව සොයාගන්නා ලදී.. බැක්ටීරියාව වර්ධනය වී ඇත්තේ ඒ මතයි..

මෙවැනි ආගන්තුක ද්‍රව්‍ය කන තුළට දැමීමෙන් කන් බෙරය සිදුරු වීම මොලෙහි ආසාදන සහ විවිධ ආසාදන ඇතිවන බව සොයාගෙන ඇතත් විස්තර සහිතව පළවූ එකම සිද්ධිය මෙය වන අතර, ඔබත් මෙය පුරුද්දක් වශයෙන් සිදුකරන අයෙක් නම් වහාම එය නවත්වන්න..
 
උපුටා ගැනීමකි.. 
 
 
 
 
 
මුහුණුපොත ඇසුරෙන්.. 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top