රුව - ගුණ වඩවන පොකුරු වදමල්..
Tuesday, 03 June 2025 - 14:13 | Views - 906
පොකුරු වද මල් කළු පැහැයට හුරු රතු පැහැයක් ගන්නා අතර සුදු , කහ , තැඹිලි ආදී විවිධ වර්ණයන්ගෙන් මල් පිපෙන වද ප්රභේද රාශියක් වෙනවා.

බොහෝ විට විසිතුරු ශාකයක් ලෙස ද වවන වද ශාක Malvaceae උද්භිද කුලයට අයත්. මැලේසියාවේ ජාතික පුෂ්පය ලෙස සලකන වද මල ඉන්දියාවේ දුර්ගා දේවියට පුද දෙන පූජනීය පුෂ්පයක්.

මේ වගේ තද රතු පැහැති පෙති රැසක් කැටි වූ අලංකාර මලින් හා කඩතොළු රටාවේ තද කොළ පැහැති පත්‍රවලින් සැරසී ගෙමිදුළු හැඩ කරන පොකුරු වද ශාකය, ඖෂධ ගබඩාවකැයි කීවොත් ඔබට ඇදහිය හැකිද..?
- මලයාසියාවේ ජාතික පුෂ්පයත්, ඉන්දියාවේ දුර්ගා දේවිය පුදන පූජනීය පුෂ්පයත් වන වද මල, අපට අමිල සෞඛ්‍ය සම්පත් බෙදා දෙන්නක්.
- පානයක්, සම්බලක් මෙන්ම වෑංජනයක්සේ ද ආහාරයට ගැනීමෙන් එහි ඇති සෞඛ්‍ය වාසි බොහොමය ක් අත්කර ගත හැකියි. වදමල් ඊජිප්තුව වැනි රටවල ජෑම් සෝස් වැනි විශේෂ කෑම සකසා ගැනීමටද යොදා ගන්නවා.
- විටමින් A B C යකඩ, සින්ක් ඔමේගා 3 ආදි පෝෂක ගණනාවකින් අන්තර් ගත වෙනවා.
එහි මල් මෙන්ම කොළ හා මුල්ද ඖෂධ සඳහා යොදා ගනු ලබනවා. එය සිරුරේ දාහය නිවා ලන්නක්, මතක ශක්තිය වර්ධනය කරන්නක් , රුව වඩවනවා මෙන්ම ආහාර අරුචිය ද දුරුකරනවා.
- ආසියානු රටවල අතීතයේ සිට ම හදවත් රෝගවලට ප්‍රතිකාර කිරීමට යොදා ගැනුණු, වදවල ඇති , රුධිරගත L D L කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාව මෑතක තායිවානයේ කෙරුණු පර්යේෂණයකින් ද සනාථ කෙරුණා.
- මුහුණෙහි ඇතිවන ලප කැළැල් , සිරුරේ බිබිලි වණ තුවාල එක්සීමා ඇතුළු චර්ම රෝග වලට එරෙහිව ක්‍රියාකර, සම නිරෝගි කර පැහැපත් කිරීමට ද ඊට හැකියි.
- එසේම රුධිරය වර්ධනය කිරීමේ ශක්තියක් එහි පවතින අතර ඉන් නීරක්තියද දුරුවනවා.
- හිසකෙස් ආරක්ෂා කිරීම වදමල්වලට කළ හැකි තවත් කාර්‍යයක්. හිසකේ වැටීම, අකලට පැසීම ,මෙන්ම ඉස්සොරි දුරුකිරීම එමගින් සිදුවනවා.
- හිසෙහි පපුවෙහි සෙම පෙණහළු ආශ්‍රිත රෝග,
- ඉදිමුම්,
- මුත්‍රා රෝග,
- අක්මා රෝග ,
- අක්ෂි රෝග ,
- උන්මාද රෝග,
- කාන්තා ප්‍රජනන පද්ධති ගැටළු ,
- ළදරු රතගාය
ආදි රෝග ගණනාවකට ප්‍රතිකාර කිරීමට උපකාරිවෙනවා...

එය උපත් පාලනය කිරීමේ ශක්තියෙන්ද යුක්ත බව පැරණි ආයුර්වේද ග්‍රන්ථ සඳහන් කරනවා.වදමල් යුෂ දිනපතා උදේ සවස පානය කිරීමෙන් හෝමෝන මට්ටම් සමබරවී දරු ගැබ් හට ගැනීම සීමාවෙනවා.

එය ගැබිණි මවුවරුනට නම් හිතකර නැහැ.
- අධි රුධිර පීඩනය,
- කාන්තා ප්‍රජනන පද්ධති රෝග
- මල බද්ධය,
- හදවත් රෝග
- මුත්‍රා අඩස්සිය
වැනි රෝග ගණනාවකට ගුණදායක වදමල් පානයක් මෙසේ සකසා ගත හැකියි.

පොකුරු වදමල් පෙති ටිකක් සිසිල් දිය බඳුනක බහා පැය බාගයක් පමණ වසා තබන්න.
ජලය රත්පැහැ ගැනුණු පසු පෙරා , සීනි, දෙහි ,මීපැණි ස්වල්පය බැගින් මිශ්‍රක‍ර, (කැමති නම් අයිස් කැටයක්ද යොදා ) පානය කරන්න.
- රුධිරය පිරිසිදුවීමට
- කොලෙස්ටරෝල් හා
- අධි රුධිර පීඩනය පාලනය වීමට, තරබාරුකම පාලනයවීමට
- ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය වීමට
- ආර්තව උදර වේදනා දුරලීමට
මෙන්ම විවිධ ආසාදන වලින් මිදීමට මෙම පානය සකසා පානය කරන්න.
රත්කර උතුරුවාගත් වතුර කෝප්ප දෙකකට, වද මල් පෙති දෙකක පෙති දමා විනාඩි පහක් පමණ වසා තබන්න. නිවෙන්නට හැර පෙරා දෙහි හා මී බිදු ස්වල්පයක් දමා පානය කරන්න.

පොකුරු වදවලින් අත් බෙහෙත්

- අක්මාවේ මේදය තැන්පත්වීමට
මල් පෙති පවනේ වියළා කුඩුකර, උණුදියේ තම්බා දිනපතා උදෑසන තේ මෙන් පානය කිරීම.
- හිරු එළියට සම පිළිස්සීම ට
කුරුලෑ ලප කැළැල් මැකී මුහුණ පැහැපත්වීමට
ළපටි වද මල් හා කොළ තළා යුෂ මුහුණේ ආලේප කිරීම
- හන්දිපත් රුදාවට
වද, කොළ මිටක් වතුර පත අට එකට සිඳුවා පත බාගය බැගින් උදේ සවස පානය කිරීම
- අධි රුධිර පීඩනයට
වියළි මල් පෙති උණු වතුරට දමා තබා පෙරා පානය කිරීම
- අධික ආර්තවයට
වදමල්පෙති එළඟි තෙලෙන් බැද ආහාරයට ගැනීම
- තුවාලවලට
මල් පෙති තල හෝ පොල් තෙල් සමග රත්කර තියෙන්නට හැර තුවාලයෙහි ගැල්වීම .
- දරුවන්ගේ මතක වර්ධනයට
මල්පෙති උණුවතුරේ තම්බා පෙරා සීනි දමා උකුවනතෙක් උණුකර එම පැණිය බෝතලයක අසුරාගෙන දිනපතා තේ හැඳි දෙක බැගින් බොන්න දීම.
- අම්ල පිත්ත රෝගයට
මල්පෙති වියළා කුඩුකර උතුරන වතුර කෝප්පයක දමා තැම්බෙන්නට හැර සීනි දමා බීම
මල්වලින් සම්බෝලය හා වැංජන සකසා ආහාරයට ගැනීම.
- තද හිසේ අමාරුවට
වද දලු හා මල් පෙති අඹරා තලපය නලලේ ආලේප කිරීම.
- හිසකේ වැටීම අකලට සුදුවීම හා ඉස්සොරිවලට
මල් පෙති හා ළපටි කොළ තල්/පොල් තෙලෙහි මඳ ගින්නේ තම්බා පෙරා ගත් තෙල හිස ගල්වා සම්බාහනයකර පැයකින් පමණ සෝදා හැරීම
- ආහාර අරුචියට
වියළි වද මුල් මිටක් පත අට එකට සිඳුවා උදේ සවස පානය කිරීම
- හිසකෙස් දීප්තිමත් වීමට
ඇහි බැමි වර්ධනයට
අලමල් යුෂ ගෙන ආලේප කරන්න. 
 
අන්තර්ජාලය ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top