විස්තරේ දැනගෙනම අදින් පස්සේ නිවිති කන්න..
Saturday, 31 May 2025 - 14:53 | Views - 403
නිවිති යනු ෆෝලික් ඇසිඩ්, විටමින් ඒ, බී, සී, ඊ, යකඩ, මැන්ගනීස් සහ පොටෑසියම්වලින් පොහොසත් ආහාරයක්.. පුරුද්දක් ලෙස නිවිති අනුභව කරනවා නම් ලෙඩරෝග ගණනාවකින්ම ඔබට ආරක්ෂා වන්නට පුළුවන්..

- නිවිති අනුභවයෙන් විවිධ ආකාරයේ රූපලාවණ්‍ය ප්‍රයෝජන අත්කර ගන්න පුළුවන්. සමේ වයස්ගත වීම ප්‍රමාද කරවීම සහ සම පැහැපත් කරවීම ඒ අතරින් විශේෂයි.

- යකඩ සවිබල සිරුරකට අත්‍යවශ්‍යයි. පිසූ නිවිති යකඩවලින් ස්වයංපෝෂිතයි. සවිමත් සිරුරකට යකඩ නැතිවම බැහැ. ඒ නිසා රක්තහීනතාව බරපතළම ගැටලුවක් වී ඇති අපේ කාන්තාවන් නිවිති තම ප්‍රධාන ආහාරයක් කර ගත යුතුමයි.

- කාන්තාවන් යකඩ හිඟකමේ දැඩි අවදානමකට මුහුණ පා සිටිනවා. ඔවුන් නිවිති කෑමට ගෙන යකඩවලින් සිරුර සවිමත් කර ගැනීමට උනන්දු විය යුතුමයි. මස් කෑමෙන් යකඩ ලබා ගන්නවාට වඩා කැලරි අඩු, මේද රහිත නිවිති මගින් යකඩ ලබා ගැනීම සෞඛ්‍යයට හිතකරයි.

- ගැබිනි මවුවරුන්ට හා කිරි දෙන මවුවරුන්ට වැඩි වශයෙන් යකඩ අවශ්‍ය වෙනවා. ඒ වාගේම වැඩෙන වයසේ දරුවන්ටත්, ගැටවර වියේ පසුුවන්නන්ටත් යකඩ අඩංගු ආහාර වැඩිපුර අවශ්‍ය වෙනවා. තැම්බූ නිවිති කෝප්පයකින් දෛනික යකඩ අවශ්‍යතා­වයෙන් 35.7% ක් සපුරා ගැනීමට හැකිය.

- පිළිකා නාශක ගුණයෙන් අග තැන්පත් පිළිකා නාශක සංයෝග දහතුනකටත් අධික සංඛ්‍යාවක් නිවිතිවල අඩංගුයි. පර්යේෂණ මගින් හෙළි වී ඇති අන්දමට පිළිකා සෑදීම වැළැක්වීමටත්, පිළිකා වර්ධනය මර්දනය කිරීමටත් නිවිතිවලට හැකියාව තිබේ.

- නිවිතිවල අඩංගු පෝෂක විටමින් කේ, විටමින් ඒ, මැංගනීස්, යකඩ, විටමින් සී, විටමින් බී 2, කැල්සියම්, පොටෑසියම්, විටමින් බී 6 (පිරිඩොක්සීන්), කෙඳි විටමින් බී 1 (තයමීන්), තඹ, පෙ‍්‍රීටීන්, පොස්පරස්, සින්ක්, විටමින් ඊ, ඔමෙගා 3, විටමින් බී (නියැසීන්), සිලේනියම්. නිවිති පමණට වඩා තැම්බීමේදී පෝෂක රැසක්ම විනාශ වෙන නිසා බාගෙට තැම්බීම වඩාත් සුදුසුයි.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top