ඔයාටත් අධික නිදිමතක් දැනෙනවා නම් , මේක හේතුව වෙන්න පුළුවන්...
ප්‍රශස්ත ප්‍රමාණයෙන් සහ ගුණාත්මක නින්දක් ලබා නොගැනීම අධික නිදිමත ඇති වීමට ප්‍රධානම හේතුවකි.
සමහර පුද්ගලයන්ට ගුණාත්මක ප්‍රමාණවත් නින්දක් රාත්‍රියේ ලබා ගත්තද දීවා කාලයේ අදික නිදිමතක් දැනේනම් එ සදහා හෙතුවක් ඇත. එම හෙතු සොයා බලා එයට අවශ්‍යය ප්‍රතිකාර ගැනීමෙන් මෙම අදික නිදිමත අඩු කර ගත හැක.
අධික නිදිමත ඇතිවීමට සමහර හේතු -
1- තයිරොයිඩ් ආබාධ
2-තයිරොක්සින් අඩු විම
(TSH නැමති රැධිර පරික්ෂණය මගින් මෙය හදුනා ගත හැක)
වෙනත් රෝග තත්වයන්
රැධිරයේ සීනී වැඩි විම
විටමින් උනතාවයන්
1-විටමින් B (B6 ,B12)
2-විටමින් D
3-විටමින් E
4-යකඩ
මානසික අවපීඩනය
1ඔබේ නින්දේ කැපී පෙනෙන වෙනසක් මානසික අවපීඩනයේ පොදු රෝග ලක්ෂණයකි. ඔබ වෙනදාට වඩා බොහෝ සෙයින් හෝ අඩුවෙන් නිදා ගත හැක.
2මානසික අවපීඩනයේ අනෙකුත් රෝග ලක්ෂණ වන්නේ වැඩක් කිරිමට සිතෙන්නේ නැති විම, කෝපය, ආහාර රුචිය වෙනස් වීම, බලාපොරොත්තු රහිත හැඟීම සහ ඔබේ ප්‍රියතම ක්‍රියාකාරකම් තවදුරටත් කීරීමට නොසිතීම
3ඔබ රාත්‍රියේදී හොඳින් නිදා නොගන්නේ නම්, දිවා කාලයේදී ඔබට අධික නිදිමත ඇතිවීමට ඉඩ ඇත. සමහර විට නින්දේ වෙනස්කම් මානසික අවපීඩනයේ මුල් සංඥාවකි.
ඖෂධ අතුරු ආබාධ
සමහර ඖෂධ අතුරු ආබාධයක් ලෙස නිදිමත සහ අධික නිදිමත ඇති කරයි. පහත රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන සමහර ඖෂධ මගින් මෙය සිදු විය හැක
1අධි රුධිර පීඩනය
2මානසික අවපීඩනය
3ඇලජික් තත්වයන්
4ඔක්කාරය හා වමනය (ප්‍රතිවෛතක)
5මනසික රෝග
6අපස්මාරය
7කාංසාව