කරවිල කාලා තිබුණට , මේ දේවල් දැනගෙන හිටියේ නෑ නේද?
Wednesday, 30 April 2025 - 15:23 | Views - 389
කරවිල කියන්නේ නම ඇහුවත් තිත්තයි කියලා දැනෙන ආහාරයක් කියලා තමයි සමහර අය කියන්නේ ... 
 
කරියට පිසුවත්, තෙලට හින්දලා ගත්තත්, සලාදයකට ගත්තත් කරවිල පුදුමාකාර රසයි.
 
ඒ තිත්ත රසය වුණත් දිවට මිහිරක් ද ගෙන එයි.
 
ඇතැමුන් තිත්තයි කියා ඉවත දමන කරවිලවල ගුණය ඒ අය නොදන්න වග නිසැකයි.
 
ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් මගින් ලෙහෙසියෙන්ම අපට අහිතකර බැක්ටීරියා සහ රෝග තත්ත්වයන්ගෙන් මිදී සිටීමට හැකියාව ලැබෙනවා.
 
ඉතින් කරවිල ආහාරයට එක්කර ගැනීමේදී, සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් රෝග, උණ රෝගය ආදිය ලෙහෙසියෙන්ම පිටු දකින්නට පුළුවන් වෙනවා. තවද ආහාර ජීරණය ක්‍රමවත් වීම නිසා ආහාර අජීරණවලින් මිදී සිරුර වඩාත් සෞඛ්‍යමත් වෙනවා.
 
හැමදාම උදෑසන ආහාර සමගම කරවිල යුෂ වීදුරුවක් පානය කිරීමෙන්, රසට කරවිල මැල්ලුමක් හදා ගැනීමෙන් වගේ දේවල්වලින්, මේ සියලු රෝග තත්ත්වයන්ට පිළියම් පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. ඔබ කළයුත්තේ වෙළෙඳපොළේ පිරිසුදු කොළ පැහැති ළපටි කරවිල ටිකක් ගෙදරින් ගෙනත් තබාගෙන ඔබේ සිරුර සෞඛ්‍යමත් කරගැනීම පමණයි.
 
කරවිලවල වෙනත් වර්ගද දකින්නට ලැබෙනවා.
 
ඒ හෙළ කරවිල, බටු කරවිල සහ තුඹ කරවිල වගේ ප්‍රභේද කිහිපයක්.
 
අපි දැන් බලමු කරවිවල තියෙන ඖෂධීය ගුණය මොන වගේ එකක් ද කියලා
 
කරවිල ඖෂධීය ගුණය අසීමිතව අඩංගු හොඳ ආහාරයක්. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට කරවිල ඉතාමත් ගුණ කෑමක්.
 
දියවැඩියාව සඳහා වැඩි වශයෙන්ම ගුණ ඇත්තේ අමුවෙන් ගත් කරවිල යුෂවලයි.
 
ඉක්මනින් ආහාර දිරවීමට, ආමාශය නීරෝගි වීමට, කරවිල ඉතාම යෝග්‍යයි.
 
සිරුරෙහි ඇතිවන බාහිර ආබාධයන් සඳහාද කරවිල අසීමිතව ගුණ ගෙන දෙනවා.
 
දද-කුෂ්ඨ සඳහා වඩාත් සුවදායකවන අතර වේදනාවන් කැක්කුම් සමනය කොට ශාරීරික දාහයද නැතිකර දමනවා.
 
පෑරුණු තුවාල වේ නම් ඒවායෙහි මස් වැඩීම සිදු කරවයි.
 
පිත්තය සහ ඉදිමුම් සමනයකර දමයි. ලේ පිරිසුදුකර සෙම් රෝග සමනයකර දමා බඩගින්න වඩවයි.
 
අර්ශස් රෝගීන් සඳහා කරවිල යුෂ අමුවෙන් පානය සඳහාත් යම්තමට පිස ව්‍යංජනයක් ලෙසත් දෙනු ලබයි. විශේෂයෙන් පාසානම් විසට කරවිල යුෂ ඉතාම වටිනා ඔසුවක්.
 
උග්‍ර සර්ප විසට, සුදු පාසානම් විසට ද කරවිල යුෂ භාවිතයෙන් සාදා ගත හැකි ඖෂධ කදිමය. කුඩා දරුවන්ට නිතර ඇතිවන සමේ තුවාලවලට කරවිල කොළ තැම්බූ වතුරෙන් සේදීම සුදුසු වනවා. හුගක් දරුවන් කරවිල කන්නේ නැත්තේ තිත්ත රස නිසයි.
 
ඒ නිසා තිත්ත රස ඉවත් කිරීමට කෙමක් තිබෙනවා. එනම් කතා නොකර කරවිල කැපූ විට කරවිලවල තිත්ත රස නැතිකර ගත හැකි වීමයි.
 
කරවිල වකුගඩුවේ ගල් ඇතිවීමේ රෝගී තත්ත්වයෙන් මිදෙන්නට අගනා ඔසුවක් ලෙස සැලකෙනවා.
 
ආහාරයත් සමඟම සිරුරට එකතුවන නිසා ඖෂධයක් ලෙසින් සිරුරට එක්කාසු වීම වේගවත් කරන අතර අපට බාහිර ඔසු ලබාගැනීමෙන් තොරව මේ රෝග තත්ත්වයට පිළියම් ලබාගන්නට පුළුවන්.
 
රාත්‍රියේ හදිසියේ සර්පයකු දෂ්ට කළ විට ඒ සඳහා භාවිතයට ගන්නා ඖෂධයන්හි ගුණය කරවිල හේතුවෙන් හීනවන නිසා ගම්බද වැසියෝ බොහෝ විට රාත්‍රී ආහාරයට කරවිල එක්කර ගැනීමෙන් වැළැකී සිටිති.
 
කරවිල රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරනවා, පිරිසිදු රුධිරය සියලු සෛලවලට ගමන්කළ විටයි සිරුර සෞඛ්‍යමත් වන්නේ. එසේ පිරිසිදු රුධිරය සිරුර පුරා සංසරණයවන විට සම පැහැපත්වීම නිරතුරුවම සිදුවන දෙයක්. එසේ සම පැහැපත්වීම [සෞඛ්‍යමත් වීම] නිසා සමට වැලදෙන නොයෙක් ඉස්හොරි, කුරුලෑ, ලප කැලැල්, පොතුකබර රෝගී තත්වයන්, පණු රෝග ආදිය වැළැක්වීම සිදුවනවා.
 
මීට අමතරව සම මත ඇතිවන විවිධ තුවාල සහ අසාත්මිකතා වළක්වන්නටත් කරවිල කරන්නේ මහඟු මෙහෙයක්.
 
ඇතැමුන් කරවිල පිසින විට කුඩා කැබැලි කපා ලුණු වතුරෙහි දමා පොඟවති. තිත්ත රසය නැසීමට එසේ කළද කරවිලවල ගුණයත් ඖෂධීය වටිනාකමත් රැඳී තිබෙන්නේ එකී තිත්ත රසයෙහිමය. කරවිල තෙලෙහි බැද ගැනීමෙන් සිදු වන්නේද එහි ගුණය නසා දැමීමකි.
 
කරවිල තම්බා අනුභවය සඳහා ගැනීම වගේම අමුවෙන් යුෂ පෙරා පානයට ගැනීමෙන් ලේ පිරිසුදුව සමද පැහැපත් වේ.
 
තම්බන විට කරවිල යම්තමට තම්බා ගැනීම යහපත්ය. රස ඖෂධ නිෂ්පාදනයේ දී විස නැසීම සඳහා භාවිතයට ගන්නා ඖෂධ සඳහා කරවිල යුෂ හොඳ දායකත්වයකි.
 
කරවිල මුසුකර සකස් කරන අත් බෙහෙත්
 
සරම්ප, පැපොල, වසූරිය වැනි රෝගයන්හිදී කරවිල කොළ කොටා යුෂ බීමට දීම ගුණදායකය.
 
කරවිල යන්තමට තම්බා ලුණු ඉස කෑමට ගැනීමෙන් දියවැඩියාව සහ සමේ රෝගයනටද සුවදායක සහනයක් ලැබෙනවා.
 
කුඩා දරුවනට රාත්‍රි නින්දට පෙර කරවිල යුෂ තේ හැඳි 1ක් හෝ 2ක් බීමට දීමෙන් කිරිපණු රෝගය සුව වේ.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top