වැඩි වෙනවාට වඩා අඩු වෙන එක භයානක‍යි.. සීනි අඩුකරගන්න තෙබු කොළ කන්න කලින් මේ ගැන දෙපාරක් හිතන්න..
Friday, 04 April 2025 - 13:29 | Views - 396
දියවැඩියාව කියන්නේ අද වෙනකොට සුලබ රෝගයක්.. ඒ නිසාම ඇතමෙක් ඒ ගැන අවදානයෙන් පසුවෙනවා.. 

ඒත් සමහරු එහෙම නැහැ.. ආහරපානවලින් පාලනය කරගෙන තෙබු කොළ ආහාරයට ගත්තාම දියවැඩියාව හොඳ වෙනවා කියලා අහලා තියනවා නේ.. ඒත් තෙබු කොළ වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව එකවර සම්පූර්ණයෙන් සුවකරගත හැකිවේවිද..?

දියවැඩියාව සම්පූර්ණයෙන් සුවකර ගැනීමට තෙබු කොළ කීයක් ආහාරයට ගත යුතුද..? මේ වගේ දේවල් ඔබටත් හිතෙනවා ඇති.. ඒත් තෙබුකොළ ආහාරයට එක්කරගැනීම ඇත්තටම සුදුසුද..? ඒ ගැන ඇසෙන්නේ මෙන්න මෙහෙම කතාවක්..

කොහොම වුණත් දියවැඩියාව පාලනය කරගන්න කියලා හිතාගෙන නම් තෙබුකොළ කන එක සම්පූර්ණයෙන් වැරුදි මතයක්.. තෙබු කොළ කෑවාම දියවැඩියාව සුවවෙනවා නම් දියවැඩියා රෝගයට දෙන ඖෂධ කිලෝවක් පමණ බිව්වොත් එය සුව වෙනවාදැයි අසන්නත් පුළුවන්... කොහොම වුණත්, බටහිර ඖෂධ ගන්න ගමන් මෙවැනි ආහාර ගැනීමෙන් අනිසි විදිහට සීනි මට්ටම පහළ ‍යන්නට හේතුවක් වෙන්න පුළුවන්..

අපේ ශරීරයේ සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමක තිබිය යුතුයි... සීනි ඕනෑවට වඩා අඩුවීම හොඳ නෑ.. සීනි මට්ටම අඩුම වුවහොත් මොළයට යන ග්ලූකෝස් මට්ටම පහළ වැටී සිහිය නොමැති වීමට හැකියි... එයින් මොළයට හානි විය හැකියි...

රුධිර සීනි මට්ටම ඉහළ යාමට වඩා පහළ යාම දරුණුයි.. ඒ නිසා මෙවැනි කොළ වර්ග ආහාරයට ගැනීම ඇත්තෙන්ම අනතුරුදායකයි.. තෙබු කොළ පහකින් දහයකින් පහළ වැටෙන සීනි මට්ටම ගැන අපි දන්නේ නෑ...

බටහිර ඖෂධවල නම් පෙත්තකින් අඩුවන ප්‍රමාණය අපි දන්නවා... ඒ නිසා රුධිරයේ සීනි ප්‍රමාණය මැන බලා ඒ අනුව බෙහෙත් නියම කිරීමයි නිවැරුදි ක්‍රමය වෙනවා... එහෙයින් විවිධ කොළ වර්ග ආහාරයට නොගෙන වෛද්‍ය උපදෙස් පැතීම මෙහිදී වඩා වැදගත් වෙනවා...

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top