නාලවල දෝෂ මග හරින , විශ්මිත පානය මෙන්න
Wednesday, 26 March 2025 - 9:48 | Views - 549
ඇතැම් අවස්ථාවලදි ඔබගේ දෙමාපියන්ට, ඔබගේ හිතවතෙකුට හෝ ඔබට හෘද්‍යාබාධයක් ඇති වුවහොත් වෛද්‍යවරයා විසින් බයිපාස් සැත්තමක් සිදු කල යුතු යැයි ඔබට දැන්වුවහොත් අනිවාර්යෙන්ම ඔබ කම්පාවට පත් වෙනු ඇත.

ඒ මන්ද යත් බොහෝ දෙනා අතර මෙම සැත්කම පිලිබද ඇති දැනුම අල්ප වැවිනි.

බයිපාස් සැත්කමේදි සිදු කරනු ලබන්නේ කුමක්ද ?

හෘදයාබාධයක් යනු හෘදයට රුධිරය සපයන කිරිටක ධමනි වල රුධිර කැටියක් සිරවිම නිසා එම අවහිරතාවයට ඔබිබෙන් ඇති ප්‍රදේශයට රුධිර සැපයුම අඩාල විමෙන් එම පටකය මියයයි. මෙහිදි හෘත් පෙෂි පටකය මිය යන බැවින් එම මිය ගිය කොටසට නිසි පරිදි රුධිරය පොම්පකිරිමේ හැකියාවක් නොමැත.

එබැවින් සිරුරේ අනෙකුත් වැදගත් අවයව වලටද රුධිරය සැපයුම අඩාල වි රෝගියා මිය යයි. එම නිසා හෘදයාබාධයක් සදහා ලබාදිය හැකි ප්‍රතිකාර වලින් සිදුවිය යුත්තේ ඉහත සදහන් කල කිරිටක ධමනිය තුල ඇති රුධිර කැටියක් ඉවත් කිරිම හෝ කිරිටක ධමනියේ එම අවහිරතාවය මග හැරෙන පරිදි වෙනත් ශිරාකොටසක් සවි කිරිම මගින් ඒ තුලින් රුධිරය ගමන් කරවිමට සැලැස්විමයි.

මෙහිදි පළමුව සදහන් කල ප්‍රතිකාර ක්‍රමය බොහෝවිට සිදු කරන්නේ ඹෟෂධ මගින් එනම් හෘදයාබාධ්‍යක් ඇති වු රෝගියෙකුට දෙන ස්ට්‍රෙප්ටොකයිනේස් නැමැති ඹෟෂධ මගින් රුධිර කැටිය දිය කර හරි නමුත් ඇතැම් අවස්ථාවලදි මෙම ඹෟෂධය මගින් රුධිර කැටිය මුළුමනින්ම ඉවත්කල නොහැකි අවස්ථා ඇත.

එවිට කල හැකි ප්‍රතිකාරය වන්නේ එම අවහිරතාවය මග හැරෙන ලෙස රුධිරය ගමන් කල හැකි වෙනත් මාර්ගයක් සැදිමයි. එය බයිපාස් සැත්කමක් ලෙස හැදින්වේ.

දැන් අපි බලමු කෙට්ටුවෙන්න කැමති අයට සහ බයිපාස් සැත්කම නොකර අපි එදිනෙදා භාවිතා කරන සුදු ළුණු, ඉගුරු, දෙහි වැනි දෑ උපයොගී කරගෙන හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවන දෝෂ මගහරවා ගැනීමට වටිනා පානයක් සකසා ගන්නා ආකාරය.

මෙම ඖෂධීය පානය සෑදිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

ලෙමන් දෙහි ඉස්ම මිලි 250, ඉගුරු ග්‍රෑම් 500, ලොකු සුදුළුණු ග්‍රෑම් 500, ඇපල් සයිඩර් විනාකිරි පිරිසි කෝප්ප 01 යි, පිරිසිදු මී පැණි ම්ලි 500 පලමුව සුදුළුණු සහ ඉගුරු පොතු හැර සොදා වතුර බේරෙන්නට හැර පහත රූප සටහනේ පරිදි කුඩා කැබලිවලට කපා ගන්න. ඉන්පසු තෙත බෙරුනු සුදුළුණු සහ ඉගුරු බ්ලෙන්ඩරයකට දමා පහල රූප සටහනේ පරිදි හොදින් අඹරාගන්න. හොදින් අබරාගත් සුදුළුණු සහ ඉගුරු පිරිසිදු රෙදිකඩකින් මිරිකා පහත රූපයන් අකාරයට සුදුළුණු සහ ඉගුරු යුෂ ලබා ගන්න මෙම යුෂ පිරිසි කොප්ප දෙකක් පමණ අවශ්‍ය වේ. ඉන් පසු සුදුළුණු සහ ඉගුරු යුෂ භාජනයකට දමා එයට මිරිකාගත් ලෙමන් දෙහි යුෂ පිරිසි කොප්පක් සහ ඇපල් සයිඩර් විනාකිරි පීරිසි කෝප්පයක් එක්කර අඩු ගින්දරෙන් පැය භාගයක් පමණ රත්කරන්න, භාජනයට දැමූ පීරිසි කොප්ප 4 ප්‍රමාණය පීරිසි කෝප්ප 3ක් දක්වා සිදිය යුතුයි.

පසුව එම මිශ්‍රණය ලිපෙන් ඉවත්කර නිවෙන්නට හැර එයට පිරිසිදු මී පැණි පීරිසි කෝප්ප තුනක් එක්කර පහත රූපයේ පරිදි බොතලයකට දමා දිණපතා උදෑසන අහාරයට පෙර එම ඖෂධීය පානයෙන් මේස හැන්දක ප්‍රමාණයක් පානය කරන්න. සුදුළුණු යුෂ අන්තිමට හදා ගන්න සුදුලුනු ගොඩාක් වෙලා තිබ්බාම බෙහෙත කොලපාට වෙන්න ගන්නවා.

උපුටා ගැනීමක්.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top