මොනාද කියලා දන්නවා ද? කාලා තියෙනවා ද මේවා..
Sunday, 23 March 2025 - 12:11 | Views - 342
ශ්‍රී ලංකාවේ  කදුකර ප්‍රදේශවල  හටගන්නා සවිමත් ලීයක් සහිත ඉතා උස් මහත්ව  හටගන්නා නා හිඹුල් ශාකය මොරගසට නෑ කම් කියන ශාකයක්.

මෙහි පල මොරගෙඩි වලට වඩා විශාල අතර දිගටි ගතියකින් යුක්තයි.


අමු ගෙඩි කොළ පැහැයෙන් යුක්ත අතර ඉදුනු ගෙඩි රෝස පැහැයක් ගනී.

ගම් වල ලමුන් සේම වැඩිහිටියනුත් මේ ගසෙහි ඉදුනු ගෙඩි ආහාරයට ගන්නවා...ඒවා පැණිරස ගතියෙන් යුක්තයි ..

මෙම ශාකයෙහි ලී වහල ගැසීමට යොදාගන්නා බාල්ක පරාල ඉරන නිසා ලන්කාව තුල ඉතා වේගයෙන් වදවීමේ තර්ජනයට පත් වීමෙනුයි පවතින්නේ...

මෙම ශාක වලින් ලී ඉරන අවස්තාවලදී අප කුඩා කල හරිම සතුටක් ලබන්නේ මේ ගසෙහි ලී කුඩු ගලා යන දොල පාරකට දැමූ විට සබන් පෙන මෙන් මුලු දොල පාරම පෙන වලින් වැසී යනවා.

එහෙම වෙන්නේ මේ ගස සතු යම් රසායනික ගුනයක් නිසා යන්න කිව යුතුයි ..ඉතිම් කිතුල් ගල පැත්තේ එහෙම ගිය වෙලාවක කාගෙන් හරි නා හිඹුල් ගෙඩි ටිකක් හොයාඅ දෙන්න කියලා කාලම බලන්කෝ.

දේශීය වෙද කමේදී මෙම ශාකයෙහි පොතු යොදා ගන්නවා සේම කිතුල් රා මදින උදවිය මෙම ශාකයෙහි පොත්තක් තෙලිජ්ජා වලට දානවා රා පැහීම වලක් වන්න. තෙලිජ්ජ රා නොවී තියා ගත්තොත්නේ .පැණි හකුරු හදන්න පුලුවන් නේද . අන්න එහෙම පැනි හකුරු හදන්න එකතු කරන රා පැහිම වැළැක්වීමේ ශක්තියක් නා හිඹුල් පොත්තේ පවතිනවා.

උපුටා ගැනීමක්...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top