දිනපතා මෝර තෙල් ගැනීමෙන් , ශරීරයට සිදුවෙන වෙනස..
Wednesday, 19 March 2025 - 10:21 | Views - 1,327
 
ශරීර සෞඛයට හිතකර තෙල් වර්ග වලින් අප නොසිතන ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන මේ මෝර තෙල් ගැන ඔයා මීට කළින් දන්නවා වුණත් මේ දේවල් සේරම ගැන හරියටම දැන ගමු.... මේ කියන්න හදන්නේ මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි...

01.ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරයි..

වයසට යාමත් සමඟ කාන්තාවන්ගේ ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කිරීම සඳහා මෝර තෙල් ඉතාමත් ම ගුණදායක යි. විටමින් D වලින් ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරනවා. ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝග සඳහා පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් මෝර තෙල් උපකාරී වෙනවා. ක්‍රීඩා කරන පුද්ගලයන් සඳහා ද මෝර තෙල් භාවිතය යෝග්‍යයි.

02. දියවැඩියාව ඇති වීම පාලනය කරයි..

මෝර තෙල් වල ඇති විටමින් A මගින් දියවැඩියාව බොහෝ සෙයින් පාලනය වෙනවා. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කරන්න omega 3 සංගටකය වැදගත් වෙනවා. මෝර තෙල් මගින් පළමු වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානම අඩු කරනවා.

03.හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කරයි...

හෘදයාබාධ ඇති වීම අවම කිරීම සදහා මෝර තෙල්වල අඩංගු ඔමේගා 3 මේද අම්ලය උපකාරී වේ. එ වගේම, කොලෙස්ට්‍රරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීමට ද රුධිර පීඩනය අඩු කිරීමටද හැකියාව පවතී. එම නිසා, අනෙකුත් තෙල්වලට වඩා මෝර තෙල් ශරීර සෞඛයට ගුණදායකය.

04. ව්‍යායාමයකින් තොරව ඔයාගේ ශරීරයේ බර හා මහත අඩු කර ගැනීමට මෝර තෙල් උපයෝගි වෙනවා...

05. නිරෝගී පෙනුමක් ලබා දෙනවා...

මෝර තෙල් සමට ධනාත්මක බලපෑමක් ඇති කරනවා. මෝරතෙල් වල අඩංගු ඔමේගා 3 ඔබේ සම වියපත් වීමෙන් ඈත් කරනවා විතරක් නෙවෙයි, ඔබව සෞඛ්‍ය සම්පන්න, නිරෝගී පුද්ගලයෙකු බවටත් පත් කරනවා. සමේ විනාශ වුනු සෛල වලට සම ඇතුලින්ම ප්‍රතිකාර කරනවා. වයසත් සමඟ අපිට ඇතිවෙන ලෙඩ රෝග රැසකට පිළියමක් ලෙස මෝර තෙල් භාවිතයට ගත හැකියි.

06. පියයුරු පිළිකා මර්දනය කරයි...

මෝරතෙල් වල පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තියනවා. කාන්තාවට අතිශයින්ම වැදගත් තෙල් වර්ගයක් ලෙස මෝරතෙල් නම් කරනන් පුළුවන්. තවද පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා මෝර තෙල් ගුණදායකයි. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙස ද මෝර තෙල් යෝග්‍යයි. පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෝර තෙල් ඇති බව සොයාගෙන තියෙනවා.

07. අසාත්මිකතා සහ ශ්වසන රෝග අවම කරයි...

වර්තමානයේ දරුවන්ට බහුලව ඇති වන රෝග තත්ත්වයන් තමයි අසාත්මිකතා සහ ශ්වසන රෝග කියන්නේ. ඔමේගා 3 වලට අමතරව A, D සහ E යන විටමින් වලින් පිරිපුන් ස්වභාවික මෝර තෙල් කරල් අසාත්මිකතා, ඉදිමුම් වගේම ප්‍රදාහයන් වැනි තත්ත්වයන් මැඩ පැවැත්වීමට උපකාර වෙනවා . ඔමේගා 3 මේද අම්ලය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කරන අතර, එහි අඩංගු විටමින් මගින් සෛල වර්ධනයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට මනා දායකත්වයක් ලබා දෙනවා....

උපුටා ගැනීමකි.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top