වාහනවල යද්දී හිසරදය වමනය හැදෙනවා නම් , කියවන්න..
Friday, 14 March 2025 - 11:17 | Views - 366

ඔබටත් වාහනවල යනවිට හිසරදය , වමනය ඇතිවෙනවානම් මෙය කියවන්න..
මෝෂන් සික්නස් ( Motion sickness)යනු මෝටර් රථයකින්, බෝට්ටුවකින්, ගුවන් යානයකින් හෝ දුම්රියකින් ගමන් කරන විට කරකැවිල්ල , වමනය සහ තවත් රෝග ලක්ෂණ දැනිමයි.
මෝෂන් සික්නස් ( Motion sickness) ලක්ෂණ
ක්ලාන්තය
ඔක්කාරය
කටට වැඩිපුර කෙල ඉනීම
වමනය
හිසරදය
සීතල සහ සුදුමැලි වීම
දහඩිය දැමීම
මෝෂන් සික්නස් ( Motion sickness)ඔබම අඩු කරගන්නේ කෙසේද?
චලනය අඩු කරන්න - වාහනයක ඉදිරිපස වාඩි වි යන්න
කෙළින්ම ඉදිරිය බලාගෙන යන්න, දෙපැත්ත බලන්න එපා
ඉදිරියේ ඇති ඇස් මට්ටමේ දෙවල් පමනක් බලන්න
ඔබේ ඇස් වසා ගැනීමට, උත්සාහ කරන්න.
හැකි නම් නැවුම් වාතය ආශ්වාස කරන්න , උදාහරණයක් ලෙස, වාහනයේ කවුළුවක් විවෘත කිරීමෙන්..
ඔබේ හුස්ම ගැන අවධානය යොමු කරමින් ඔබේ ඇස් වසා සෙමින් හුස්ම ගන්න.
කතා කිරීමෙන්, සංගීතයට සවන් දීමෙන් හෝ ගීත ගායනා කිරීමෙන් දරුවන්ගේ අවධානය වෙනතකට යොමු කරන්න..
එක දිගට දිග ගමනක් යනවානම් අතර මැද කිහිප ස්ථානයකින් නවත්වා ,වාහනයෙන් බැස ටික වේලාවක් සිට ගමන කොටස් වලට කඩා ගන්න.
ඉඟුරු සහිත බිස්කට් , තේ පානය කරන්න.
ඉඟුරු මූල
ඔක්කාරය සඳහා බහුලව භාවිතා වන පිළියමක් වන ඉඟුරු මූල බොහෝ විට ලොසින්ජස්, තේ, බිස්කට්, ඉගුරු ටොෆි ලෙස ගත හෑක.
මේ දේවල් කරන්න එපා..
පොත් ,පත්තර කියවීම, චිත්‍රපට නැරඹීම හෝ ඉලෙක්ට්‍රොනික උපකරණ, ෆොන් භාවිතා නොකරන්න
මෝටර් රථ පසුකර යාම හෝ රළ පෙරළීම වැනි චලනය වන වස්තූන් දෙස නොබලන්න
ගමනට ටික වේලාවකට පෙර හෝ ගමන් අතරතුර බර ආහාර, කුළුබඩු සහිත ආහාර හෝ මත්පැන් පානය නොකරන්න
ආහාර ගැනිමෙදි කුඩා ප්‍රමාන වලින් ගන්න
හදිසි හෝ වේගවත් හිස හැරවිමෙන් වළකින්න, ඔබට හැකි නම්, ඔබේ ආසනය පිටුපස ඔබේ හිස තබා ගන්න හෝ ඔබේ ඇස් වසාගෙන නිදාගන්න.
මෝෂන් සික්නස් ( Motion sickness) හේතුව කුමක්ද
වාහනයක වංගු හරහා යාම හෝ බෝට්ටුවක, ගුවන් යානයක හෝ දුම්රියක ඉහළට පහළට ගමන් කිරීම වැනි ගමන් කිරීමේදී නැවත නැවත චලනයන් මෝෂන් සික්නස් ( Motion sickness)
අභ්‍යන්තර කන ඔබේ ඇස්වලින් දකින විවිධ සංඥා ඔබේ මොළයට යවයි. මෙම ව්‍යාකූල පණිවිඩ මඟින් ඔබට මෝසන් සික්නස් ( Motion sickness) ඇති විය හැකිය.
මෙම රෝගය ඔබට තිබේනම් ගමන් යාම නවත්වන්න එපා! මේ සඳහා බෙහෙත් තියෙනවා , මේ බෙහෙත් පෙති මුදලින් ඉතාමත් අඩුයි.
ගමන පටන් ගන්න මිනිත්තු තිහකට පෙර පලමු මාත්‍රාව ගන්න. ඊළඟ මාත්‍රා පැය 12 කට වරක් ගතයුතුයි.
සිනරසින් (cinaracine) නම් පැය 8 කට වරක් ගත යුතුයි.
මීට අමතරව තවත් බෙහෙත් වර්ග කිහිපයක් ඇත.
ඔබේ වෛද්‍යවරයාගෙන් බෙහෙතේ නම සහ ගත යුතු මාත්‍රාව පිලිබද දැනගන්න..
(උපුටා ගැනීමකි..)
Share This Article