අකලට හිස කෙස් වැටීම , දද කුෂ්ට මුත්‍රා ගත රෝග , දහඩිය දුර්ගන්ධය මේවා තියෙනවා නම්, මෙන්න හරිම විසඳුම..
Friday, 21 February 2025 - 10:43 | Views - 792

ප්‍රබෝධමත්ව ආරම්භ කරන අපේ දවස පටන් ගද්දිම අප්‍රසන්න කරන්න, තවත් කෙනෙක් ලඟින් හමන දහඩිය දුගඳට පුළුවන්.
දහඩිය දුර්ගන්ධය නිසා අපහසුතාවයට පත්වෙන ඔයාට ඉන් මිදෙන්න මගක් ගැන තමයි මේ විස්තරේ...
ඔයාලගෙත් කිහිලි වල අධික දහඩිය දුර්ගන්ධයක් පවතීනම්, ඉන්දියන් ඉරමුසු ටිකක් සතියකට දෙතුන් පාරක් පමණ තේ මෙන් වක්කර බොන්න..
තවද , ශරීරයේ දාහයත් මල බද්ධයත් මුත්‍රා ගත රෝගත් ලේ පිරිසිදු වීමත් තමන්ටම දින දෙකෙන් තුනෙන්ම දැක ගන්න පුළුවන්.
මෙය නම් අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි ..
එසේම, පපුවෙ මහන්සිය තියෙන අය , සෙම් රෝග තියෙන අය එහෙම සතියකට දෙවතාවක් හරි , වතාවක් හරි අර ගන්න.
හැබැයි නිතර නිතරම මේවා බොන්න එපා.
අගල් කාලක විතර කෑල්ලක් හොදට චුටි චූටි කෑලි වලට කපලා තේ කෝප්පයකට දාලා නටන උණු වතුර ටිකක් දාලා විනාඩි පහළොවක් වගේ අනිවාර්යයෙන් හොඳට තැම්බෙන්න වහලා තියලා කිතුල් හකුරු කෑල්ලක් එක්ක බොනවනම් තමයි හොඳ ප්‍රතිපල ගන්න පුළුවන් වෙන්නේ.
හැබැයි ඉතින් බොන්න අපහසුවකුත් නැති මේක රසවත් සුවඳවත් හොද පානයක්.
අකලට හිස කෙස් වැටීම් දද කුෂ්ට මුත්‍රා ගත රෝග , ලේ අපිරිසිදු වීම්, අල්ලට යටි පතුල් වලට දහඩිය දැමීම් , දණහිස් අමාරු සන්දි වේදනා මුත්‍රා දැවිල්ල මල බද්ධය ..සමේ වර්ණය අව පැහැ වීම් වගේ එකි නොකී ගොඩක් ලෙඩ රෝග නොදැනුවත්වම හොඳ වෙලා යන්නත් මේක හොඳ බෙහෙත් කිවුවොත් හරියටම හරි.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්..
Share This Article