හාතාවාරිය කියන්නේ ගුණ කදක් , මෙන්න එහෙනම් දැනගන්න..
Tuesday, 18 February 2025 - 10:08 | Views - 1,790
හාතාවාරිය කියන්නේ දිව ඔසුවක් පරයන ගුණ සමුදායක් කැටි කොට ගත් ඖෂධයක්.

එසේ ම කොළ කැඳ සාදා ගැනීමේ දී බහුල වශයෙන් භාවිත කරන කොළ වර්ගයකි. ඉතාම පෝෂ්‍යදායක ආහාරමය පානයක් වන කොළ කැඳ සාදා ගැනීමේ දී හාතාවාරිය කොළ යොදා පිළියෙළ කරගන්නා කැඳ ඉතා රසවත් ය.

එසේම හාතාවරිය කොළකැඳ සිරුරට ඉතාම ගුණදායක ය.

අපේ රටේ වැඩිපුරම ප්‍රයෝජනයට ගන්නේ හාතාවාරිය කොළ වුණත් හාතාවාරිය මුල් ද නිරන්තරයෙන් කෑමට ගත යුතුය.

ආයුර්වේදයට අනුව අපේ සිරුරේ බොහෝ පද්ධතීන් හොඳින් ක්‍රියාත්මක වීමට පෝෂණය කිරීමට හාතාවාරියවල පෝෂණ ගුණය ඔසු ගුණය උපකාරී වෙයි.

ආයුර්වේදයේ දක්වන ආකාරයට හාතාවාරිය වාතය, පිත සමනය කරයි. එසේම බඩගින්න නැතිකරන අතර සිරුර පෘෂ්ටිමත් කිරීම සිදු කරයි. කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීමට කිරි දෙන කාන්තාවන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට,කාන්තා හෝර්මෝන සමතුලිත කිරීමට,පිරිමි ප්‍රජනන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක කිරීමට, ජීර්ණ පද්ධතිය නීරෝගිව පවත්වා ගැනීමට,ස්වසන පද්ධතියේ තෙතමනය රැක ගැනීමට ,ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීමට,ප්‍රතිඔක්සිකාරකවලින් පිළිකා ආදී බෝනොවන රෝගවලින් සිරුර ආරක්ෂා කරගැනීමට හාතාවාරිය ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

හාතාවාරිය කොළ කැඳ වලින් කැඳ පිළියෙල කිරීමට ගෘහණියන් නිතර උනන්දුවක් දක්වනවා.

හාතාවාරිය කොළ යුෂ සමග පිසගත් හිනටිහාල් කැඳ (ලුණු නැතිව) ගිතෙල් හා පානය කිරිම නේත්‍ර රෝගවලට ගුණදායකය.

හාතාවාරිය කොළ කැඳ පිත් සමනය කරයි.

වාත නාශකයි.

ශරීරයේ දැවිල්ල නැති කරයි.

අධික ඔසප් වීමට ගුණදායකය.

එසේම හොඳ ශක්ති ජනක පානයක් ලෙස ද සැලකේ.

හාතාවාරිය රතුලූණු, ගොටුකොළ කැඳ පිස කිතුල් හකුරු සමඟ දීම රත් පිතට ඉතා ගුණදායකය.

හාතාවාරිය කරපිංචා කොළපොතු කොටා මිරිකා යුෂ ගෙන පොල් කිරි දමා තණ හාල් දමා කැඳ පිස බීමට දීම (ලුණු නොදමා) සියලු සර්ප විෂ ට ගුණ දෙන බව ආයුර්වේදයේ දක්වා ඇත.

හාතාවාරිය රුව රැක ගැනීමටද භාවිතා කල හැකි ඖෂධයකි.

හාතාවාරිය කුඩු මේස හැඳි 1 ක්, වදමල් කුඩු මේස හැඳි 1 ක්, රෝස වතුර තේ හැඳි 1 ක්, මී පැණි සමඟ මිශ්‍ර කර මුහුණේ ගල්වා මිනිත්තු 15 කට පසු සෝදා හැරීමෙන් තරුණ පෙනුම රැක ගත හැකි වේ.

බොහෝ අතු බෙදුණු විහිදී වැඩෙන ආරෝහකයක් හෙවත් වැලකි.

පත්‍ර සහ කඳ කොළ පැහැතිය.

කටු සහිතය. මුල් නාලාකාර ලෙස වර්ධනය වේ.

අල සුදු පැහැතිය. කුඩාය. සුවඳවත්ය. මහා හාතවාරිය හින් හාතාවාරිය සහ කටු රහිත හාතාවාරිය ලෙස ප්‍රභේද තුනකින් යුක්ත මෙම ඔසු පැළෑටිය රසොන කුලයට අයත්වේ.

ලංකාවේ පහතරට වියළි කලාපයේ මැද රට හා කදු ආශිතව සුලභව දක්නට ලැබෙන මෙහි අල ඖෂධ නිෂ්පාදනයටත් ,පත්‍ර කොළ කැඳ පිසීමටත් භාවිතා කරන අතර උද්‍යාන අලංකාරය සදහාද යොදාගනි. බොහෝ සෙයින් අතු බෙදී වැවෙන මෙම ශාකයේ පත්‍ර ඉතා පටු වන අතර තද කොළ පැහැයෙන් යුක්තවේ.

සුදු පැහැති කුඩා මල් විශේෂයක්ද දක්නට ලැබෙන අතර මිහිරි සුවදකින් යුක්ත වේ.

හාතාවාරියා බිජවලින් පැළ ලබාගත හැකි අතරම උත්සව අවස්ථාවලදි සැරසිලි පිණිස ද මේවායේ අතු උප‍යොගී කරගනු ලැබේ.

හාතවාරිය අලවල ප්‍රධාන වශයෙන් පිෂ්ටය, සිනි සහ ශක්තිජනක රසායන ද්‍රවය රැසක් අඩංගු වේ. ශරිර ශක්තිය ඇති කරයි.

රුධිරයේ ආම්ලික බව නැතිකර පිරිසිදු කරයි.

සන්ධි ඉදුමුම හෘදය රාග ස්නායු ආබාධ සහ මුත්‍රා ආබාධ ඇති රොගීන්හට පිළියෙල කිරිම සදහා අල, කොල සහ සම්පුර්ණ ශාකයම යොදා ගන්නා අතර ආහාරයක් ලෙස කොළ කැද වර්ග සැදිමට යොදා ගනී. හාතවාරිය අල තම්බා නාරටි හැර ඊට සිනි එකතුකර ගත්විට තරුණ බව රැක ගැනිමට ඉතා ප්‍රත්‍යක්ෂ ජනක ආහාරයකි.

ජලය නොරඳන වැලි හෝ මෘදු ලොම් හියුමස් මිශ්‍ර පසේ අඩි 3/3 පරතරය ඇති පේළි අතරින් සිටුවිය හැකියි.

බීජ තවන් දමා ලබා ගත් පැළ සති 6-8 ක කාලයකදී ගලවා සිටුවිය යුතුය. ගෙවත්තේ හෝ මිදුලේ හෝ විසිතුරු ආරුක්කුවක් ආකාරයට ද වගා කළ හැකිය.

වැටකට හෝ අතු රිකිලි ආධාර කරගෙන මල් බඳුනක වුව ද වගා කළ හැකිය.

හිටුවූ මුල් කාලයේදී ජලය යෙදීම අත්‍යවශ්‍ය වේ.

වගා කර මාස 9ත් හෝ 12 ත් අතර කාලයක් ගත වූ මල් පිපුණ වැල් මැරී යයි.

මැරී යන වැලෙන් අල ගලවා ඉවත් කර අව්වේ වියලා ගත යුතුයි. වගා කර මාස 3ත් 6ත් අතර කාලයක් ගත වූ පසු සෑම සති දෙකකට වරක් ළපටි කොළ පැහැ කඳ කපා වෙළඳ පොළට යැවිය හැකිය.

හීන් හාතවාරිය අල මෙරටට ඉන්දියාවෙන් ආනයනය කරන බැවින් මේ හරහා ආදායමක් ඉපයීමට මෙන්ම විදේශ විනිමයක් ද ඉතිරි කර ගත හැකිය.

උපුටා ගැනීමකි..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top