පිරිමින් මුහුණදෙන ලොකුම ගැටළුවට පිළියම් මෙන්න
Thursday, 13 February 2025 - 13:07 | Views - 1,819

පිරිමින් මුහුණ දෙන ලොකුම ගැටලුවක් හැටියට ලිංගික අප්‍රාණිකත්වය දක්වන්න හැකියි.

විවිධ පෙති, කරල්, එන්නත් ගැන මෙන්ම ව්‍යාජ ඖෂධ ගැනත් මෙහිදි කතාබහට ලක් වෙනවා. පෙත්ත වැරදුණොත් ලොකු අමාරුවක වැටෙන්නටත් හේතු වන මේ කෘත්‍රිම බේත්වලට වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙන ස්වභාවික උත්තේජකයක් ලෙස දැන් කෝමාරිකා ගැන නවතම අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා.

කෝමාරිකා ජෙල් තුළ ඇති විවිධ පෝෂණ සංයෝගයන් මේ සඳහා ආධාර වන බවයි එයින් කියැවෙන්නේ. රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් ලෙසත් ලොව පුරා භාවිත වන කෝමාරිකා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සඳහාත් නැතිවම බැරි ඖෂධයක්.

කෝමාරිකා තුළ අන්තර්ගත වන කාබනික ජර්මේනියම් සංයෝගය මගින් මිනිසාගේ රුධිර පීඩනය ස්වභාවිකවම නියාමනය කරන බවයි නව අධ්‍යයන මගින් තහවුරු කර ඇත්තේ.

මේ නිසා ව්‍යාග්‍රා පෙත්තේ ක්‍රියාකාරිත්වයම වඩාත් ආරක්ෂිතව කෝමාරිකා මගින් ලබා දෙන බවයි එයින් කියන්නේ. කාබනික ජර්මේනියම් සංයෝගය හතු, සුදුළුනු වැනි ආහාර තුළත් අඩංගු වනවා.

කෝමාරිකා තුළ අන්තර්ගත වන තවත් එක් සංයෝගයක් වන “isocitrate calcium salts” මගිනුත් ශරීරයේ අවයව කෙරිහි සිදුවන රුධිර සංසරණය නිසි ලෙස නියාමනය කරනු ලබනවා.

එසේම කෝමාරිකා මගින් ශරීරයේ “LDL” කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සහ “HDL” හෙවත් හොඳ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමද සිදු කරනවා. මේ නිසා රුධීර සංසරණය කාර්යක්ෂම වෙනවා. අප්‍රාණීකත්වයට ප්‍රධාන හේතුව නිසි රුධිර සැපයුමක් නොලැබීමයි. මේ හේතුව නැති කරන නිසා කෝමාරිකා හොඳ වාජීකරණයක් ලෙස ක්‍රියා කරන බවයි අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ.

කිරීටක ධමනිවල රෝග ඇති පුද්ගලයන්ගේ හදවතේ ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් නොමැතිවීම නිසා ඇති වන වම් පස පපුවේ සහ බාහුවේ වේදනාව නැත්නම් “Angina” රෝගී තත්ත්වයට කෝමාරිකා තුළ අධික ලෙස අඩංගු වන ෆෝලික් අම්ලය, මැග්නීසියම් සහ විටමින් E නිසා සහනයක් සපයා ගන්නටත් පුළුවන්.

කෝමාරිකා මගින් හදවත් රෝග නිවාරණය කිරීම, රුධිර සැපයුම වර්ධනය කිරීම සහ සමස්ත රුධිර සංසරණ පද්ධතියම සුවදායකව පවත්වා ගැනීම නිසා කෝමාරිකා ලිංගාශ්‍රිත රුධිර සංසරණයත් මනාව පාලනයට සමත්කම් දක්වනවා.

මේ නිසයි පිරිමි පුද්ගලයන් හට කෝමාරිකා ජෙල් ආහාරයට ගැනීම මගින් තම පුරැෂ ශක්තිය වර්ධනය කර ගත හැකි බවට කරුණු ඉදිරිපත්ව ඇත්තේ. නමුත් හිතුමතේ කෝමාරිකා එකදිගට ගිල දැමීම පිලියමක් වන්නේ නෑ. මීට අමතරව යෝනියේ ලිහිස්සි ශ්‍රාවයන් නිසි ලෙස නිෂ්පාදනය නොවන කාන්තාවන් සඳහා ස්වභාවික ලිහිස්සි ද්‍රාවණයක් ලෙසත් කෝමාරිකා භාවිත කරන්නටත් හැකියි. මේ සියල්ල වෛද්‍ය උපදේශ මත කළ යුතුයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top