නින්දට යන්නේ ෆෝන් එක බලලා ද ? රාත්‍රී නින්දට පෙර දුරකථනය භාවිතයෙන් වෙන හානිය අවදානම ගැන දන්නවා ද?
Tuesday, 11 February 2025 - 10:42 | Views - 349
ජංගම දුරකථනය, අද ගොඩක් දෙනෙක්ට නැතුවම බැරි අංගයක් වෙලා.. 

මේ කියන්න යන්නේ අන්න ඒ නිසා ඔබට අත්වන තවත් අයහපත් ප්‍රතිඵලයක් ගැන , 

රාත්‍රී කාලේ ෆෝන් භාවිත කිරීමේදී ගොඩක් දෙනා හිතන්නේ ඒවායේ ඇති විකිරණ සහිත ස්වාභාවය පමණක් අපට අනතුරුදායකයි කියලා නේ.. ඒත් ඔබ හිතනවාට වඩා වෙනස් හේතු නිසාත් ඔබට ජංගම දුරකතන භාවිතය ඔබට නරක ප්‍රතිඵල අත්කර දෙන්න හේතුවක් වෙන්න පුළුවන්.. නමුත් ඔවුන් වැරදියි... වඩා අනතුරුදායක වන්නේ ජංගම දුරකතනවල තිරයෙන් පිටවන Blue Light නැතිනම් නිල් ආලෝකයයි.. රෑ කාලේ ලැබෙන මේ නිල් ආලෝකය නිසා අපේ නින්ද අවුල් වෙනවා.. එයින් මාරක ලෙඩ රැසක්ම හදන්න හේතු වෙනවා..

මේ Blue Light කියන දේ අපිට සූර්යයාගෙන් දවල් කාලයේ ලැබෙනවා.. නමුත් දවල් කාලයේදී එය ඇස්වලට හානියක් කරන්නේ නෑ.. නමුත් රාත්‍රී කාලයේදී එක එල්ලේ ජංගම දුරකතනය දෙස බලා සිටින්නන්ට නම් මෙම නිල් ආලෝකය මගින් සිදුකරන හානිය ප්‍රබලයි.. නිල් ආලෝකය මගින් අපේ ශරීරයේ ඇති මෙලටෝනින් කියන හෝර්මෝනය නිපදවීමට බාධා කරනවා.. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුර ශාන්ත බවට පත් කරන්නේ.. නින්ද විශ්‍රාමය ලබා දෙන්නේ. මෙලටොනික්වලට අහිතකර මෙම නිල් ආලෝකය මගින් මිනිස් සිරුරට වෙන හානිය ගැන දැන් අපි වෙන වෙනම සලකා බලමු..

ඇසට බරපතළ හානි:-

රාත්‍රී කාලයේ නිදාගැනීමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇසට එක එල්ලේ ගලා එන නිල් ආලෝකය මගින් ඇසේ දෘෂ්ටි විතානයට, කහ බින්දුවට දැඩි ලෙස හානි වෙනවා.. විශේෂයෙන්ම කහ බින්දුව පරිහානියට පත්වීම නිසා ඔබ ඉදිරියේ තිබෙන රූප ඇසට නාභි ගතකරගෙන බැලීමට අපහසු වෙන්න පටන් ගන්නවා.. ජංගම දුරකතන තිර දෙස මෙන්ම පරිගණක තිර දෙස දිවා රාත්‍රී බලා සියින්නන්ට ඔවුන් ඉදිරියේ තිබෙන රූප බොද වී පෙන්න ගන්නේ මේ හේතුව නිසයි.. ඒ වගේම වයස්ගත වීමටත් පෙර ඉක්මණින්ම ඇසේ සුද මතු වීමේ අවදානමකුත් ඇති වෙනවා..

නින්ද නොයාමේ ගැටලු:-

මුලින් කිව්වා වගේ මෙලටෝනින් කියන අපේ සිරුර ශාන්තබවට පත්කරන හොර්මෝන ක්‍රියාකාරීත්වය නිල් ආලෝකය නිසා සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා.. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුරේ Rest Cycle නැත්නම් විවේක චක්‍රය නිසි පරිදි පවත්වා ගන්නේ.. මෙම හොර්මෝනය අඩපණ වීමෙන් නිදාගන්න වේලාව මොකක්ද වැඩ කරන වෙලාව මොකක්ද කියන එක සිරුරට අඳුනගන්න බැරි වෙලා යනවා.. ඒ නිසා නින්ද නොයාමේ ගැටලු ඇති වෙනවා.. මෙම විවේක චක්‍රය අක්‍රමවත් වීම නිසා ඇති වන අනෙකුත් හානි තමයි මේ...

හදවත් රෝග,ප්‍රතිචාර දැක්වීමේ පමාව,කෙටි අමතකවීම්මා,නසික ආතතිය,සම ඉක්මණින් වයසට යාම,ශරීර බර වැඩි වීම,පිළිකා ඇති වීමේ අවදානමක්

රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇති වෙන තවත් සෞඛ්‍ය හානියක් ලෙස පිළිකා ඇති වීමේ අවදානමට ගොදුරු වීම හඳුන්වාදෙන්න පුළුවන්... නිල් ආලෝකය නිසා සිරුර තුළ නිපදවීම සීමා කෙරෙන මෙලටෝනින් හොමෝර්නය සතුව පිළිකා අවදානමට එරෙහිව සටන් කිරීමේ හොඳ හැකියාවක් තියෙනවා..

එය අහිමි වීමෙන් අපිව නිබදවම පිළිකාවලට ගොදුරු වීමේ හානිය වැඩියි...
ඔබ දැනගත යුතු තවත් තියනවා.. මේ රාත්‍රී කාලයේදී මිනිස් ඇසට හා සිරුරට හානි කරන නිල් ආලෝකයට අපි ගොදුරු වන්නේ ජංගම දුරකතනවලින්ම පමණක් නෙවෙයි.. පරිගණක තිර හා රූපවාහිනි තිරවලින්ද මේ විදිහටම නිල් ආලෝකය අපේ ඇස්වලට වැටෙනවා.. ජංගම දුරකතනවල මේ නිල් ආලෝක ධාරාවලින් රාත්‍රී කාලයේදී අපේ ඇස් පරිස්සම් කර ගන්න නම්, මූලිකවම ඉතින් කළ යුතු දේ වන්නේ ජංගම දුරකතන භාවිතය අඩු කිරීමයි.. එය ඔබේ සෞඛ්‍ය තත්වය වඩා යහපත් කරගැනීමටද හේතුවක් වෙනවා...

අන්තර්ජාලය ඇසුරෙන්..  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top