බර අඩු කරන , විශේෂ උලු හාල් පානය ගැන දන්නවා ද?
Sunday, 09 February 2025 - 11:26 | Views - 1,811
මුලුතැන්ගෙයක අනිවාර්‍ය කුළු බඩුවක්නෙ උලු හාල් කියන්නේ.ආහාර රස කාරකයක් මෙන්ම වටිනා ඖෂධයක් ලෙස අතීතයේ ඉඳලම උලු හාල් භාවිතා කරලා තියෙනවා.ඉතිං අද අපි කියලා දෙන්නේ මේ ඖෂධ ගුණ රැසක් තියෙන උලු හාල් භාවිතා කරලා කොහොමද ශරීරයේ බර අඩු කර ගන්නෙ කියලා.

උලු හාල් සතු පෝෂණ සංඝටක මොනවද කියලා අපි මුලින්ම විමසා බලමූ.

විටමින් C
යකඩ
කැල්සියම්
සින්ක්
කොපර්
ඛනිජ වර්ග
තයෝමීන්
ෆෝලික් අම්ලය
උලු හාල් සතු විශ්මිත ගුණ

ඉහතින් සදහන් කළ පෝෂණ සංඝටක උලු හාල් සතු වන නිසාම ගුණ රැසක් මෙහි පවතිනවා.ඒවා නම්,

තරබාරුව පාලනය කිරීම සහ ශරීරයේ බර අඩු කිරීම
දියවැඩියාව පාලනය කිරීමට
හිසකෙස් වල හිස්සොරි නැති කිරීමට
සිරුරේ ප්‍රදාහ තත්ත්වයන් බැහැරකර සන්ධි වේදනා මැඩ පැවැත්වීමට
මෙහි ඇති වස විස ඉවත් කිරීමේ ශක්තිය නිසා බඩවැල් පිළිකා සෑදීම වැළකීමට
ෆෝලික් අම්ලය නිසා උළුහාල් කිරි දෙන මවුවරුන්ටත් ඉතා ගුණදායකයි .
අළුත් මවකට පහසුවෙන් කිරි එරෙන අතර, දරු උපතින් ඇතිවන වේදනා තත්ත්වයන් ඉක්මනින් දුරුකිරීමට සමත් වීම.
දරු උපත් පමාවන අයට ගර්භාෂගත රෝග දුරු කරමින් දරු සම්පත් ලබාගැන්මට උපකාරිවීම.
මොළය නිරෝගි කරමින් බුද්ධිය හා කල්පනා ශක්තිය වර්ධනය කරීමට
චර්ම රෝග බැහැරකර, සම පැහැපත් කිරීමට
උළුහාල්වලින් ඇතිවන නිරෝගීවීම් හරහා තරුණ පෙනුමක් ලැබීමත්, තරුණ ජවයක් ලැබීමට උපකාරී වෙයි.

උලු හාල්වලින් කොහොමද ශරීරයේ බර අඩු කරන්නේ?

අපි මුලින්ම කීවානේ උලු හාල්වල බොහොමයක් ඖෂධ ගුණ තියෙනවා කියලා.ඒ අතර තියෙන එක් ගුණාංගයක් තමයි මේ ශරීරයේ බර අවම කිරීම කියන කාරණය.

ඒක සිදු වෙන්නෙ මෙහෙමයි.උලු හාල්වලට පුලුවන් අපේ ශරීරයේ පවතින මේද අම්ල ශරීරයට උරා ගැනීම අවම කරන්න.ඒ වගේම රුධිරයේ පවතින මේදය දහනය කිරීමේ හැකියාවත් මේ උලු හාල් සතුවනවා.ඒ වගේම තමයි රුධිර නාල වල තැම්පත් මේදය දහනය කිරීමටත් මේ උලු හාල් සතු විශ්මිත ගුණයක්.

එමෙන්ම උලු හාල් කෙදි සහිත ආහාරයක් නිසා අග්න්‍යාශයේ ආහාර ජීරක එන්සයිම හොදින් ක්‍රියාත්මක කර ආහාර ජීරණය වේගවත් කරනවා

දැන් අපි බලමු කොහොමද උලු හාල් පානයක් නිවසේදීම සකසා ගන්නේ කියලා.

ඇගේ බර අඩු කරන උලු හාල් පානය
අවශ්‍ය ද්‍රව්‍ය

අබරා ගත් උලු හාල් මේස හැදි 2ක්
ඉගුරු ස්වල්පයක්
ලෙමන් ගෙඩි භාගයක යුෂ
මී පැණි තේ හැදි 1ක්
උණු වතුර
සකසා ගන්නා ආකාරය

අබරා ගත් උලු හාල් සහ ඉගුරු භාජනයකට දමා එයට සරිලන පරිදි උණු වතුර එක් කරන්න.

පසුව එයට මී පැණි එක් කරන්න

පැය භාගයක් පමණ හොදින් තැම්බෙන්න හැර පසුව එයට ලෙමන් යුෂ එක් කර පානය කරන්න.

උදෑසනට පානය කිරීම වඩාත් සුදුසු වනවා.

එමෙන්ම ශරීරයේ බර පාලනය කිරීමට මෙම උලු හාල් ආහාරයක් වශයෙන් ද එක් කර ගත හැකියි.
ආහරයට ගන්නා ආකාරය-

මඳක් රත්කළ උළුහාල් කුඩුකර මීපැණියෙන් අනා කෑම.

එමෙන්ම උළුහාල් හොදින්, තම්බා පෙරා, මීපැණි සමග පානය කිරීමත් ශරීරයේ බර පාලනයට ඉතාම සුදුසුයි.


විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු
ගර්භණි හෝ වකුගඩු රෝගීන් මෙන්ම වෙනත් තදබල රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතා කිරීම සුදුසු නොවේ

සාමාන්‍ය පුද්ගලයින් මෙම පානය භාවිතා කිරීමේදී සතියක් හැර සතියක් වශයෙන් භාවිතා කිරීම වඩාත් සුදුසුයි

මෙලෙස විශ්මිත ගුණ රැසක් තිබෙන උලු හාල් ඔබත් ඔබගේ එදිනෙදා පානයක් ලෙස හෝ ආහාරයක් ලෙස එක් කර ගෙන නිරෝගී සුන්දර සිරුරකට හිමි කම් කියන්න 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top