ප්‍රෙෂර් බෙහෙත් හරියට නොබොන අය අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියක්..
Thursday, 30 January 2025 - 12:19 | Views - 2,454

ප්‍රෙෂර් බෙහෙත් හරියට නොබොන අය මෙය අනිවාර්යයෙන්ම කියවන්න

බ්ලඞ් ප්‍රෙෂර් කිව්වම කෙනෙක් ඒක එතරම් ගණන් ගන්නෙ නෑ.. බෙහෙතක් ගන්නෙම නෑ.. එහෙම නැත්නම් කාලයක් යන කොට බොන බෙහෙත් ටික අත්හරිනවා.. ඒකෙ ඵලවිපාක ගැන ඔබ බොහෝ කතා අහල ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන වෛද්‍යවරයෙක් කී කතාවක්..

එඕටික් ඩිෂෙක්සන් එහෙම නැත්නම්, ඩිෂෙක්ටින් ඇනියුරිසම් කියන්නෙ මේ පාලනය නොකළ පෙෂර් රෝගීන්ට ඇතිවෙන හදිසි තත්ත්වයක්..

“එඕටික් ඩිෂෙක්සන් නමැති හදිසි තත්ත්වය ඇති වෙන්න මූලික වන්නේ මහා ධමනියේ අභ්‍යන්තර ආස්තරණයේ ඇති දුර්වලතාවයක් හා පාලනය නොකල අධික රුධිර පීඩනය. මහා ධමනිය සහමුලින්ම තීරු වලට ඉරිල අධික අභ්‍යන්තර රුධිරවහනයකින් රෝගියා ජීවිතක්ෂයට පත් වෙනවා. එහෙම නැත්නම් මොළයට හා අනෙකුත් ශරීරයේ අභ්‍යන්තර අවයවවලට හා අත්පාවලට රුධිර සැපයුම අඩාල වීමෙනුත් රෝගියා මිය යන්න පුළුවන්.

මීට කලකට පෙර මේ රෝගී තත්ත්වය ඉතා කලාතුරකින් සිදුවුවත්, අද දවසේ මෙම රෝගීන් වැඩි වීමේ පැහැදිලි ප්‍රවණතාවක් තිබෙනවා. ඖෂධ මිල අධික නිසා රුධිර පීඩනය සඳහා භාවිතා කරන්න රෝගීන් මැලිකමක් දක්වනවාද? එහෙම නැත්නම් අධික ආතතිය නිසා රුධිර පීඩනය අධික වීමෙන් එසේ සිදුවනවාද යන්න ගැටලු‍වක්.

කෙසේ නමුත් ඉක්මණින් රෝගය හඳුනාගෙන වහ වහා ප්‍රතිකාර කළොත් රෝගීන් යම් ප්‍රතිශතයක් මරණයෙන් ගලවා ගත හැකි වනවා. ඒ සදහා අවශ්‍ය ශල්‍ය උපකරණ වල මිල ඉතා අධිකයි. ඒ නිසා මේ සඳහා රජයට මිලියන කීපයක අධික වියදමක් දැරීමට සිදුවේ.

එම නිසා තම තමන්ගෙ රුධිර පීඩනය නියමාකාරයෙන් කෙසේ හෝ පාලනය කරගත යුතු අතර, ආතතිය හා ක්ෂණිකව කෝප වීම පාලනය කර ගැනීම ඉතා වැදගත්ය.
මේ නිසා පසුසටහන විදිහට සිහිපත් කරන්නම් ප්‍රෙෂර් එක තියෙද්දි ඒකට බෙහෙත් නොබී ඉන්නව කියන්නෙ ජීවිතය පරදුවට තැබීමක්. ජීවිතයත් එක්ක සූදු කෙළියක යෙදීමක්. ඔය හදිසි කෝපය, ඉවසීමක් නැතිකමත් මේ විදිහේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන ඇබැද්දිවලට හේතු වෙන්න පුළුවන්.

ප්‍රෙෂර් එක තියෙනවා නම් ඊට නියමිත බෙහෙත් නොවරදවා බොන්න. සංයමයෙන්, ශික්ෂණයෙන් යුතු ජීවිතයක් ගත කරන්න."

මුහුණු පොත ඇසුරෙන්.. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top